තවත්

    පාස්කු දෙවැනි ප්‍රහාරයකට සූදානම් වූ බෝම්බකාරිය පණපිටින්

    0

    ඇය ඉන්දියාවට පලාගියේ යැයි සැක

    පාස්කු ඉරිදා ඒල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අම්පාර සහරාන්ගේ සහෝදරයා සමග අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරුමකින් මියගිය 15 දෙනා අතර සිටියේ යැයි සදහන් වූ කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ බිරිද මේ වනවිට ජීවතුන් අතර සිටින බවට හෙළිව තිබේ.

    සාරා නමැති මෙම කාන්තාව ඒම බෝම්බ පිපිරුමින් මියගිය බව පොලීසිය අධිකරණයට ද කරුණු වාර්තා කර තිබුණි. එහෙත් ඇය මියගොස් නැති බව සනාථ වන්නේ පාස්කු ප්‍රහාරයන් වසරකට පසුවය.

    ඇය හොර රහසේ ඉන්දියාවට පලාගොස් ඇති බවට සැකයක් ද මේ වනවිට හටගෙන ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙන්ම රාජ්‍ය බුද්ධි සේවය මේ වනවිට ඒ් සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

    සයින්දමර්දු පිපිරුමෙන් සාරා නමැති මෙම කාන්තාව මරුමුවට පත්ව නැතැයි නිශ්චිත ලෙසම තහවුරු වන්නේ ඒම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඩීඒන්ඒ් පරීක්ෂාවෙනි.

    සහරාන්ගේ පවුලේ අයගේ සහ මියගිය අය කිසිවකු අතර එම ඩීඒන්ඒ් ගැළපීමක් නොවීම හේතුවෙන් මේ බව හෙළිවී ඇත.

    සයින්දමර්දු මරාගෙන මැරෙන බෝම්බ පිපිරුමෙන් දිවි ගැලවුණේ දෙදෙනකුගේ පමණි.

    ඒ් සහරාන්ගේ බිරිද සහ දියණියයි. සහරාන්ගේ බිරිද මුල් අවස්ථාවේ ප්‍රශ්න කිරීම්වලදී සදහන් කර තිබුණේ සාරා ද අවසාන මොහොත දක්වාම පිපිරුම සිදුවූ නිවසේ රැදී සිටිය බවය.

    ඒ් අනුව ඇය ද මියගොස් සිටි පිරිසගේ නම් ලැයිස්තුවට පොලීසිය විසින් ඇතුළත් කර ඇති බව මේ වනවිට පෙනී යමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    සාරා දෙමළ ජාතික තරුණියක් වන අතර කටුවාපිටිය බෝම්බකරු වූ හස්තුන්ගේ බිරිද වූ පසුව ඇය ඉස්ලාම් ආගමට හැරී තිබේ.

    සයින්දමර්දු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පසුගිය වසරේ අප්‍රේල් 26 වැනිදා සිදුවිය. එම ස්ථානයේ සිටි සාරා සූදානම්ව සිට තිබුණේ පාස්කු බෝම්බ මාලාවෙන් පසු දෙවැනි ප්‍රහාරයක් දියත් කිරීම සදහා ය

    හරීන්ට-වඩිවෙල්ට වත්කම් පරිහරණයක් වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

    0

    ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මුදල් සහ වත්කම් පරිහරණය කිරීම වළක්වමින් අධිකරණය මගින් හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ එම වෘත්තීයේ සමිතියේ සාමාජිකයන් දෙදෙනකු විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

    ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හරීන් ප්‍රනාන්දු මහතා ය. එහි ලේකම්වරයා ලෙස වඩිවේල් සුරේෂ් මහතා කටයුතු කරමින් සිටී.

    ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරයි.

    0

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස හා ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් හතක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළහ.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

    සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, නීතීඥ චරිත ගුණරත්න, රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන් මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් මෙසේ නිශ්ප්‍රභ කෙරිණි.

    ජාතික වැදගත්කම සලකා පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා තීරණය කළේ ඉකුත් මැයි 14 වැනිදාය.

    පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම , සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් ,ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටියහ.

    ජුනි මස 20 වැනිදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකිරීම මෙම පෙත්සම්වලින් දක්වා තිබිණි.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව, නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි , අචාර්ය ගුණදාස අමරසේකර , නීතීඥ ප්‍රේම්නාත් සී.දොළවත්ත , මහාචාර්ය සුදන්ත ලියනගේ , සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු පිරිසක්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

    මෙම පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා තුනක් ගොනු කළ අතර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත් , එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත් පෙන්වා දුන්නේය.

    මාළිගාවත්ත ලක්සෙත සෙවන ඝාතන තැතේ සැකකරුවෙකු අත්අඩංගුවට

    0
    Rubber stamp with word suspect inside, vector illustration

    මාළිගාවත්ත ලක්සෙත සෙවන තට්ටු නිවාස සංකීර්ණයේදී පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකුගේ හිසට වෙඩි තබා තුවාල කළ පාතාලයට සම්බන්ධ අයෙක් කොටහේනේ අවන්හලකදී වෙඩි තැබීමට යොදා ගත් 0.38 වර්ගයේ ගිනි අවියද සමග පෙරේදා (01) රාත්‍රිෙය්දී විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ නගරයේ කැළි කසල ඉවත් කිරීමේ කටයුතු වල නිරත පුද්ගලික සමාගමක සේවක‍යෙක් වන සැකකරු සූදානම්ව සිට ඇත්තේ මන්නාරමට පළායාමට බවද අනාවරණය වී ඇත. මාළිගාවත්ත මැල්වත්තේ පදිංචිකරුවෙක් වන සැකකරු විවහා වී සිටින්නේ මන්නාරමේ කාන්තාවක් සමග බවද අනාවරණය වී තිබේ.

    මෙම පුද්ගලයා මාළිගාවත්තේ ක්‍රියාත්මක වූ මුස්ලිම් පාතාලයේ කල්ලි නායකයෙක් වන මාමා අස්මීගේ ගෝලයෙක් බවද අනාවරණය වී ඇත. සහෝදර සහෝදරියන් 06 දෙනෙක් ඔහුට සිටින අතර එක් සහෝදරයෙක් මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ඒ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනයට උත්සහ දැරීමකට සැකපිටය. ඔහු වෙඩි තබා ඝාතනය කරන්නට උත්සහා දරා ඇත්තේ ඉකුත් 29 වෙනිදා ලක්සෙත තට්ටු නිවාස සංකීර්ණයේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාටමය. එම පුද්ගලයාට මෙයට වසරකට පෙර වෙඩි මාළිගාවත්තේදී වෙඩි තබා ඇති අතර වෙඩික්කරු සමග යතුරු පැදිය පදවා ඇත්තේ ඔහුගේ සහෝදරයා බව පොලීසිය සදහන් කරයි.

    ලක්සෙත නිවාස සංකීර්ණයේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තමාට නිතරම පහරදෙන බවත් 29 වෙනිදාද තමාට පහරදුන් බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් වලදී සදහන් කර තිබේ. දිගින් දිගටම තමාට ඔහු පහරදෙන බැවින් නිවසේ වහලයේ සගවා තිබුණු ගිනි අවිය රැගෙනගොස් නිවාස සංකීරණයේ 10 වැනි මහලේ නිවසක රැදී සිටි ඔහුට වෙඩි තැබූ බව ද සැකකරු සදහන් කර ඇත.

    වෙඩි තැබීමෙන් පසු ගෙවී ගිය දින කිහිපය තුළ ඔහු සේවයේ නිරත ආයතනයේ නිල ඇදුමින් සැරසී කොළඹ නගරයේ තැන තැන සැගවී සිට ඇති බවද පොලීසිය කියයි.

    සැකකරුව රදවාගෙන වැඩිදුරබ විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

    පාතාලය අඩපන කිරීමට ජනපති නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්

    0

    සංවිධානාත්මක අපරාධ මර්දනය කරමින් පාතාල කටයුතු අඩපන කිරීමට ජනපති නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ස්ථාපිත කර තිබේ.

    බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධික්ෂණය යටතේ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නායකත්වයෙන් එම පොලිස් කණ්ඩායම ක්‍රියාත්මකවේ.

    එම කණ්ඩායමට තෝරාගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කරනු ලබන පාතාල අපරාධ මර්දනයේ දක්ෂතා දක්වා ඇති නිලධාරීන් කණ්ඩායමකි. එම කණ්ඩායමට විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලදාරීන්ද ඇතුලත්වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම කණ්ඩායම ක්‍රියාත්මක වන්නෙ සියළු බල තල සහිතවය. වැඩ බලන පොලිස්පති සී.ඩී, වික්‍රමරත්න මහතාද එම කණ්ඩායමට අවශ්‍ය සියළු පහසුකම්ද සපයාදීමට පියවර ගෙන තිබේ.

    මද්දකට අසුව මියගිය කොටි සිරුරක් හප්පිටියෙන් හමුවෙයි

    0

    නෙළුව හප්පිටිය ගමේ කජු වත්තක දමා තිබු මද්දකට අසුවී මියගොස් සිටි කොටියෙකුගේ සිරුර අද (02) දින සොයාගෙන තිබේ.

    වන සංරක්ෂණ නිලධාරින් ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියදී කැලෑවෙන් පැමිණි දුගදක් පිළිබද විපරම් කර බැලීමේදී මෙම කොටියාගේ සිරුර හමුවී ඇත.
    අඩි හයක් පමණ දිගැති මෙම කොටියා මෙයට දින තුනකට පමණ පෙර ගෝනුන් ඉලක්ක කොට ඇටවූ කම්බි මද්දකට අසුව මියැදෙන්නට ඇතැයි වන සංරක්ෂණ නිලධාරින් විශ්වාස කරයි.
    අදාල සිදුවීම වහාම වනජීවි නිලධාරින්ට දැනුවත්කිරීමට වන සංරක්ෂණ නිලධාරින් පියවර ගෙන තිබේ. ශ්‍රිපාද රක්ෂිතයේ සිටි කළු කොටියා නල්ලතන්නිය වතුයායකදී මද්දකට අසුවී මියගොස් අදට ගතවී ඇත්තේ දින තුනක් පමණි.
    මෙයට පෙර මියගොස් සිටියදී සොයාගත් දුර්ලභ කළු කොටින්ගෙන් තිදෙනෙකුම සිංහරාජ රක්ෂිතයට ආසන්නයේදී සොයාගෙන තිබිණි.

    දරුවන් මරාදමන බවට ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට පාතාලයෙන් තර්ජන

    0

    බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශයක් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පාතාල කල්ලි නායකයෙකුගෙන් ජීවිත තර්ජනයක් එල්ලවී තිබේ.

    මෙම තර්ජනය එල්ල වී ඇත්තේ මේ වන විට ඩුබායි හි රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් ද වන කුඩු අංජු නමැත්තාය.

    මොරටුවෙ හෝටලයකට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළව එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට තර්ජන එල්ල වී ඇත.

    පාතාල කල්ලි නායකයා හෝටල් හිමිකරුට දුරකථනයෙන් අමතා තර්ජනය කර ඇත්තේ අදාළ අදාළ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වත් ඔහුගේ දරුවන් මරා දමන බව පවසන ලෙසය.

    ඔහු කිහිප විටක්ම එම තර්ජනය එල්ල කර ඇති අතර මේ වන විට එම ජේෂ්ඨ පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ආරක්ෂාව ද තර කර තිබේ.

    කුඩු අංජු සහ ගොනාකෝවිලේ රොහා නැමැත්තා ඒ අතර දීර්ඝ කාලයක් තිස්සේ ගැටුමක් පවතින අතර රොහා ඝාතනය කිරීමට මේ වන විට අංශු නැමැත්තා විසින් රුපියල් කෝටි 5ක මුදලක් ලන්සුවක් තබා ඇත.

    ගල්කිස්ස වෙරළේ වැලිකතාවෙන් එළියට එන විද්‍යාත්මක හෙළිදරව්ව

    0

    ගොඩක් අය ගල්කිස්ස වෙරළ සුපෝශණය ඛාදන වීම ගැන මේ දවස් වල කතා කරන හන්ද, මම මේ ලිපිය ලිව්වෙ. දැනට මම වෙරළ ආරක්ශාව ගැන පරියේෂණ කරන කෙනෙක් නිසා, විද්යාත්මකව සිද්ධියක් පැහැදිලි කිරීම මගේ යුතුකමක් කියල හිතුන නිසා.
    වෙරළ ඛාදනය කියන්නෙ සරළව රළ මගින් වෙරළ තීරයෙන් සහ වෙරළ පද්ධතියෙන් වැලි ඉවත්වීමේ ක්‍‍රියාවලිය: වෙරළ පටු වීම සහ උසින් අඩු වීම. මෙමගින් වෙරළ තීරයේ දේපළ සහ දිවි ගෙවන්නන්ගේ ‍යැපුම් මාර්ග විනාශ කරනව. වෙරළ ඛාදන ගැටලු වල සන්කීර්ණ බව නිසා, ලෝකයේ ප්‍රවනතාවය තමා අනුවර්තනය වීම සඳහා සුදුසු ලෙස වෙරළ තීරය සකස් කිරීම. ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට වෙනස් වු, ඛාදන ක්‍රියාවලිය, කළමණාකරනය සඳහා ඇති සම්පත් වල විශමතාවය නිසා වෙරළ ඛාදන ගැටලුව විවිධ මුහුණුවර ගන්නව.

    වෙරළ ඛාදන කළමණාකරනය, දියුණු වෙමින් පවතින හා දියුණු රටකින් වෙනස් වන්නේ කෙසේද?

    1. කළමණාකාර විසඳුම් ‍‍ තුළ ඛාදන ක්‍රියාවලි සහ වෙරළ තීරය භාවිත කරන්නන්ගේ අදහස් අවශ්‍යපරිදි ගැබ්ව නොතිබීම
    2. දිගුකාලීන සහ ප්‍රමාණාත්මක දත්ත වල හිඟකම, වෙරළ භාවිත කරන්නන් සමඟ ඇතිවන මත ගැටුම් සමතයකට පත්කිරීමට ක්‍රමවේදයක් නැති වීම (දැන් ඇතිවෙලා තියනව වගේ)

    කළ යුතුදේ


    විවිද විෂය පද්ධති වළ දැනුම භාවිතයෙන්, හැකිපමණ, දත්ත රැස් කිරීම, සහ ගැටුම් කළමණාකරන ක්‍රමවේදයක් සකස් කිරීම.

    නොකඩවා සිදුවන වෙරළ ඛාදනයහේතු:

    1. වේල්ල, අධික මැටි සහ නීතිවිරොධී වැලි ගොඩ දැමීම නිසා ගංගා වැලි ප්‍රවාහය අඩු වීම,
    2. T යෙදීම නිසා ඛාදනය උතුරු දෙසට සංක්‍රමය වීම,
    3. මුහුදු රැලි වල වර්තමාන වෙනස්කම් නිසා, වැලි ප්‍රවාහනය කිරීමේ හැකියාව වර්ධනය වීම (ගෝලීය දේශගුණික විපර්යාස) පහත ප්‍රස්ථාර බලන්න

    වැලි පිරවීම හොඳ පිලියමකි නමුත් එය සාර්ථක කර ගැනීමට වැලි පිරවීමේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. උදාහණ විදියට පහත රූප රාමු බලන්න.

    වැලි පිරවීමේ ක්‍රමවේදය වෙනස් කිරීම (තට්ටු වශයෙන් වැලි පිරවීම) in Japan IPG, (2018)
    වැලි පිරවීමට යොදා ගන්නා ලද අමුද්‍රව්‍ය වෙනස් කිරීම (ප්‍රතිචක්‍රීකරනය කරන ලද වීදුරු යොදා ගැනීම USA Makowski and Rusenko, (2007); Wildman, (2018); බොරලු යොදා ගැනීම Japan IPG, (2018) )

    රජය තත්කාලීනව වෙරළ තීරය කළමනාකරණය කරන ලදි. අපි එය අගය කළ යුතුයි. තාක්ෂණික හා ගැටුම් නිරාකරණ මානයන් ඔස්සේ බලන විට, වෙරළට වැලි පුරවා දියකඩන නිර්මාණය කිරීම වඩා සර්ථක ක්‍රමය වේ.නමුත් එය ඉතා මිළ අධික වේ. ප්‍රධානතම ගැටළුව වන්නේ, වැලි ප්‍රවාහය තනි පද්ධතියක් ලෙස නොසලකා, ගල්කිස්ස වෙරළ තීරයේදී වෙනම කළමණාකරනය කිරිමයි.
    දිගුකාලීන සහ පැතිරුනු වෙරළ ඛාදන ගැටළු සඳහා, සාම්ප්‍රදායික ලාභ-අලාභ මත පදනම් වූ තීරණගැනීම් ප්‍රමානවත් නොවේ. ජීවන උපායන්වලට හා භූමියට වන බලපෑම හඳුනා ගෙන, ඉන්පසුව මනා කළමනාකරණයක් උදෙසා, ගැටළුවෙහි පන්ගුබේරුකරුවන්ට අදහස් හුවමාරු කර ගැනීමට වේදිකවක් නිර්මාණය කළ යුතුය.

    More details (only in English)
    https://link.springer.com/article/10.1007/s11069-020-04034-4
    https://doi.org/10.1016/j.ocecoaman.2018.09.012

    ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයෙන් ඇරඹි ඇමරිකාවේ කලු සුදු කැරැල්ල

    ඇත්ත වශයෙන්ම අමෙරිකාවේ ජාති භේද වාදය හිස ඔසවා ඇද්ද?මෙය දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකාව මුහුන දෙන බලවත් අභියෝගයක්ද? අප්‍රිකානු අමෙරිකානුවන්(African American ) යනුවෙන් හදුන්වන්නේ කවුරුන්ද? කලු ජාතිකයන් අමෙරිකාව විසින් කුනු බක්කියට දමා තිබේද ? මෙහි කලු ජාතිකයන්ට රජයේ සමාජයේ හෝ පුද්ගලික ආයතන වල ඉහලටම යාමට ඉඩ ලබාදී නැද්ද? අමෙරිකාවේ පාතාල කල්ලි මෙහෙය වන්නේ ,මත් ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නේ බොහෝ අපරාධ වල නිරත වන්නේ, රැකියා නොකර රජයෙන් වැඩි වැඩියෙන් ආධාර මුදල් හා සහනාධාර ලබා ගන්නේ සොරකම් වලට ස්ත්‍රි දූශන වලට මුල් තැන දෙන්නේ මේ කලු ජාතිකයන්ද? මෙම ලිපිය මාර්ගයෙන් ඉහත සදහන් ප්‍රශ්න වලින් ප්‍රශ්න කීපයකට හෝ වසර 38ක මගේ අමෙරිකා අත් දැකීම් අනුසාරයෙන් ගවේෂණාත්මකව පිලිතුරු ඉදිරිපත් කෙරේ.

    2020 මැයි 25 දා මිනියාපොලිස් මිනිසෝටා හිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්(GEORGE FLOYD ) බෙල්ල පාගා ගෙන සිටිමින් හුස්ම හිරකර මරා දැමුවේය. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද එය බලාගෙන සිටියහ . මේ අමානුෂික මිනීමැරුම ඇතමුන් වීඩීයෝ ගත කලේ හොලිවුඩ් චිත්‍රපටයක් රූ ගත කරන අයුරිනි . මැයි 25 දා ඩෙරෙක් චවින්(DEREK CHAUVIN) නැමති සුදු ජාතික පොලිස් නිලධාරියා විනාඩි 2යි තත්පර 53ක කාලයක් මෙසේ කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ බෙල්ල පාගා ගෙන සිටි බව කියනු ලැබේ . කලු ජාතිකයාගේ මරනය සිදුකල ඩෙරෙක් චවින් සහ එහි සිටි ඇලෙක්සැන්ඩර් සහ තෝමස් යනඅනිත් පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම අත් අඩංගුවට ගනු ලැබූහ . ඔවුන්ට ඇප ලබාදීම උසාවිය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබීය . ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරින් නිවේදනය කලහ. මේ මුලු මහත් සිද්ධි සමුදායේ සම්පිණ්ඩනය මෙයයි .

    මේ සිද්ධියෙන් පසු මුලු අමෙරිකාව ම ගිනි ගත්තේ ය. කොරෝනා මකරා ? ගේ ග්‍රහනයට හසුවී ලක්ශ 19 ක් පමන (18,22,392) රෝගීන් බවට පත්වී එක් ලක්ශ පන්දාහකට (1,05,704) වැඩි පිරිසක් මියගොස් ඇති මොහොතක අමෙරිකාවේ සිදුවෙමින් පවතින මේ භීෂණකාරී වාතාවරණය කෙසේ සමතයකට පත්වනු ඇද්ද? කෙසේවුවත් මුලු මහත් අමෙරිකාවේ ප්‍රධාන නගර 60 ක පමන දැන් පවතින්නේ යුද්ධයක් වැනි කෝලාහලය කි . වඩාත් බිහිසුණු ස්වාභාවය ක් පවතින්නේ ලොස් ඇන්ජලිස්හි සාන්ත මොනිකා (LA -SANTA MONICA ),චිකාගෝ , නිව්යෝර්ක් ,හා වොෂින්ටන් ඇතුළු තවත් නගර 47 කය. මිනසෝටාහි පොලිස් මිනීමැරුම සිදුවී දින 5 කට පසු එහි සිට කි මී 1000,2000,5000හා කි මී 6000 ටත් වැඩි දුර පිහිටි විවිධ නගර වල මෙසේ හොරුන් මංකොල්ල කරුවන් අපරාධ කරුවන් කුඩු කාරයින් පාතාල කල්ලි මෙහෙය වන්නන් ම්ලේච්ඡ අයුරින් නීතිය සියතට ගනිමින් හැසිරීම ඉමහත් ඛේදවාචකයකි. පොලිසියට එරෙහිව ඇරඹු කැ රැල්ල දැන් අමෙරිකා රජයට එරෙහි විප්ලවයක් බවට පත් වෙමින් පවතී. බලධාරින් පොලිසියට නියෝග කර ඇත්තේ කුමන හේතුව කටවත් උද්ඝෝෂකයන්ට වෙඩි නොතබන ලෙසටද ගිනි අවි භාවිතා නොකර න ලෙසටයි. නගර 50 කට වැඩි සංඛ්‍යාවක ගොඩනැගිලි 1000 කට වඩා ගිනි තබා ඇත . විවිධ ප්‍රාන්ත වල තුවාල ලබා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 900 ඉක්මවා තිබේ . පොලිස් වාහන 200ක් පමන ගිනි තබනු ලැබීය . දැවැන්ත වෙළඳ ශාලා කඩා සොරකම් කල භාන්ඩ වල වටිනාකම ඩොලර් බිලියන ගනනකි. උද්ඝෝෂකයන් ගෙන් සියයට 90 ක් පමන කලු ජාතිකයන් ය. සුදු ජාතිකයන් සහ ස්පාඤ්ඤ භාශාව කතා කරන (SPANISH ) අයද දීප ව්‍යාප්ත උද්ඝෝෂනවලට සහභාගි වී සිටිති. පොලිස් රථ ගිනි තැබිම,පොලිස් නිලධාරීන්ගේ මුහුනට කෙල ගැසීම ,පොලිස් වාහන වල තීන්ත ගෑම ,ගල් මුල් වලින් පහර දීම ,පොලිසියට ජල ප්‍රහාර එල්ල කිරීම පොලිසියට ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙන් මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම කලු ම්ලෙච්ඡයින් (කලු ජාතිකයන් සියල්ලන්ම නොවේ ) බී එම් බබ්ලිව් බෙන්ස් ආදී වාහන සොරකම් කරගෙන පැමිණ දැවැන්ත සාප්පු සංකීර්ණ වලින් ඩොලර් කෝටි ගනන් වටිනා විද්‍යුත් උපකරණ (ඇපල් ජංගම දුරකථන ,ලැප් ටොප් ,කොම්පියුටර් ,රූපවාහිනී යන්ත්‍ර ආදිය) සොරකම් කර එම රථ වලට පටවාගෙන නීතිය බල්ලට ? දමා පලා යාම කොරෝනා මරගාතයට මුවාවී මුහුනු ආවරන(මාස්ක්) සහ වෙස් මුහුනු හදුනා ගැනීමට නො හැකි අයුරින් දමා ගෙන අවිනීත ලෙස හැසිරීම මා පසුගිය දෙදින තුලිදී අමෙරිකාවේදී දුටු අප්‍රසන්න සිද්ධීන්ය.එමෙන්ම මේ ජරමර අස්සේ නීති විරෝධී සංක්‍රමණිකයන්ද කොරෝනා වසංගතය නිසා රැකියා අහිමි වූවන්ද තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් ට්‍රම්ප් ජනපති පතුරු ගසමින් මහමගට බැස ඇති අයුරු ද දුටුවෙමි .

    මෙසේ රටේ අවදානම් තත්ත්වයක් පවතිද්දී රාජ්‍ය බලය අල්ලා ගැනීමට දේශපාලකයන් රිපබ්ලික් (අලියා )සහ ඩිමොක්‍රැටික් (බූරුවා) වශයෙන් දෙපිලකට බෙදී ගහ මරා ගනිමින් කුලල් කා ගන්නා අයුරුද දුටුවෙමි . බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුනේ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහත බසිමින් පවතින බවය. 1906 අට්ලාන්ටා 1917 සෙන්ට් ලුවිස් 1919 ඔමාහා හා ච්කාගෝ 1921 ඔක්ලහෝමා,1943 ඩෙට්‍රෝයි,1967 නෙවාර්ක්,1968 නගර 125 ක,1991 ලොස් ඇන්ජලිස්හිදි කළු ජාතිකයන්ගේ පීඩනය ඉස්මතු විය . කලු ජාතිකයන්ගේ උන්නතිය උදෙසා උදාර සටනක නිරත වූ මාටින් ලූතර් කිං 1968 අප්‍රෙල් 4දා මරා දැමූවිට එදා අමෙරිකාව පුරා සති කීපයක්ම මෙසේ උද්ඝෝෂන සිදුවිය . අමෙරිකාවේ කලු ජාතිකයන් වෙනුවෙන් ඔහු එදා දිවි පිදූ විට ඔහුගේ වයස අවුරුදු 39 කි, වොෂින්ටන් හි ලින්කන් චතුරශ්‍රය අසලදී මීට වසර 53 කට ඉහතදී I HAVE A DREAM මට සිහිනයක් ඇත යනුවෙන් ඔහු පැවැත්වූ කතාව ලොවට ? කිසිදාක අමතක නොවේ . ඔහුගේ මරනයෙන් පසු එදා අමෙරිකාව පුරා සුදු කලු යුද්ධය ඇරඹුණේ ය. ගිනිතබා පොලවට සමතලාවූ ගොඩනැගිලි සංඛ්‍යාව 1200 කට අධිකය .කලු ජාතිකයන් අති විශාල සංඛ්‍යාවක් මරා දමනු ලැබීය.

    1991 මාර්තු 3දා නිව්යෝර්ක්හිදී කලු ජාතික රොඩ්නි කිංට (RODNEY KING ) දස වද දුන් අවස්තාවේ දීද රටේ කලබල සිදුවිය.රොඩ්නි කිංට වද දුන් පොලිස් නිලධාරීන් දීර්ඝ කාලයකට සිර භාරයට යවනු ලැබූහ . රොඩ්නි කිංට ඩොලර් මිලියන 3.8 ක වන්දි මුදලක් රජයෙන් ගෙවනු ලැබීය . අමෙරිකාවේ කලු ජාතිකයන්ට එරෙහිව මෙසේ විවිධ අයුක්ති සහගත ක්‍රියාවන් රාශියක් සිදුවී තිබේ . අද අමෙරිකාවේ කලු ජාතිකයන්ගේ ජනගහනය ලක්ශ 500ක් හෙවත් කෝටි 5 කට අධිකය .2018 සංඛ්‍යා ලේඛන දක්වන්නේ කලු ජනගහනය 4,78,41,851ක් බවය. මීට වසර 180 කට පමන පෙර අමෙරිකාවේ මහා මාර්ග දුම්රිය මාර්ග විවිධ ඉදිකිරීම් සදහා වහල් සේවය තකා අප්‍රිකානු රටවලින් ගෙන එන ලද අයගෙන් පැවත එන පිරිස් අප්‍රිකානු අමෙරිකානුවන් යනුවෙන් හදුන්වනු ලැබේ . අමෙරිකාවේ 44 වැනි ජනාධිපති බරාක් ඔබාමා කලු ජාතිකයෙකි. ඔහු 2009 ජනවාරි 20 සිට 2017 ජනවාරි 20 දක්වා අවුරුදු 8 ක් ජනපති පදවිය දැරුවේය. ඔබාමා 2009 ජනවාරි 20 දා ජනපති පදවියෙහි දිව්‍ රුම් දුන් අවස්තාවේ මා ඉරිදා ලංකාදීපයේ පලකල ලිපියෙහි සිරස්තලය වූයේ “අමෙරිකා සිහිනය සැබෑ කරගත් ඔබාමා ” යනුවෙනි . මා එසේ සදහන් කලේ ඔබාමා මාර්ටින් ලූතර් කිං ගේ සිහිනය සැබෑ කරගත් හැටි පෙන්වා දෙමිනි. කලු ජාතිකයෙකු අමෙරිකාවේ ජනපති පදවියට පත්වීම තුලින් ලොවට ? කියා පාන්නේ අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතව ක්‍රියාත්මක වන බව නොවන්නේ ද? කලු ජාතිකයෙකු වසර 8 ක් ජනපති පදවිය දැරූ වාතාවරණයක් තුලදී අමෙරිකාවේ කලු ජාතිකයන්ට ස්වකීය සියලු ඉල්ලීම් ඉටු කර ගැනීම ට නො හැකි වීද?

    මීට පෙර අමෙරිකාවේ ආරක්ෂක උපදේශක පදවිය දැරුවේ කලු ජාතික කොන්ඩලීසා රයිස් ය. දෙවරක්ම මුලු මහත් අමෙරිකාවේ නීතිපති පදවියද රාජ්‍ය ලේකම් තනතුර ද දැරුවේ කලු ජාතිකයන් ය. අමෙරිකාවේ සියලුම හමුදා ප්‍රධානියා වූයේ ද කලු ජාතිකයෙකු වූ ජනරාල් කොලින් පවල්ය.(COLIN POWELL) මා මෙම උදාහරණ කීපය ඉදිරිපත් කලේ අමෙරිකාවේ කලු ජාතිකයන්ට එහි ඉහලටම යාමට ඉඩ ලැබී ඇති බව පෙන්වා දීමටය. අමෙරිකාව ගිනි ගෙන අවසන්‍ ය. මුලු මහත් අමෙරිකාවේ කෝටි 33කට අධික ජනතාවගේ ආරක්ෂාව තකා තමා ගන්නා පියවර කවරේදැයි ඉදිරි දින කීපය තුල බලාගත හැකි බව ජනපති ට්‍රම්ප් ජනතාව අමතා පැවසීය. කෝටි 5 ක් පමන වූ කලු ජාතිකයන් ගෙන් සුලු පිරිසක් සහ තම දේශපාලන විරුද්ධ වාදීන් ගෙන් පිරිසක් රට අස්තාවර කිරීමේ අසාර්ථක උත්සාහය ක නිරත වී සිටින බවද ඔහු පැවසීය . මුළු ලෝකයේ හැම රටකම පාහේ හැම කුණු ගොඩකටම පාහේ කර දෙන්නට සිදුවී ඇත්තේ පොලිස් නිලධාරීන්ටය . ජනතාවගෙන් වැඩි පුරම බැනුම් අහන්නේද පොලිසියයි. පොලිසිය දරු පවුල් පිටින් ජීවත් වන සාමාන්‍ය මනුෂ්‍ය යින් බව ජනතාව ට අමතක ය. මෙම කරුනු මා සදහන් කලේ මගේ පුත්‍රයාද පොලිස් නිලධාරියෙකු වශයෙන් අමෙරිකාවේ නීතිය හා සාමය රැකීමට පොලිස් බල ඇනි මෙහෙයවමින් දිවා රාත්‍රී කැපවී රාජකාරි සිදු කරන අයුරු දුටු නිසාය.

    ගල්කිස්ස වෙරළේ වැලි නාටකයේ ඇත්ත

    0

    කොළඹ වැසියන්ට ගල්කිස්ස වෙරළ තීරය අමතක නොවන අත්දැකීමකි. එමෙන්ම මෙම වෙරළ තීරය ලැවීනියාගේ ආදරයේ පටන් ආදර කතා රැසක තිඹිරි ගෙයයි. ගල්කිස්ස මහ හෝටලයේ පටන් ගාලු මුවොදර දෙසට විහිදෙන වෙරළ තීරය මහ හෝටලයේ සිට බලන්නෙකුට අපූරු අත්දැකීමකි. රාත්‍රියේ හැඩවු කොළඹ කොමලිය එම ස්ථානයට අපුරුවට දර්ශනයවෙයි.
    මෙවන් අපූර්වත්වයක් ගෙන ආ මෙම වෙරළ තීරය මංගල යුවල ඡායාරූප ගැනීමේ මංසදිස්ථානයක්ද වුයේ එහි ගල්පරවල වැදී විසිරෙන විචිත්‍රවත් ස්වභාව සෞන්දර්ය නිසාය. නමුත් මෙම ස්ථානය ගැන පසුගියදා එකවරම අසන්නට ලැබුණු ප්‍රවෘත්තිය වුයේ වෙරළ තීරය වැළිවලින් පුරවා ඇති බවයි.

    විද්‍යාත්මක කාරණා තඹ දොයිතුවකට ගණන් නොගන්නෙකුට කලාවට හිමිව තිබු අද්විතීය වෙරළ තීරයේ චමත්කාරය ගිලිහීම වාවන්නේ නැත. වෙරළ ඛාදනයට වැලි පිරවීම වැනි කාරණයක් ඔවුන්ට කොහෙත්ම වැදගත් නැත. මේ නිසා ගල්කිස්ස වෙරළේ වැලි පිරවු සිද්ධිය විදුලි වේගයෙන් ජනතාවගේ හදවත් කදුලින් තෙත් කළේය.
    එසේ වුවද මෙම ව්‍යාපෘතියේ පැවැති සද් භාවය කුමක්දැයි දන්නේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවයි. එහි අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ සම්බන්ධයෙන් පැවැති විරෝධතාව සමනයවනතුරුම මාධ්‍යයේ මේ ගැන පැහැදිලි කළේය.

    නමුත් ඊයේවනවිට පැවැති තත්ත්වය හාත්පස වෙනස් වී ඇත්තේ ඒසේ මිලියන 120 පමණ වැයකොට පුරවන ලද වැලි තොගය නැවත මුහුදු ඛාදනයට ලක්වී පැරණි ස්වරූපය නැවත මතුවීමයි. කොටින්ම කියතොත් ගල්කිස්ස වෙරළ විචිත්‍රවත් කළ ගල්වැටි නැවත මතුවෙමින් කෘතිමව පුරවන ලද වැලි මහ සයුරේ නොපෙනීයාමයි.


    මෙම තත්ත්වය ගැන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසන්නේ මෙවැන්නකි.

    හැමදෙනාම කතාකරන්නෙ එක් පැත්තක අඩුවුණු වැලි ප්‍රමාණය ගැන පමණයි. අපි ව්‍යාපෘතිය නිර්මාණය කළේම එක් පැත්තකින් වැලි අඩුවී එම වැලි ප්‍රමාණය වැල්ලවත්ත දෙසට ගොස් කිලෝමීටර් දෙකක පමණ වෙරළ තීරයක් නිර්මාණය වීමටයි. මෙම ඇතිව තිබෙන්නෙ වෙරළ ඛාදන තත්ත්වයක් නෙමෙයි

    කෙසේ වෙතත් මිලියන 120 මුදල් කිසිවෙකු විසින් මහ මුහුදට නිකරුනේ ගිල ගන්නට සැලැස්සුවේනම් එහි වරදක් තිබේ. අදාල ව්‍යාපෘතියට අනුමැතිය දුන්නේ කෙසේද යන්න ගැන පහත ලිපිය ඔස්සේ තොරතුරු සාරංශ කළ හැකිය.

    දකුණු කොළඹ වැලි පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය
    (2020 ජනවාරි සිට අප්‍රේල් දක්වා)

    අරමුණ

    ශ්‍රී ලංකාවේ වෙරළ ඛාදනය දශක ගණනාවක සිට වර්තමානය දක්වා පවතී. ශ්‍රී ලංකාවේ දූපත්මය පිහිටීම අනුව වෙරළ ඛාදනයේ ප්‍රවණතා දැකිය හැකිය. දකුණු, නිරිතදිග හා බටහිර වෙරළ තීරයන්ගෙන් ප්‍රධාන තැනක් ගනී. 2018 වසරේ වෙරළ කළාප කළමනාකරණ සැලැස්වමහි ඉහල වෙරළ ඛාදන ඇති වෙරළ තීරයන් රත්මලාන වෙඩිකන්ද, ගල්කිස්ස මෙන්ම කළුතර වෙරළ හඳුනාත හැකිය. අඟුලාන ගල්කිස්ස වෙරළ තීරයන් ඉතා අධික ජනගහනයක් වෙසන ප්‍රවේශ වීම හා ධීවර හා සංචාරක කටයුතු බහුල වීම යනාදී වහ්තූන් මත සුදුසු වෙරළ ඛාදන පිලියම කෘතීම වැලි පෝෂණය කර වෙනම වෙරළ තීරයන් ස්ථාපිත කිරීම අරමුණ විය.

    ව්‍යාපෘතියේ සාරංශ හැදින්වීම

    2017 වසරේ යෝජිත වූ ‌ව්‍යාපෘතිය 2019 වර්ෂවේ මැයි මස 08 දින වැලි ඝන මීටර් 800,000 කෘතීමව පෝෂණය කළේය. වෙරළ ස්ථාපිත වීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු කරුවකු සෙවීම සිදුවුයේ ඒ අනුවය.
    ඒ අනුව ශ්‍රී ලංකාව මෙම කාර්යය කිරීම සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවෙකු බැවින් ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමය යටවත් ලංසු කැඳවා Rodhe Neilsen ආයතනයට ප්‍රදානය කිරීම සඳහා 2020 ජනවාරි මස 23 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
    2020 ජනවාරි 30 දින එම ආයතනයට රුපියල්ක මිලියන 889 ක මුදලකට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ගිවිසුම් අත්සන් කරන ලදී. ගිවිසුමට අනුව මාස 3 ක කාලයක් තුල දී ව්‍යාපෘතිය 2020 අප්‍රේල් මස 30 දිනට අවසන් කළ යුතුය.

    පාසැල් ගුරුවරුන් දෙවියන්වී ටියුෂන් ගුරුවරුන් යක්ෂයන් වූයේ කෙසේද?

    0

    ගෙදරක සිසුන් 5 දෙනෙකුට පවත්වමින් සිටි පංතියක් වැටලූ පොලිස් කණ්ඩායමක් අහසට වෙඩිතබා සියළුම දෙනා මර්ධනය කර අත් අඩංගුවට ගනී….!!!!!

    කලබළ වෙන්න එපා.. වෙච්ච එකක් නෙවෙයි.. වෙන්න යන එකක්.. දරුවන් ඉගෙනීමට කැමති නම්, දෙමවිපියන්ගේ දැඩි උවමනාවත් දරුවන්ට ඉගැන්වීම නම්, ගුරුවරුන් ඊට කැමති නම් ඇයි මේ අනිත් අයට නැති කෙනෙහිලිකම් අපට..

    ජනමාධ්‍ය ඇතුළු බොහෝ කණ්ඩායම් දරුවන්ගේ ඉගෙනීමත් දරුවන්ට ඉගැන්වීමත් මේ දිනවල මහා අපරාධ ඝනයේ ලා කතා කරනු පෙනේ. කරුනාකර මේ අශීලාචාර ක්‍රියා නවතා දැමිය යුතුයි. ඔබේ වෘත්තියට ගරහනවාට ඔබ අකමැතිවාක් මෙන්ම මගේ වෘත්තිටය ගරහනවාට මමද අකමැතියි.

    පාසැල් ගුරුවරුන් මවා තිබෙන්නෙ දෙවියන් විසින් වන අතර ටියුෂන් ගුරුවරුන් මවා තිබෙන්නේ යක්ෂයින් ලෙසින්.. ඒ නිසා පාසැල් වසා දැමුවත් දෙවියන්ගේ කැමැත්තට අනුව පාසැල් ගුරුවරුන්ට වැටුප් ගෙවීමට නියම කර තිබෙනවා.. ජීවත් වීමේ අයිතිය ලබාදී තිබෙනවා. යක්ෂයින් විසින් මැවූ හෙයින් ටියුෂන් ගුරුවරුන් ඉදිරියේදී නිරාහාරව දුක්විඳ මිය යාතුයි.. ඔවුන්ට හොඳ වැඩේ මෙච්චර කල් කරපු අපරාධ වලට..

    පාසැල් ගුරුවරුන් දෙවියන් බවට පත්වී ටියුෂන් ගුරුවරුන් සමාජයට යක්ෂයන් වූයේ කෙසේද? එයට හේතුව සරලයි.. මුදල්.. විශාල පංති කරන ගුරුවරුන් විසින් උපයන මුදල් ප්‍රමාණය සහ ලබාගන්නා ආකර්ෂනය මත ඔවුන් යක්ෂයන්ගේ දරුවන් බවට පත්වෙනවා.. හරි එය එසේ යැයි සිතමු. නමුත් සිසුන් දහ දෙනෙකට .. සිසුන් විසිදෙනෙකුට උගන්වන පුංචි ටියුෂන් ගුරුවරුන් පාසැල් ගුරුවරුන් හා සමතැනේ ලා සැලකිය හැකියි නේද? යක්ෂයින්ගේ දරුවන්වන විශාල ලෙස මුදල් උපයන ගුරුවරුන් දඬුකඳේ ගසා හෝ මේ කුඩා ගුරුවරුන්ව නිදහස් කර රැකගත හැකියි නේද?

    කොරෝනා බෝඋනේ වල්ගා තරුවකින් කියන කතාව සම්පූර්නයෙන්ම වැරදි සහගතයි..??
    කොරෝනා බෝවුනේ ටියුෂන් පංතියකින්.. ඒ ටියුෂන් පංතියෙ නම තමයි “වල්ගා තරුව”..? එකනේ මේකට මෙච්චර බය. නෑ මේ සැලකීමට කියන්නෙ මිලේච්චත්වය කියල..

    කුඩා පරිමානයෙන් දරුවන් 20,30,40 වගේ ප්‍රමාණයේ පංති ගනනාවක් කරමින් කිසිවෙකුට අත නොපා තම ජීවිතය ගොඩනගා ගැනීමට වෙර දරන ගුරුවන් බොහෝ පිරිසක් මමද හඳුනමි. මේ සමහර ගුරුවරුන් කුඩා මොටර් රථ මිලදී ගෙන සාර්ථකව තම වෘත්තියේ නියැලෙමින් , පවුල් ජීවිතය ආරම්භ කර, කුඩා නිවෙස් තැනීමට අත්තිවාරම් දමා අනාගතය පිළිබඳ සුබ සිහින දකිමින් සිටි ස්වාධීන මිනිසුන් කණ්ඩාමක්. මාස තුනක් තිස්සේ ඔවුන්ගේ ආදායම බින්දුවයි. මේ වන විට ලීසිං ගෙවීමට පවා ලබාදී තිබුනු බැංකු සහන කාලය අවසන්. දැං කරන්නේ කුමක්ද? අනුකම්පා කිරීමද? ගුරුවරුන්ට අවශ්‍ය අනුකම්පාව නොවේ. අවශ්‍ය වන්නේ ජීවත් වීමට තිබෙන අයිතිව සාධාරණව තහවුරු කිරීම පමනයි. බොහෝ දිස්ත්‍රික්ක වල කොරෝනා අවධානමක් නැහැ. එවැනි පළාත් වල මෙවැනි කුඩා පංති ආරම්භ කිරීමට බැරි ඇයි? බස් වලින් යා හැකි නම් , කර්මාන්ත ශාලා විවෘත කළ හැකි නම් සමාජයේ දැඩි අධ්‍යාපනික අවශ්‍යතාවයකුත් තිබේ නම් ගුරුවරයෙක් නිවෙසක හෝ කුඩා පංතියක ඉගැන්වීමේ වරද කුමක්ද?

    අප සමාජයක් වශයෙන් කළ යුත්තේ එක් එක් කණ්ඩායම් වලට ක්‍රමක්‍රමයෙන් නැගිටීමට අතහිත දීම නොවේද? රටේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර වී කම්කරුවන්, පෙදරේරුවන්, වඩුවැඩ කරන්නන් වැනි බොහෝ දෙනෙකුට රැකියා නොමැතිව සිටින බව රහසක් නොවේ. අප කළ යුතු වන්නේ ඉදිකිරීම් කටයුතු අාරම්භ කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම නේද? එවිට නේද රටේ ආර්ථිකය ශක්තිමත් වී සියළුම දෙනාට යහපත් කාලයක් නැවත ළගාවන්නේ..

    මා දැක තිබෙනවා පෞද්ගලික බෙහෙත් ශාලා පවා විවෘත කර මිනිසුන් පිරී සිටිනවා. සෞඛ්‍ය මූලිකයි. ආරෝග්‍ය ශාලාත් විවෘත විය යුතුයි. එය හොඳ දෙයක්. නමුත් ප්‍රශ්නය මේකයි, එතන හැදෙන්නෙ නැති කොරෝනා පුංචි පංති කාමරයක් තුළ හැදෙන්නේ කෙසේද යන්නයි. මෙතන තිබෙන්නේ වෙන කිසිවක් නොව අනෙකාගේ ප්‍රශ්න ගැන තම පපුවේ තෙතමනයක් නොමැතිවීමයි. මේ වෙලාවේදී තිරණ ගනිමින් සිටින දේශපාලකයින්ගේ සහ සෞඛ්‍ය අංශ බලධාරීන් තුළ පවතින මුග්ධ බව සහ ද්වේෂ සහගත බවයි.

    පාසැල් ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින් වන ඔබ දැනගත යුතු සත්‍ය නම් මේ දම්වැලේම පුරුකක් ලෙස ඔබද මෙයට ඇමිණී සිටින බවයි. පෞද්ගලික අංශය මේ ආකාරයට අක්‍රීය වී තවත් මාස කිහිපයක් ඉදිරියට ගියහොත් සියල්ල කඩා වැටෙන බවයි. රජයේ බදු ආදායම අහිමි වී ඔබේ වැටුපද ඔබට අහිමි වනු ඇත. එදිනට හදවත කම්පනය වේවි තමාගේ වේදනාවෙන්..

    විශාල පංති වලට පටන් ගන්න දෙන්න එපා. ඔවුන් දැං හම්බ කර ගත්තා ඇති. කමක් නෑ අපි එහෙම හිතමු. කරුණාකර මේ කුඩා පංති ආරම්භ කර ආර්ථිකය ශක්තිමත් වීමට තවත් එක් පුරුකක් දම්වැලට අමුනන්න. කුඩා පංති කරන ගුරුවරුන් සංවිධානය වී තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී යථාර්තය පහදා දෙන්න. ඔබේ ප්‍රශ්නය විසඳීමට ලොකු ගුරුවන් පසු පස යන්න එපා. එය නිරර්ථක වැඩක් . ඔබේ ප්‍රදේශය තුළ සංවිධානය වී බලපෑම් කරන්න. මෙය රටේ ආර්ථිකය හා බැඳුනු බරපතල ගැටළුවක්. පාසැල් ඇරීම හෝ වැසීම දේව කාර්යයක් නිසා එය වැදගත් නැහැ. පාසැල් විවෘත වුවත් නැතත් කුඩා උපකාරක පංති හෝ ආරම්භ විය යුතුයි. අනිවාර්යෙන්ම එය විය යුතුයි..

    මෙවැනි අති දුෂ්කර වූ කාල පරිච්ඡේදයක් තුළ කළ යුතුවන්නේ කුමක්ද? අප නිරහාරව මිය යන්නේ නම් අනෙකාද නිරාහාරව මිය යුතු යැයි ප්‍රාර්ථනා කිරීමද.. නැතිනම් අනෙකාට හෝ ජීවත් වීමේ මාර්ගය සකසා ගැනීමට උදව් කිරීමද? ඔබ දන්නා මනුෂ්‍යත්වය කුමක්ද?

    සෞදියේ මුස්ලිම් පල්ලි යාඥාවට විවෘත වෙයි

    0

    සෞදි අරාබියේ මුස්ලිම් දේවස්ථාන මාස දෙකකට පසුව අද වන්දනාකරුවන්ට විවර කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු මුස්ලිම් දේවස්ථාන වෙත පැමිණ යාඥා කිරීමට වන්දනාකරුවන්ට අවසර දී ඇත්තේ දැඩි සෞඛ්‍ය කොන්දේසිවලට අනුවයි. වැඩිහිටියන්, 15 ට අඩු දරුවන් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට අවසර නැත. පෞද්ගලික යාඥා ආවරණ, මුහුණු ආවරණ භාවිතය, මීටර් 2ක් දුරින් සිටීම, මිනිසුන් නිවසේදී මුහුණ, අත් සහ කකුල් සේදීමේ ක්‍රියාව නිතර සිදු කළ යුතුය ආදී කොන්දේසි ඒ අතර වේ.

    රාවණා කැපුම දිගේ ඉදිරියට

    0

    කෝණෙශ්වරම් කෝවිල යනු හුදෙක් ඓතිහාසිකමය වටිනාකමක් සහිත ඉපැරැණි පුජනීය ස්ථානයකි. ඉපැරැණි පන්සලක තොරතුරු පවා හමුවන අතර කොණේශ්වරම් කන්ද ආශ්‍රිත මුහුදු පතුල ගවේෂණය 2013 පටන් ගාල්ල මුහුදු පුරාවිද්‍යා එකකය විසින් නොකඩවා වසරක් පාසා සිදු කරනු ලැබේ.මෙහිදි අනවරනය කර ගත් තොරතුරු බොහෝය එ පිළිබඳ පසුව සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙමි. මේ හැදින්විම එ පිළිබඳව නොව කෝණෙශ්වරම් බලන්න යන ඔබට දකින්නට ලැබෙන රාවණා කැපුම නැමති ස්ථානය පිළිබඳවයි.

    රාවණා යනු වර්තමානයේ මතභේදාත්මක හා ආන්දෝලනාත්මක කරැණු වලට තුඩු දුන් මාතෘකාවකි. සැබවින්ම රාවණා යනු මිථ්‍යාවකි. මෙම රාවණා කැපුම කෝණේශ්රම් කෝවිල අසල ගල් පර්වතයේ කොටසක ඇති වි තිබෙන විවච්ජේදනය වු කොටසකි පාරසරික හා දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වි කාලයාගේ ඇවැමෙන් මෙය සිදු වෙන්නට ඇතැයි මාගේ පෞද්ගලික මතයයි.නමුත් පැරැන්නන්ගේ විශ්වාසය වන්නේ රාවණා විසින් කඩු පහරකින් මේ ගල දෙබැකර ඇති බවයි. කෙසේ නමුත් මෙම කැපුම මුහුදු පතුල දක්වාම පවති මේ නිසාම කෝණේශ්රම් වන්දනා කිරිමට පැමිණෙන බැතිමතුන් දරැවන් නැති දෙමාපියන් දරැවන් ලබා ගැනිමට තොටිල්ලක් ගැට ගසා බාර වෙනවා සේම මෙම ස්ථානයට කාසියක් විසිකර පාර්ථනාක් කිරිම අමතක නොකරති.

    මෙි නිසාම 2019 වර්ෂයේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා එකකයේ නිළධාරින් විසින් මෙම ගුහාව ගවෙිෂණයට ලක් කරන ලදි.මුහුදේ සිට එන රැලි මගින් වෙිගවත් තෙරපුමක් මගින් ගුහාව තුළට තල්ලු විමක් සිදු වන බැවින් කිමිදුම් කටයුතු ඉතා අසිරැ විය. ගුහාව පටන් ගන්නා ස්ථානය විශාලව තිබුනද ඇතුළු වි ඉදිරියට කිමිදුම් කිරිමේදි ගුහාව පටු වෙි. මෙි නිසා රළ සමග පටු ස්ථානය තල්ලු විම ඉතා අවධනම් සහිත විය. මෙහි කිමිදුම් කර අපට දැකගත හැකි වු දෙයින් නිළධාරින් විශ්මයට ලක්විය. එ ලක්ෂ කෝටි ගනනක් වු කාසි තොගය දැකය. පාර්ථනා සිදු කර බැතිමතුන් දමන කාසි සියල්ලම මෙතනට වැටෙන බව වටහාගත හැකි විය. මෙම ගුහාවෙන් වෙන කිසිවක් දක්නට නොවිය.

    රාවණා ගුහාවට මෙසේ දමන කාසි පිං කැටයකට දැම්මානම් එය කෝවිලෙ දියණුව සදහා යොදගත හැකිය. එය අපහාසයට හො උපහාසයට නොව මාගේ පෞද්ගලික මතයකි.

    Black coral ( බ්ලැක් කොරල්)

    0

    Black coral ( බ්ලැක් කොරල්)ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදු කලාපයේ දක්නට ලැබෙන දුර්ලභ ශාක වි⁣ශේෂයකි. ලෝකය පුරා මුහුදු කලාප ආශ්‍රිතව විවිධ වර්ග වලට අයත් බ්ලැක් කොරල් විශේෂයන් දක්නට ලැබේ. ANTPATHARIA ලෙස හදුන්වන මෙම දුර්ලභ කොරල් විශේෂය ගල්පර , හා ගිලුනු නෞකාවන් නිජ බිම් කරගෙන ආලෝකය ඉතාමත් අඩු ස්ථාන වල එනම් ගැඹුරු මුහුදු පතුලේ වර්ධනය විම සිදු වේ.

    BLACK CORAL (බ්ලැක් කොරල් ) හා බැදුණු විශ්වාස

    ANTPATHARIA යන වචනය greeka වචනයක් වන අතර එය ANTIPATHIES යන චවනයෙන් බිදි ආවකි. ANTIPATHIES මෙහි සිංහල තේරුම් ” රෝගයට එරෙහි විම” යන්නයි .අතිතයේ පටන් ලෙඩ රෝග වලින් අත් මිදිම සදහාත් සෞභාග්‍යය ලගා කර ගැනිමටත් බ්ලැක් කොරල් BLACK CORAL ආභරණ වශයෙන් සකසා⁣ පැළදිමට ඔවුන් පුරැදුව සිටියහ.

    හවායි ඉන්දුනීසියාව හා චිනය වැනි රටවල ඓතිහාසිකමය හා සංස්කෘතිකමය වශයෙන් බ්ලැක් කොරල් බැදි පවති ඔවුන් මෙි තුළින් ගුප්ත බල⁣වේග දකි. සෞභාග්‍යය උදාවන බව විශ්වාස කරයි. ඉතා ගැඹුරු මුහුදු පතුලේ තිබෙන බැවින් මෙය දුර්ලභය. එ නිසා ම මෙමගින් නිෂ්පාදනය කරන ආභරණ ඉතා මිළ අධිකය. හවායි මෙක්සිකෝව වැනි රටවල ඉතා බහුල වශයෙන් බ්ලැක් කොරල් ආභරණ පැළදිම සිදු කරනු ලබයි.

    මුහුදු උෂ්ණත්වය ඉහල යාම හා බ්ලැක් කොරල් වලට අැති අධික ඉල්ලුම ,මිනිස්සුගේ මැදිහත් විම යන හේතුන් මත විනාශ විමේ තර්ජනයට මුහුණ පැ ඇති මේ දුර්ලභ මුහුදු උරැමය රැක ගැනිම ශ්‍රී ලංකිකයන් වශයෙන් අපේ මහත් වගකීමකි. ( ජායාරූප වලින් දැක්වෙන්නේ කොළඹ හා ගාල්ල ආශ්‍රිත මුහුදු කලාප වල දක්නට ලැබෙන බ්ලැක් කොරල් ශාකයයි)

    ලංකාවට ආවේණික කැස්බෑවන්

    0

    ලෝකයේ කැස්බෑවන් වර්ග හයක් සිටින අතර ඉන් වර්ග පහකට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකාව අවට වෙරළ බඩ පදේශ වල ජිවත් වෙති. දකුණු මුහුදු තීරයේ හා ගල්කිස්ස සිට තංගල්ල ,රැකව බූන්දල සහ නැගෙනහිර වෙරළේ ස්ථාන කිහිපයක් කැස්බෑවන් බිත්තර දමන ස්ථාන වශයෙන් වනජීවි දෙපාර්තමේන්තුව හදුනාගෙන ඇත. ශ්‍රී ලංකාවට අාවෙීණික කැස්බෑවන් වර්ග පහකි.

    1. ගල් කැස්බෑව
    2. දාර කැස්බෑව
    3. ඔලු ගෙඩි කැස්බෑව
    4. පොතු කැස්බෑව
    5. බටු කැස්බෑව

    ගල් කැස්බෑව – green turle (මස් කැස්බෑව ,වැලි කැස්බෑව ) ( cheloniamydas)

    තරමක් විශාලව වැඩෙන ගල්.කැස්බෑවන්ගෙ කටුව ඔලිව් හෝ දුඔුරැ පැහැය ගන්නා අතර අන් කැස්බෑවන් ට මෙන් වකුටු හොටයක මෙම වර්ගට පිහිටා නොමැත . පිරිමි සත්වයා ගැහැනු සත්වයාට වඩා තරමින් කුඩා වේ. මෙම කැස්බෑවන් වසර පුරාම බිත්තර දමනු ලබන අතර බිත්තර දමා මාස දෙකකින් පමණ පැටවුන් බිහි වේ. නිවර්ත කලාපිය මුහුදු වෙරළ ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.

    තුන්දාර කැස්බෑව – leatherback turtle (තෙල් කැස්බෑව ,වවුල් කැස්බෑව ) ( dermochelyscoriacea)

    මුහුදු කැස්බෑවන් අතරින් පමණක් නොව ලොව වසන සියලු උරගයන් අතරින් විශාලතම වර්ගය ලෙස සැල⁣කෙන මෙම කැස්බෑව ලොව වේගවත්ම කැස්බැ වර්ගය ලෙස නම් දරයි.දියවැල් (current) හරහා විශාල දුරක් ගමන් කරන මෙම කැස්බෑ වර්ගය මීටර් 1200 තරම් ගැඹුරු මුහුදේ කිමිදිමේ හැකියාව ඇත. දැල්ලන් ඇල්ගි වර්ග ආහාරයට ගන්නා අතර මුහුදේ සිටින jellyfish පාලනයට උදවු වෙි.

    ඔලු ගෙඩි කැස්බෑව – loggerhead turtle (කණ්නාඩි කැස්බෑව ) (carettacaretta)

    මීටර් 1.2 පමණ වැඩෙන මෙම කැස්බෑවන් පහසුවෙන් හදුනාගත හැක්කේ රතු දුඔරැ වර්ණය හා විශාල හිස නිසාය. කලපු හා මෝය කටවල් ආශ්‍රිතව ජිවත් වෙි. ඉතා දුර්ලභ මෙම කැස්බෑ වර්ගය ලංකාවේ දකුණු සහ ගිණිකොණ වෙරළ ආශ්‍රිතව දක්නට ලැබේ. වරකට බිත්තර 175 පමණ දමනු ලැබේ.

    පොතු කැස්බෑව hawksbill turle ( eretmochelysimbrcata)

    ඔලිව් කොල පැහැති පිටත කටුවක් සහිත පොතු කැස්බෑව සාමාන්‍ය තරමින් විශාල වන අතර මොහුන්⁣ ගේ හක්ක/ඇන්ද ඉදිරියට නෙරා ගොසින් සිහින් වන්නේ කුරුලු හොටයක ආකාරයෙන්ය. බොහෝ විට ගල්පර හා මෝය කටවල් ආශ්‍රිතව දක්නට ලැබේ. මොවුන් වරකට බිත්තර 175 පමණ දමන අතර මේවා තුළින් පැටවුන් බිහිවිමට මාස දෙකක් පමණ ගත වේ.

    බටු කැස්බෑව – olive ridely turtle

    • කැස්බෑ කටු වලින් ආභරණ ,පනා හා විවිධ වර්ගයේ සෙල්ලම් බඩු නිර්මාණයට යොදා ගන්නා බැවින්
    • ධීවර කටයුතු වලට යොදා ගන්නා උපකරණ වලට හසු විමෙන්
    • මස් පිණිස මැරිම
    • බිත්තර ආහාරයට ගැනිම නිසා

    චදවීමේ තර්ජනයට මුහුණ දි ඇත. මුහුදු පතුල හා ⁣ගොඩබිම ද විචිත්‍රවත් කරන මෙ සත්වයා වනජීවි දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂිත සත්වයෙක් ලෙස නම් කොට ඇති මෙම අපුර්ව සත්වයා සුරකිම අපගේ යුතුකමකි .

    කිමිදුම් බලපත්‍ර ගැන සැකෙවින්

    0

    සාමාන්‍යයෙන් වාහනයක් පැදවීම සදහා රියදුරු බලපත්‍රයක් අනිවාර්ය වෙි. එමෙන්ම කිමිදුම් කටයුතු සිදුකිරීම සදහා ද කිමිදුම් බලපත්‍රය අනිවාර්ය වෙි. කිමිදුම් බලපත්‍රය නොමැතිව කිමිදුම් කටයුතු සිදුකිරීම දඩුවම ලැබිය හැකි වරදකි. වාහන වර්ගය අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරිම සිදු කරනු ලබන අතර බයිකි සදහා වෙනම සැහැල්ලු වාහන සදහා වෙනම, බර වාහන සදහා වෙනම .නැව්. කෝච්චි, ආදිය සදහා වෙනම රියදුරු බලපත්‍ර ලබා ගැනිම සිදු කරනු ලබයි. කිමිදුම් බලපත්‍රයද එසේමය කිමිදුම් කරන ගැඹුර අනුව කිමිදුම් බලපත්‍ර ලබා දිම සිදු කරනු ලබයි. උදාහරණයක් ලෙස කිමිදුම් බලපත්‍ර වල මුල්ම open water කිමිදුම් බලපත්‍රයයි මෙම බලපත්‍රය ලබාගෙන කිමිදුම් වාර ගනන සම්පුර්ණ වු පසු ඊ ළගට ඇති open water advance කිමිදුම් බලපත්‍රය ලබා ගත හැකිය .

    Open water විවෘත කිමිදුම් බලපත්‍රය

    මෙම කිමිදුම් බලපත්‍රය කිමිදුම් කටයුතු සදහා ලබා දෙන මුල්ම කිමිදුම් බලපත්‍රයයි මෙමගින් කිමිදුම් කටයුතු සිදුකළ හැකිවන්නේ මීටර 18ක පමණ ගැඹරැ සීමාවක පමනි. මුලික පිහිණුම් පුහුණුවකි කිබිම අනිවාර්ය වෙි.

    Open water විවෘත කිමිදුම් බලපත්‍රය

    Open water advance කිමිදුම් බලපත්‍රය

    මෙම⁣ කිමිදුම් බලපත්‍රය ලබා ගැනිමට පෙර සැලකිය යුතු කිමිදුම් වාර ගනනක් සම්පුර්ණ කර තිබිය යුතුය . මෙහිදි ගැඹුරු කිමිදුම් කටයුතු වලට මෙම බලපත්‍රය ලබා ගැනිමත් සමග අවස්ථාව හිමි වේ. මෙම කිමිදුම් බලපත්‍රය ලබා ගැනිමට underwater navigation , underwater photography ,night diving ආදීය පිළිබඳවද හැදෑරීම සිදු කල යුතුය .

    Open water advance කිමිදුම් බලපත්‍රය

    Divemaster කිමිදුම් බලපත්‍රය

    මෙම කිමිදුම් බලපත්‍රය ලබා ගැනිමට පෙර rescue හා emergency responders cpr /child aduit යන බලපත්‍ර ලබාගත යුතුය .කිමිදුම් කටයුතු වලදි අනතුරට පත් වු පුද්ගලයෙක් බෙිරා ගැනිමත් ඔහුට first aid ලබා දිම ආදිය පිළිබඳ පාඨමාලා හැදෑරීමෙන් පසුව divemaster බලපත්‍රය ලබාදීම සිදු කරනු ලබයි.

    Divemaster කිමිදුම් බලපත්‍රය

    Open water scuba instructor කිමිදුම් බලපත්‍රය

    මෙම කිමිදුම් බලපත්‍රය අවසන් කිමිදුම් බලපත්‍රයයි මෙමගින් කිමිදුම් කටයුතු සිදු කිරිම ට අපේක්ෂා කරන පුද්ගලයන් සදහා පුහුණුවකින් පසු කිමිදුම් බලපත්‍ර නිකුත් කිරිමේ අයිතිය හිමි වේ.

    Open water scuba instructor කිමිදුම් බලපත්‍රය

    පාස්කු ප්‍රහාරයේ රහස ඇතුළත් සහරාන්ගෙ වීඩියෝව හමුවෙයි

    0

    පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරිමට හේතු වු රහස් කරුණු ඇතුළත් සහරාන්ගේ වීඩියෝවක් ජනපති කොමිසම හමුවේ හෙළිවිය.

    අදාල වීඩියෝවේ සහරාන් ප්‍රකාශ කරන අදහස්වලින් කොටසක් මෙසේය.

    අල්ලා දෙවියන් වහන්සේට බැණවැදීම සහ අවමන් කිරීම, තම ජීවිතයට වඩා ආදරය කරන අල්ලා දෙවියන් වහන්සේගේ ධර්මය ඇතුළත් අල්-කුරානය ඉරා දමා විනාශ කිරීම සහ ගිනි තැබීම අල්ලා දෙවියන් වහන්සේගේ පූජනීය ස්ථානය වන මස්ජිත් පල්ලි කඩා බිඳ දැමීම.

    ව්‍යාජ චෝදනා එල්ල කර මුස්ලිම් ජනතාවගේ ආර්ථිකය විනාශ කිරීම් ගෙවල් ගිනි තැබීම්, ඉඩම් බලයෙන් ලබා ගැනීම.

    බටහිර අප්‍රිකාවේ ඉස්ලාමීය රාජ්‍යයේ රණකාමින් (මුජහදීන්) ට විරුද්ධව පැවැත්වූ ජාත්‍යන්තර කුරුස යුද්ධයට ශ්‍රී ලංකාව සහභාගි වීම, මෙම කරුණට විරුද්ධවාදීන්ට සමාව දිය හැකි වුවද පහත කරුණ හේතුවෙන් එසේ සමාව දිය නොහැක.

    අල්ලා දෙවියන් වහන්සේගේ නියමය අනුව ඉස්ලාම් ආගම් පිළිනොගන්නා පුද්ගලයින් (කාෆිර්) දුටු තැන ඝාතනය කළ යුතුය.

    සහරාන් විසින් වීඩියෝ දර්ශනවල ඉහත සඳහන් කරුණු වලට අමතරව පහල සඳහන් කරුණු සඳහන් කර ඇත.

    අල්ලා දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම, ගෞරවයක් ජයග්‍රහණයක් මෙන්ම පාර පාරාදීසිය වෙත ඍජුව ගමන් කිරීමේ ක්‍රමයක් වේ. මෙම ප්‍රහාරය මගින් ශ්‍රී ලංකාව තුළ ISIS සංවිධානය අනුගමනය කරන මුස්ලිම්වරු වර්ධනය වේ .

    මෙම ප්‍රහාරයන් සිදුකිරීම කිරීමේදී විනාශ වන මස් සහ ඇට කැබලි මගින් සහ හිස්කබල් මතින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමේ බීජයක් රෝපණය වේ.

    මෙම ප්‍රහාරය ඉදිරියේ දී ඉන්දියාව ජයග්‍රහණය කිරීම සඳහා පාදක කර ගත යුතු අතර ඉන්දියාවේ සිටින විරුද්ධවාදීන් ද මෙම ප්‍රහාරය ඔවුන්වද ඉලක්ක කර සිදු කරයි.

    මෙම ප්‍රහාරය සිදු කරන්නේ ඉඩම් වෙනුවෙන් විනාශ වී යෑම සතුට වෙනුවෙන් නොවන අතර මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හා අල්ලා දෙවියන්ට වහන්සේට සිදු කරනු ලබන ගෞරවයක් වෙනුවෙන් ද සිදුකරයි.

    කිසිදු අවස්ථාවක් සාකච්ඡා කර සමථයකට පත්වීම සිදු නොකරන අතර තැන් තැන්වල බෝම්බ පිපිරීම් ආරම්භයක් පමණි.

    ඉදිරියේදී අපිව අනුගමනය කරන බොහෝ පිරිසක් නුඹලාව කණ්ඩායම් වශයෙන් මරා දාවි.

    නුඹලාට අපේ අනුකම්පාව අවශ්‍ය නම් ඉස්ලාම් ආගමට පැමිණීම හෝ බදු ගෙවීම් සිදු කළ යුතුයි.

    මෙම ප්‍රහාරයට යොදා ගන්නා ද්‍රව්‍ය අපේම අත්වලින් සකස් කළ අතර කාෆිර්ලාගේ මුදල් හෝ උපකාර කිසිවක් ලබා ගත්තේ නැහැ.

    හතු පිපෙනා වාගේ මතුවන රහත් කෝළම

    0

    ශී‍්‍ර ලාංකික බෞද්ධයන් විසින් අතිමහත් ගෞරවයෙන් පිළි ගන්නා ථෙරවාද සම්ප‍්‍රදායෙහි බුද්ධත්වයට දෙවැනිව වඩාත් පූජනීයත්වයට හා ගෞරව බහුමානයට පත්වූ පදවිය ලෙසින් පිළිගැනෙන්නේ අර්හ්‍යත්වය හෙවත් රහත් බවයි. ථෙරවාද බෞද්ධයන්ගේ ආගමික අභිලාෂය වන්නේ නිවන් දැකීමයි. නිවන් දැකිය හැකි මාර්ග තුනෙකි. ඒ සම්මා සම්බුද්ධත්වය පච්චෙක බුද්ධත්වය හා අරහන්ත බුද්ධත්වය යනුවෙන් සැළකෙයි. මෙයින් වැඩි දෙනෙකුගේ අපේක්ෂාව වන්නේ අරහන්ත බුද්ධත්වයෙන් හෙවත් රහත් වීමෙන් නිවන් දැකීමයි. නිවන අත්පත් කර දෙන රහත් බව බුදුන් වහන්සේ කෙරෙහි ද පැවති පළමු වැනි බුද්ධ ගුණයයි. ඉතිපි සො භගවා අරහං යන්නෙන් එය පැහැදිළි වෙයි.

    බුදුදහම අනුගමනය කිරීමෙන් පත්විය හැකි ඉහළ ම තත්වයක් වන රහත් බව හෑල්ලු කොට එය අවඥාවට ලක් කිරීමට යම් අයකු කි‍්‍රයා කරත් නම් එය සමස්ත බුද්ධ ධර්මය ම හෑල්ලුවට නින්දාවට අපහාසයට ලක් කිරීමකි. උන් හිටි අඩියේ පිපෙන හතු මෙන් අද ලංකාවෙහි තැනින් තැන රහතුන් යයි කියා ගන්නවුන් පහළ වී ඇති සැටියක් අසන්නට දකින්නට ලැබේ. අදාළ පිළිවෙත් පුරනු තබා සාමාන්‍ය ගිහියකුගේ ඉන්ද්‍රිය සංවරයවත් නොමැතිව මේ අයුරින් රහතුන් පහළ වන්නේ නම් බුදුදහමෙහි දැක්වෙන පිළිවෙත් වලින් පළක් නැත. ආර්ය ශ‍්‍රමණයන් (සෝතාපත්ති සකදාගාමි අනාගාමි හා අරිහත් යන* සතර දෙනා බුදුසසුන තුළ පමණක් ලැබිය හැකියයි බුදුන්වහන්සේ පවසා ඇත්තේ බෞද්ධ පිළිවෙත් වලින් පමණක් එසේ වියහැකි බැවිනි.

    රහතුන් යයි පෙනී සිටිමින් මොවුන් රඟන නාඩගම් වලින් බලාපොරොත්තු වන්නේ කිමෙක්ද? එක් අතකින් බුදුදහමේ උසස්ම තත්වයක පවත්නා ගරුත්වය කෙළෙසා දැමීම තුළින් ඔවුන් අදහස් කරන්නේ බුදුදහම අන් ආගම් සමග සාමාන්‍යකරණයක් විය හැකිය. එවිට බුදුදහමේ විශෙෂත්වයක් නැත යන හැඟීම ජන මනස තුළ කි‍්‍රයාත්මක වනු ඇත. අනෙක් අතට අද රහත් බව වැඩි මුදලට විකිණෙන ජනපි‍්‍රය අලෙවි භාණ්ඩයක් බවට පත්වී ඇත. එමගින් සුඛොපභොගී ජීවිතයකට අවශ්‍ය යසඉසුරු ලඟා කර ගත හැකිය..

    අද ලාංකික බුදුසසුන වෙනත් කිසිදු ථෙරවාද බෞද්ධ රටක දක්නට නොලැබෙන අන්දමින් කවර අයුරකින් හෝ භික්ෂුවක ලෙස පෙනී සිටින්නකුට තමන්ගේ හිතුමතයේ ඕනෑම විලම්බීතයක් කරමින් ජනතාව රැවටීමේ තෝතැන්නක් බවට පත් වී තිබේ. තල් අත්තකට බෙලි ගෙඩියක් වැටෙන සද්දයෙන් බියපත්වූ කෙට එළදෙනක පස්සේ දිවගිය අනෙක් තිරිසන් සතුන් මෙන් ජනතාව ද කිසිදු විචාරයකින් තොරව අලුතින් පහළ වන රහතුන් පස්සේ වැටෙමින් පුදපූජා ලාභ සත්කාර වැසි වස්වමින් ඔවුන් ඒ විලම්බීත වැඩවලට දිරිගන්වන බවක් ද දක්නට ලැබේ.

    මෙසේ ලැබෙන යස ඉසුරු කෙරෙහි ලොබ බඳිමින් තව තවත් රහත්තු බිහි වෙති. අලුතින් අලුතින් බිහි වන චරහතුන් කලින් අයට වඩා තමන් ජනතාව අතර කැපී පෙනිය හැකි අලුත් විලාසිතාවක් ද රැුගෙන පැමිණෙති.
    තමා බුදු වූයේයැයි කියා ගත් රහතකුගෙන් ඇරඹුණු මෙම රහත් කෝලමට දැන් රහත් වෙස් බැඳ ගත්තෝ කිහිප දෙනෙක් ම එක් වී සිටිති. ඇතැම්හු රහතුන් වැඩි මග ඔස්සේ මල්පියලි මතින් වඩින්නෝය. ඇතැම්හු දඹදිව ලංකාවට ගෙන්වා ගෙන බුදුන්ට ලක්දිව උපත දුන්නෝය. තවත් සමහරු ධ්‍යාන වඩා බඩ විරේකයෙන් රහත් වූවෝය. අළුත්ම එකතුව සොඳුරු ලලනක සේ ඇස්බැම ද හැඩ ගන්වා ගෙන නාගාසනයක් අරා වැජඹෙමින් හින්දු පූජක වෙස් ගත්තවුන් ලවා වේද මන්ත‍්‍රවලින් ආශීර්වාද ලබන අරිට්ටකී වෙන්ඩුවෙකි.

    මේ හැම වෙණ්ඩු දමන්නෙක් ම තමන්ගේ යූ ටියුබ් නාලිකා මගින් රහත් බව මනාව අලෙවි කරන්නෝය. ඒ අතරෙහි තමන්ගේ සෞභාග්‍යය විදහා පාමින් සාද පවත්වා උපන් දින කේක් කැපීම විඩියෝ මගින් ලොවට පෙන්වීමට තරම් හීනමානයෙන් පෙළෙන්නෝ ද වෙති. අල්පෙච්ඡතාව නියම රහත් ගුණයක් වුව ද එය ද නිගාවට ලක් කරන මොවුහු මහිච්ඡතාවෙන් පෙළෙති. අත් හැරීමේ අනුසස් පවසමින් රැස් කරති. බදා ගනිති. තමන් වගා කර ගත් නොයෙක් භොගයන්ගෙන් තනා ගත් රසමසවුළු රාශියකින් සපිරි රාජභොජනයක් සේ හැඩ ගැන්වූ කෑම මේසය විඩියෝ මගින් පෙන්වමින් අන් අය රසතෘෂ්ණාවට පොළඹවන්නෝ ද වෙති.
    සම්ප‍්‍රදාය ගරුකරන ලජ්ජා බියෙන් යුත් භික්ෂූන් යල් පැනගිය අන්ධබාලයන් මෝඩයන් ලෙස සළකමින් පරවම්භනයෙහි යෙදෙන ඇතැම්හු අත්තුක්කංසනයෙහි පරතෙරට ගියෝය.

    ඥානයෙන් දැනුමෙන් හා අවබෝධයෙන් තමන්ට වඩා ඉහළින් සිටින්නකු මුළු ලක්දිව් තලයෙහිම නැතැයි වහසි බස් දොඩන්නට තරම් මානයෙන් උඩඟු වූ මෙබඳු චීීවරධාරීන් අරභයා ශාසන සම්ප‍්‍රදායෙහි තක්සේරුව වන්නේ සිංහ හම පොරවා ගත් වඳුරන්ගේ තත්වයටය.
    උද්ධතො චපලො භික්ඛූ – පංසුකූලෙන පාරුතො – කපීව සීහචම්මෙන – න දසො තෙනොපසොභති
    (උඩඟු චපල භික්ෂුව පංශුකූල චීවරයක් පොරවා සිටිය ද සිංහ හම පොරවා ගත් වඳුරකු සේ නොබබළයි.*

    බුදුසසුන වූ කලි ශාසන බ‍්‍රහ්මචර්යාවෙහි යෙදෙන සුපෙසල භික්ෂූන් සඳහා වන ආයතනයකි. එය ඕනෑම කෙනෙකුට හිතෙන හිතෙන අන්දමින් හිතුමතයේ බහුරූ කෝලම් දැක්විය හැකි රඟමඬලක් නොවේ. එහෙත් අද සසුන ඒ තත්වයට පත් වී ඇත්තේ සසුනෙහි වගකීම් දරන නායක කාරකාදීන්ගේ උදාසීන ආකල්පයන් නිසාය. සසුනට ඇතිවන කලංකයන් ඉවත් කිරීමට අදාළ කි‍්‍රයාමාර්ග බුදුන් වහන්සේ විසින් නිර්දෙශ කොට ඇත. එම නිර්දෙශයන් අනුව කි‍්‍රයා කිරීමට වගකිවයුතු භික්ෂූන් වහන්සේ බැඳී සිටිති. පැරණි භික්ෂූන් වහන්සේ එසේ කි‍්‍රයා කළ ආකාරය ගොපක මොග්ගල්ලාන සූත‍්‍රයේදී අනද හිමියන් විසින් පෙන්වා දී ඇත.

    අසොක අධිරාජයාගේ සමයෙහි ඇති වූ ශාසන කලංකය හමුවේ මොග්ගලී පුත්ත තිස්ස හිමියන් කි‍්‍රයා කළ ආකාරය ද ආදර්ශයට ගත හැකිය. අද සසුන කාෂාවකණ්ඨකයන් දක්වා යන ගමන සීග‍්‍රගාමී වී ඇති බව මනාව පෙනෙන්නට ඇත. වහ වහා පිළියම් නොකළහොත් නියෙන් කඩා දැමියහැකි ගස පොරවෙන් ද කපා නොදැමිය හැකි තත්වයට පත්වනු නොවැළැක්විය හැකිය.

    මෙබඳු තත්වයකදී ගිහී ජනතාවට ද තමන්ට වගකීමක් නැතැයි සිතා අත් පිසදා ගෙන ඇස් කන් වසා ගෙන සිය නොහැකිය පුණ්‍යක්ෂෙත‍්‍රය පාපක්ෂෙත‍්‍රයක් වනු බලා සිටීමත් ඒ තත්වයට අනුබල දීමත් බෞද්ධ ගිහියාට තරම් නොවේ. බෞද්ධ ගිහියා හා භික්ෂුව අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් පවතී. ගිහියා භික්ෂුවට සිවුපසයෙන් සළකන්නේ භික්ෂුවගේ බ‍්‍රහ්මචර්යාව පවත්වා ගැනීමට අනුග‍්‍රහයක් වශයෙනි. භික්ෂුව ඒ වෙනුවෙන් ගිහියා සුගතිගාමී මාර්ගයට යොමු කරවීමට බැඳී සිටියි. ශසනවිලෝපකයන්ට අනුග‍්‍රහ දැක්වීම සසුන වැනසීමේ කි‍්‍රයාවලට උඩගෙඩි දීමකි. එවිට ගිහියා ද සසුන වැනසීමට හවුල් කරුවෙක් වෙයි. එමතු ද නොවේ. ඔහු නොදැනීම දුගතිගාමියකු බවට පත් වෙයි.
    පරණ කණට වඩා අළුත් අඟ හොඳ වන බොහෝ පිරිසක් සිටිති. ඔවුහු සසුනට අළුතින් එකතු වන කවර විලම්බීතයක් පස්සේ වුව ද ළුහුබැඳ යාමට රිස්සෝය. කවර අයුරකින් හෝ ධනය සොයාගෙන අළුතින් ධනපති පංතියට එක් වන අයත් එවැන්නන් පස්සේ වැටුණු අයත් විශෙෂයෙන් සසුනේ නව විලාසිතා වලට වහ වැටුනෝය. කන්තා පක්ෂය මෙහිලා විශෙෂිතය. දුප්පත් පන්සල් ගණනාවක් වුව ද පසු කොට ගෙන නව රහතුන් සොයා ගොස් ලක්ෂයෙන් බැඳි පියලි පුදන්නෝය.

    මෙය බොහොවිට දුප්පත් පංසල්වල දුප්පතුන් සමග එක්ව පින් කිරීම තමන්ට තරම් නොවන්නෙකැයි යන හීනමානය නිසා සිදුවන්නකි.
    රහතුන් වඩිනා මගට මල්පියලි ඉසීමට පමණක් නොව කෙස් කළඹ උනා රහතුන් වඩිනා මගට හෙළා රහතුන්ගේ පහස තම කෙස් කළඹට ලබා දීමට තරම් ශ‍්‍රද්ධාවෙන් පිනා ගිය උපාසිකා කාන්තාවෝ ද අප අතර සිටිති. එපමණක් නොව රහතුන්ගේ උපන්දින සාජ්ජයන්ට සහභාගී වීමේ පී‍්‍රතියෙන් උදම් වන උපාසිකාවෝ ද ඒ අතර වෙති. නව රහතුන් අත් විඳිනා මෙම ශී‍්‍ර විභූතීන් දක්නා විට ඒවාට ලොබ බැඳ ගත් අළුත් රහතුන් බිහි වීම පුදුමයක් නොවේ.

    ලංකාවේ බුදුසසුන පිරිසුදු ථෙරවාදයෙහි කෙසේ වුව ද අඩුම තරමින් ථෙරවාදයට අනුලොමීව හෝ පවත්වා ගැනීමටත් බුදුදහම සාම්ප‍්‍රදායික ති‍්‍රපිටකාගත පරිද්දෙන් රැුක ගැනීමටත් අවශ්‍ය නම් මේ නව පන්නයේ රහත් උවදුර සසුනෙන් නෙරපා හැරීමට සිදු වෙයි. දැනටමත් අළුත් ති‍්‍රපිටකයක් ජනගත කිරීමේ වෑයමක යෙදෙන බවක් ද දැන ගන්නට ලැබේ. ශී‍්‍ර ලංකාව ථෙරවාදයේ කේන්ද්‍රස්ථානයය යන විරුදාවලිය ස්ථාවර කිරීමට ගිහි පැවිදි දෙපක්ෂයේ ම අවධානය එකසේ යොමුවිය යුතු කලය එළඹ තිබේ. රාජ්‍ය ව්‍යවස්ථාවෙන් සම්බුද්ධශාසනය පොෂණ්‍ය කිරීමට ප‍්‍රතිඥා දී ඇති රටක ශාසන විලෝපන තුරන් කිරීමට රජ්‍ය අනුග‍්‍රහය ගැනීමට ද උනන්දු වීමේ අවශ්‍යතාව ද තිබේ.

    කළු කොටියට ජීවිතේ එපාවෙයි

    0

    ලක්ෂපාන, වලමලේවත්ත ප්‍රදේශයේ දී තුවාල ලබා සිටියදී සොයාගත් දුර්ලභ ගණයේ “කළු කොටියා”මියගොස් තිබේ.

    උඩවලව ඇත්අතුරුසෙවණේ රඳවා සිටි එම සත්ත්වයා අද (29) උදෑසන මියගිය බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි.

    දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබූ උගුලකට හසු වීමෙන් තුවාල ලබා සිටි මෙම දුර්ලභ ගණයේ කළු කොටියා පශු වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කරමුදාගෙන ප්‍රතිකාර සදහා ඇත්අතුරු සෙවණ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

    ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතරතුර එම සත්ත්වයා මියගොස් තිබේ.

    කාවින්දගේ වීඩියෝව ගැන හරීන්ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි !

    0

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ රුවට සමාන පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයෙක් එකට සිටින අසභ්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකරමින් එහි සිටින්නේ කාවින්ද ජයවර්ධන මහතා බව හැගවීමට කළ උත්සහයක් සම්බන්දයෙන් කෙරන විමර්ශනයකට අදාලාව කොළඹ අපරාධ කොට්ඨාශය එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ අද (28) ප්‍රශ්න කළේය.

    පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කල බව අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියේ පැවැසීය.

    කාවින්ද ජයවර්ධන මහතා සදහන් කරන්නේ එම වීඩියෝවේ සිටින්නේ ඉන්දීය රංගන ශිල්පීන් දෙදෙනෙක් බවය. එම වීඩියෝව සංස්කරණය කර එය තමාගේ එකක් ලෙස ප්‍රසිද්ධකර ඇතැයි පවසමින් ඒ ගැන විමර්ශනයක් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර ඇත්තේ කාවින්ද ජයවර්ධන මහතාය.

    එම වීඩියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතාගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාශය මෙයට පෙර ප්‍රශ්න කළේය. එහිදී ඔහු සදහන් කර ඇත්තේ තමාගේ මිතුරියක් වන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක් වන මල්ෂා කුමාරතුංග මහත්මිය තමාට එම වීඩියෝව එවූ බවය. මල්ෂා කුමාරතුංග යනු ජීවන් කුමාරතුංග මහතාගේ දියණියයි.

    ඒ අනුව මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පසුගිය දිනක ඇය නවාතැන් ගෙන සිටි ෂැංග්‍රිලා හෝටලයට ගොස් තිබේ. එවිට ඇය සිටි ස්ථානයේම සිටි හිටපු ඇමතිවරයෙක් වන හරීන් ප්‍රනාන්දු මහතා පොලිස් නිලධාරීණ්ට බාධා කිරීමක්ද කර තිබේ. අනතුරුව මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් අවස්ථා කිහිපයකදීම ඒ ගැන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ප්‍රශ්න කර ඇත. එවිට ඇය සදහන් කර ඇත්තේ එමබ වීඩියෝව තමන්ට ලැබුනේ හරීන් ප්‍රනාන්දු මහතාගෙන් බවය. හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඒ අනුවය.

    මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් නිරෝධායනය වෙමින් සිටි දියණිය කාර්යාලයට කැදවාගෙන ඇවිත්?

    0

    නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කරමින් සිය පුතාව යාපනයේ සිට කොළඹට ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව රැගෙන පැමිණිම සහ නිරෝධායනයෙන් පසු තවත් දින 14 කාලයක් ස්යං නිරෝධායනය විය යුතු සිය දියණියව නිරෝධායන උපදෙස් නොතකා මැතිවරණ කොමිසම් සභා කාර්යාලයට කැටුව පැමිණිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වන රත්නජීවන් හූල් මහතා සම්බන්ධයෙන් කළ විමර්ශන ගොනුව යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා විසින් ඉදිරි නීතිමය කටයුතු සදහා පොලිස් නීති කොට්ඨාශයට 26 වැනිදා යොමු කර තිබේ.

    රත්නජීවන් හූල් මහතා ඇදිරි නීති උල්ලංඝණය කරමින් සිය පුතාව රැගෙන කොළඹට පැමිණ ඇද්ද?සහ නිරෝධායනය වෙමින් සිටි දියණිය මැතිවරණ කොමිසන් සභා කාර්යාලයට කැදවාගෙන පැමිණ තිබේද? යන්න ගැන විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් මූලස්ථානය විසින් කළ දැනුම් දීමකට අනුව යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ එම විමර්ශනය සිදුව ඇත.

    එම විමර්ශනයේදී ඒ සියළු කාරණා සාක්ෂි සහිතව අනාවරණය වී තිබෙන බව සදහන්ය. යාපනයේ සිට පුතාව කොළඹට රැගෙන ගොස් ඇත්තේ ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිවය. ඒ දිස්ත්‍රික් අතර ගමන් තහනමක්ද පවතින විට බව වාර්තාවේ සදහන්ව ඇතැයිපොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. හූල් මහතාට ඇදිරි නීති බලපත්‍රයකින් තොරව මැතිවරණ කොමිසමේ රැස්වීම් වලට සහභාගිවීමට යාපනයේ සිට ගමන් කිරීමට ඇදිරි නීති බලපත්‍රයක් අවශ්‍ය නොවූවත් ඔහුගේ පුතා ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ගමන් කිරීම ගැටළුවක් බව එම වාර්තාවේ සදහන්ය.

    හූල් මහතාගේ දියණිය එංගලන්තයේ සිට පැමිණ නිරෝධායනය වී ඇත්තේ තරුපන්තියේ හෝටලයකදී මුදල්ගෙවාය. එම හෝටලය ආරක්ෂක අංශයයටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථානයකි. නිරෝධායනයෙන් පසු ඇයට නිරෝධායනය අවසන් කළබවට වූ සහතිකයද නිකුත් කර තිබී ඇත. නිරෝධාන මධ්‍යස්ථාන වල නිරෝධායනය වූ පිරිස් සිය ගම්බිම් වලට රැගෙන යන්නේ හමුදාවේ අධික්ෂණයෙන් හමුදාවේ වාහන වල නන්වාගෙනය. ඒ අය ස්යං නිරෝධායනයට යොමුකර ඒ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද දැනුම් දෙනු ඇත. එහෙත් මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝදායනය වූ පිරිස් සම්බන්ධයෙන් එවැනි ක්‍රියාවලියක් අනුගමනය වී නැති බවත් නිරෝධායනය වූවන්ව හෝටලයෙන්ම නිදහස්කර නිවෙස් බලා යන ලෙස දන්වා ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. හූල් මහතා සිය දියණියව හෝටලයෙන් රැගෙන කෙළින්ම මැතිවරණ කොමිසමට පැමිණ ඇත්තේ ඒ අනුව බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    හූල් මහතා සිය දියණිය මෙන්ම පුතාවද මැතිවරණ කොමිසම වෙත රැගෙන පැමිණි බවට සාක්ෂිද යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පැවැති විමර්ශනයේදී අනාවරණය වී තිබේ. හූල් මහතාගෙන් , ඔහුගේ පුතාගෙන් සහ දියණියගෙන් මෙතෙක් පොලීසිය ප්‍රශ්න කර නැත. නීති උපදෙස් ලැබීමෙන් පසු අයගෙන් ප්‍රශ්න කෙරන බව යාපනයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුසංක මත්කුඩු ඇබ්බැහි වී සිටින්නෙක්, බෙදා හැරීමේ ජාවාරමටද සම්බන්ධයි

    0
    Sri Lanka cricketer Shehan Madushanka celebrates after the dismissal of the Bangladesh cricketer Mushfiqur Rahim during the second Twenty20 (T20) cricket match between Bangladesh and Sri Lanka at the Sylhet International Cricket Stadium in Sylhet on February 18, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN (Photo credit should read MUNIR UZ ZAMAN/AFP via Getty Images)

    මත්කුඩු සමග පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුසංක මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් මෙන්ම මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමටද සම්බන්ධ බව විමර්ශන වලින් අනාවරණය වී තිබෙන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    ශෙහාන් මධුසංක මත්කුඩු බෙදා හැරීමේ ජාලයකට සම්බන්ධව සිටින බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් දීර්ඝ කාලවක් තිස්සේ ඇස ගසාගෙන සිට ඔහුව මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවද එම නිලධාරියා පැවැසීය.

    දක්ෂ ක්‍රීඩකයෙක් වන ඔහු මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී ඇත්තේ මිතුරන් මාර්ගයෙන් බවත් ඔහු පසුගිය කාලයේ පැවැති තරගවලට සහභාගිවන අවස්ථාවන් වලදීද මත්කුඩු භාවිතා කර සිට ඇති බව විමර්ශන වලින් පෙනී යන බවද එම නිලධාරියා සදහන් කළේය.

    ඔහු සම්බන්ධව සිටින මත්කුඩු ජාලය සම්බන්ධයෙන්ද විමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සදහන් කරයි.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වල නවතම තත්වය

    0

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 12ක් මේ වන විට පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා සදහන් කළේය.

    එම විමර්ශන කණ්ඩායම් අතර ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය ප්‍රධාන විමර්ශන කණ්ඩායම ලෙස කටයුතු කරන බවද ඔහු පැවැසීය.

    මේ වන විට රාජ්‍ය නොවන සංවිධානයක් සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී තිබෙන බවත් එම රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුම් සහ ලේඛන මේ වන විට විශ්ලේෂණයට ලක්වෙමින් ඇති බවත් ජාලිය සේනාරත්න මහතා කීය.

    මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් කර ඇති මුදල් ආයෝජන කිරීම් ගැන මෙන්ම එම මුදල්වල නෛතික තත්වය ගැනද විමර්ශනය කෙරෙන බව ජාලිය සේනාරත්න මහතා සදහන් කළේය. එකී මුදල් විශුද්ධිකරණයට ලක්ව තිබේද? , නීත්‍යානුකූලව උපායාගෙන තිබේද? යන්න පිළිබදව එහිදී විශේෂ අවධානයක් යොමු කර විමර්ශන පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    කර්මාන්තශාලා 92% ක් නිෂ්පාදන අරඹයි

    0

    දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාප තුළ කර්මාන්තශාලා 92% ක් මේ වන විට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා පැවැසීය.
    ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප අධ්‍යක්ෂකවරුන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවක දී හෙතම මේ බව සදහන් කළේය. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දි රැස්වීම පැවැත්විණ.


    නිදහස් වෙළද කලාප 14 ක කර්මාන්තශාලා 286 ක් පිහිටුවා තිබේ. සේවක සංඛ්‍යාව 142,000 කි. පහුගිය අගහරුවාදා (26) වන විට කර්මාන්තශාලා 262 ක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබු බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවම සේවක සේවිකාවනක් සංඛ්‍යාවක් සේවයේ යෙදවීමේ පදනම යටතේ සේවක සේවිකාවන් 91,416 ක් ඒවායේ සේවය කරන බවත් ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂකවරු මෙහි දී කියා සිටියහ.
    එම කර්මානතශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැ‘යි නිරන්තරයෙන් පරීක්ෂා කරන බව ද ඔවුහු කියා සිටියහ. නිදහස් වෙළද කලාප වල පිහිටුවා ඇති කර්මාන්තශාලා හිමියන්ගේ ප්‍රධාන ඉල්ලීමක් බවට පත්ව ඇත්තේ සිය සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව ක්‍රියාත්මක කිරීම බව ද වෙළද කලාප අධ්‍යක්ෂකවරු පෙන්වා දුන්හ. දිස්ත්‍රික් අතර ගමනාගමනයට තවදුරටත් පවතින බාධා ඉවත් කර දෙන ලෙස ද කර්මාන්ත හිමියෝ ඉල්ලා සිටින බව ඔවුහු කියා සිටියහ.


    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුයෙන් නර්මාන්තකරුවන් මුහුණ පා සිටින ඇණවුම් අවලංගු වීම වැනි කරුණු කෙරෙහි ද රජය සිය අවධානය යොමු කර ඇති බවත් ඉදිරියේ දී ඔවුන්ට සහන සැලසීම සදහා රජය අවශ්‍ය පියවර ගන්නා බවත් කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා කිසිදු කර්මාන්තශාලවක් වසා දැමිමටත්, කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමටත් ඉඩ නොතැබීම රජයේ ස්ථාවරය බව ද අවධාරණය කළේය. කම්කරු අමාත්‍යාංශයේ මෙවැනි ගැටළු විසදීම සදහා වෙන ම ඒකකයක් පිහිටුවා තිබේ. එම ඒකකයට මෙවැනි ගැටළු ඇත්නම් යොමුකරන ලෙසද ඇමතිවරයා අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දුන්නේය.
    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.

    පොළොන්නරු හාල් මෝල් නාඩගමෙන් කීරි සම්බා 125යි. පොහොර මිටිය 1600යි
    – හිටපු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න

    0

    පොළොන්නරුවේ හාල් මෝල් නාගඩම ඉවරවෙන කොට කීරී සම්බා 125 යි. අද දඹුල්ලේ පොහොර මිටිය 1600 වෙලා මාතලේ හිටපු මන්ත්‍රීනි සමගි ජනබලවේගයේ අපේක්ෂිකා රෝහිණී කවිරත්න පැවසුවාය.

    පාරිභෝගිකයා බේරා ගන්න කියලා ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය සංදර්ශනයක් තියලා හාල් රු. 98 ඉදන් 90 ට අඩු කරා කියලා බෝඩ් ගැහුවා. කොයි කඩේ ද නාඩු හාල් රු. 90 ට වික්කේ? යැයි කවිරත්න මහත්මිය ප්‍රශ්න කළාය.

    හාල් මිල අඩු කරාම වී මිල අඩු වෙනවා. මේක තේරුම්ගන්න මොළය කළදක් තිබුණේ නැති ආණ්ඩුව වී ටොන් 50,000 ක් අරගෙන හමුදාව දාලා මාස 9 ක් කන්න හාල් තියෙනවා කිව්වා. වී ටොන් 50,000 කින් රටට කන්ඩ හාල් දෙන්න පුළුවන් දවස් 8 කටයි කියලා නොදන්න තකතීරු ආණ්ඩුවක්. ආණ්ඩුවේ මේ මාධ්‍ය සංදර්ශනවලට රැවටෙන්නේ රාජපක්ෂ වහල්ලු විතරයි‘

    මේක බත් කන ආණ්ඩුවක් නෙවෙයි, ජනතාවට පුන්නක්කු කවන ආණ්ඩුවක්. ලංකා ඉතිහාසයේ පළමුවරට හාල් වර්ග 5 ක මිල එක හා සමාන කරලා රු. 90 කට උපරිම සිල්ලර මිලක් නියම කලා. නාඩු, සම්බා, කීරී සම්බා, රතු කැකුළු, සුදු කැකුළු හාල් මිල එකිනෙකට වෙනස් කියලා මේ මහ පොළොවේ පය ගහලා ඉන්න ඕනම කෙනෙක් දන්නවා. සති දෙකයි මේ බොරුව කළේ. දැන් ආණ්ඩුව හොම්බෙන් ගිහින් මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල් මිල වැඩි කලා. රටේ සම්බා, කීරී සම්බා හාල් හිගයක් තියෙනවා. රටේ ගොවියාගේ වී ටික තුට්ටු දෙකට අරගෙන ගොවියා විනාශවුනාට පස්සේ දැන් හාල් පිටරටින් ගෙන්නන්න හදනවා. යැයි කවිරත්න මහත්මිය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළාය.

    නාවික හමුදාව වක්වැල්ල පාළමේ අනතුර දුරු කරයි

    0

    ගිං ග‍‍ඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ‍රප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට අද (27) නාවික හමුදාව කටයුතු යොදා ඇත.

    මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති තිබේ. ඒ අනුව ගිං ගගෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් අසල සිරවීම හේතුවෙන්, ඇතිවිය හැකි ගංවතුර අවධානම් තත්වයට පෙර සූදානමක් වශයෙන් එම පාලම තුල සිරවී තිබු විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කර ඇත. දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම මෙහෙයුම සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් අනුයුක්ත කරන ලද අතර, මහත් පරිශ්‍රමයක් යොදා එම පාලම් ආශිතව ‍එක්රැස්වී තිබූ අපද්‍රව්‍ය ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමට කටයුතු කරන ලදි

    තවද, හදිසි අවස්ථාවකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා තවදුරටත් ගංවතුර අවධානම පවතින ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදා සහන සැළසීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් ස්ථානගත කර සිටී.

    කුවේටයේ දුක් විදින අපේ ශ්‍රමිකයින් රැකගන්න සජිත් කුවේට් තානාපති හමුවෙයි

    0

    සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf bu dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද(27) සිදුවිය.

    මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් අසරණව සිටින අතර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කුවේට් තානාපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය.

    මේ හමුවෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩුව නොපමාව කුවේටයේ සිටින අපේ ජනතාව වෙනුවෙන් මැදිහත් වියයුතු බවය.

    මේ ව්‍යසනය හේතුවෙන් ඉන්දියාව,තායිවානය,බංගලදේශය වැනි  රටවල් කුවේටයේ වෙසෙන තම ශ්‍රමිකයින් සුරක්ෂිත කිරීමට කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ බලධාරීන් අලස සහ මන්දගාමී ලෙස කටයුතු කරන බව  සජිත් ප්‍රේමදාස මහතා කීය.

    එදා මැතිවරණය වෙලාවේ රට විරුවන් සේ හැදින්වූ අපේ විදෙස් ශ්‍රමිකයින් අද ආණ්ඩුව විසින්ම බෝම්බකරුවන් සේ හැදින්වීම තුලින් ගම්‍ය වන්නේ ආණ්ඩුවේ කළගුණ නොදත් අමානුෂික ස්වරූපය බවද ඒ මහතා කීය.

    පසුගියදා සීෂෙල්ස් දිවයිනෙන් එරට පුරවැසියන් මෙරටට ගෙන ඒමේදී ඔවුන් බෝම්බකරුවන් නොවූ බවත් අපේ රටට විදෙස් විනිමය ගෙනෙන අහිංසක අපේම පුරවැසියන් ආණ්ඩුවට බෝම්බ කරුවන් වීම විමතියට කරුණක් බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

    ආණ්ඩුව වහාම කුවේට් ඇතුළු මැදපෙරදිග අසරණව සිටින අපේ ජනතාව කෙරෙහි සක්‍රීයව මැදිහත්විය යුතු බවද ඒ මහතා කීය.