තවත්

    මාලි තරුණියකට නව නිවුන් දරු උපතක්

    0

    මොරොක්කෝවේ රෝහලකදී එකවර මාලි රාජ්‍යයේ තරුණියක් ළදරුවන් නව දෙනෙකු බිහි කර තිබේ.

    බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ කාන්තාවක වන ඇය 25 හැවිරිදි හලීමා සිස්සේ ය.

    අවිවාහක මවක් වන ඇය ළමයින් පස්දෙනෙක් සහ පිරිමි ළමුන් හතරදෙනෙක් බිහිකර තිබේ.

    සිසේරියන් සැත්කමකින් දරුවන් බිහි කළ ඇය සහ ළදරුවන් සියල්ලෝම හොඳින් සිටින බව මාලි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් කර ඇත.

    මාලි සහ මොරොක්කෝවේ වෛද්‍යවරුන්ගේ ඇගයීමට අනුව, ඇයට මුලින් නිවුන් දරුවන් 7 දෙනෙක් සිටින බව අපේක්ෂා කළ නමුත් වෛද්‍යවරුන් කම්පනයට පත් කරමින් දරුවන් දෙදෙනකු උපත ලබා ඇත.

    මාලියන් අගනුවර වන බමාකෝ හි රෝහලක සති දෙකක වෛද්‍ය ප්‍රතිකාරයකින් පසුව වෛද්‍යවරු සිසේගේ දුර්ලභ අවස්ථාව සඳහා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා තිබුණි.

    මාලිහි රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පරිදි බලධාරීන් ඇයව මොරොක්කෝවට පියාසර කරවා තිබුණි.

    එහිදී ඇයව ප්‍රතිකාර සඳහා සායනයකට ඇතුළත් කර ඇත්තේ මාර්තු 30 වනදා බව අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ.

    නව නිවුන් දරුවන් බිහිවීම අතිශයින් දුර්ලභ අවස්ථාවකි.

    රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් – නීතිපති

    0
    Dappula

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බතියුදීන්ට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට පහසුකම් සැලසීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර ඇතැයි වාර්තා වේ.

    “වීරයෙක් වෙන්න හදන්න එපා” – සරත් වීරසේකර SFට කියයි

    0

    වීරයෙක් වෙන්න හදන්න එපා යැයි අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට කළ ප්‍රකාශය සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

    කොවිඩ් විවාදයට එක්ව සිටි අමාත්‍ය සරත් වීරසේකර මහතා, කොවිඩ් පාලනයට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු බුද්ධි ඉටු කරන දායකත්වය පැහැදිලි කරමින් සිටියේය.

    එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා, බීබීසී යට ප්‍රකාශයක් දෙමින් රට පාවා දී ඇතැයි චෝදනා කළ සරත් වීරසේකර මහතා, මෙරට හමුදා අපරාධවලට සාක්ෂි දෙන්නම් යැයි සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පවසා ඇතැයි හෙළි කළේය.

    එහි දී නැගී සිටි සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා, හමුදාවට මිනී මරන්න අයිතියක් දී නැතැයි කියා සිටියේය. එසේම තමන් අඳින ලද නිල ඇඳුමේ ගෞරවය රැක ගන්නැයි වීරසේකර ඇමතිවරයාට කීවේය.

    ඒ සමඟම දෙපසට වාග් සංග්‍රාමයක් ඇතිවිය.

    පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම ගැන ගාමිණි ලොකුගේ කට අරී

    0

    කොවිඩ් 19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය අංශ විසින් හදුනා ගත් පිළියන්දල පොලිස් වසම හුදෙකලා කර පැය කිහිපයකින් නැවතත් ඒ තත්වය වෙනස්කරමින් ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදෙකලා කිරීම ගැන මේ වන විට සමාජයේ ඇත්තේ දැඩි කථාබහකි.

    ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතාගේ නමද ඊට ඈදී ඇත. ඒ සම්බන්ධයෙන් ගාමිණී ලොකුගේ ඇමතිවරයා සිය සමාජ ජාල ගිණුම ඔස්සේ පැහැදිලි කිරීමක් කර තිබේ. එම පැහැදිලි කිරීම මෙසේය.

    “පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 42 කි .මෙම ග්‍රාම සේවා නිලධාරි වසම් පෙර දැනුම් දිමකින් තොරව ක්ෂණකවම සංචරණය සිමාකොට හුදකලා කිරිම තුළින් ජන ජිවිතයට විශාල බලපැමක් සිදුවු බව රහසක් නොවේ.

    දෛනිකව මුදල් උපයා ගනිමින් ජන ජිවිතය ගැට ගසා ගන්නා විශාල පිරිසක් සිටින මෙම ප්‍රදේශය තුල ක්ෂණිකව සිදුකල මෙම හුදකලා කිරිම ගැටලුවක් විය.

    සෞඛ්‍ය අංශ මගින් ලබා ගත් තොරතුරු මත කොවිඩ් 19 වසංගත රෝගයට විශාල ලෙස ගොදුරු වි සිටින ප්‍රදේශ තව දුරටත් එම හුදකලා තත්වයේ පවත්වාගෙන යාම හා ඉතා අවම ලෙස රෝගය ව්‍යප්ත වි ඇති ග්‍රාම නිලධාරින් වසම් හුදකලා බවින් නිදහස් කර දෙන ලෙස ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස ප්‍රදේශවාසින් මාගෙන් කරන ලද ඉල්ලිම සලකා බලා එයට අවශ්‍ය විසදුමක් ලබා දිමට සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරිමක් මා විසින් කල බව පමණක් දන්වමි.“

    සජබ ලොක්ඩවුන් ඉල්ලන්නෙ මිනිස්සු පාරට දාන්න

    0

    සමගි ජනබලවේගය රටම ලොක්ඩවුන් කරන්නැයි ඉල්ලන්නෙ දේශපාලන වාසියක් දිනා ගැනීමට බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කොවිඩ් 19 විවාදයට එක්වෙමින් හෙතම මේ බව පෙන්වා දුන්නේය.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ ද කීවේය.

    ලොක්ඩවුන් කිරීමේ අතුරුපලය හොඳ වෙන්නෙ නෑ. සජබෙ ලොක්ඩවුන් කරන්න කියන්නෙ දේශපාලන වාසියක් දිනා ගන්න.

    විපක්ෂය සහය දුන්නත් නොදුන්නත් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ගතයුතු තීන්දුව කලට වෙලාවට ගන්නවා.

    අපි දන්නවා විපක්ෂය අඩුපාඩු පෙන්වන එක හොඳයි. ඒ අඩුපාඩු හදාගන්න අපි සූදානමින් ඉන්නවා. විපක්ෂයත් මේ මොහොතේ ඔබට පැවරෙන වගකීම ඉටු කරන්න.

    සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය වෙලාවට ලොක්ඩවුන් තීන්දු තීරණ ගනීවි. ඒවට කිසිදු බලපෑමක් නැහැ. ඒත් ඇයි මේ ලොක්ඩවුන් ගැන විපක්ෂය කතා කරන්නෙ. අපි දන්නවා. ජනතාව පාරට බස්සන අවස්ථාවක් උද්ගත කරගන්නයි මේ බලන්නෙ.

    එදා යුද්ධය දිනාගෙන එනවිටත් මේ අය ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. ඒකට සහය දුන්නෙ නැහැ.

    සාමාන්‍ය ගොවියාගේ නිෂ්පාදන විකුණා ගන්න බැරි වෙනකොට, මිනිස්සුන්ට කෑම බීම අඩුවෙනකොට ඒක කරන්න ලෙහෙසියි. අපි ඒක දන්නවා.

    විපක්ෂ නායකතුමා , මාධ්‍යයේ කතා කරනවා දැක්කම මාත් හිතුවා එතුමා අවංකව කතා කරන්නෙ කියලා.හැබැයි එතුමාගෙ හක්කෙ බුදුරැස්, බොක්කෙ දඩමස්.

    කිරිඇල්ල මන්ත්‍රීතුමා කියනවා ඉන්දියාවෙන් උදව් ගන්න කියලා. හැබැයි දැන් ඉන්දියාව ඉන්නෙ අපි හැමෝම ඔවුන්ට උදව් කළ යුතු තැනක යැයි හෙතම කීවේය.

    මෙක්සිකෝවේ මෙට්‍රෝ මාර්ගයක් දුම්රියක් සමග කඩා වැටෙයි

    0

    උතුරු අමෙරිකානු රාජ්‍යක් වන මෙක්සිකෝවේ අගනගරය වන මෙක්සිකෝ සිටි හි 24 දෙනෙකු බිලිගනිමින් සිදුවූ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් කඩා වැටීම පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් ඒ පිළිබඳ අදහස් දක්වමින් “කිසිවක් සැඟවිය නොහැකි” බව පැවසූ අතර නගරාධිපතිවරයා කියා සිටියේ බාහිර විමර්ශන කණ්ඩායමක් මෙම පරීක්ෂණයට සම්බන්ධ වනු ඇති බවයි.

    මෑතකදී ඉදිකළ මෙට්‍රෝ මාර්ගයෙන් තදාසන්න කාර්‍යබහුල මාර්ගයකට එම මෙට්‍රෝ දුම් රිය වැටී අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගියේය.

    මෙහිදී ළමුන් කිහිප දෙනෙකු දෙනෙකු ද මියගොස් තිබූ අතර 79 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

    අගනුවර ගිනිකොනදිග තදාසන්න ප්‍රදේශයක මෑතකදී ඉදිකරන ලද මාර්ගයක මෙම කඩාවැටීම සිදුවී ඇති අතර එය විවෘත කළ දින සිට ගැටළුවලින් පීඩා විඳින බව එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    තුවාල ලැබූවන්ගෙන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් තිදෙනෙකු දරුවන් බවත් නගරාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් පවසයි.

    ඇය අඟහරුවාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මළ සිරුරු හතරක් තවමත් දුම්රියේ තිබෙන බවයි.

    2012 සිට එහි දියත් වූ මෙට්‍රො මාර්ග ඉදිකිරීම්වල සැලසුම් ගැටළු සහ ඉදිකිරීම් ප්‍රමිතීන් මෙන්ම දූෂණ චෝදනා ද විය.

    පළාත් වශයෙන් හෝ රට ලොක්ඩවුන් කරන්න සජබ මන්ත්‍රී කිරිඇල්ල ඉල්ලයි

    0

    පළාත් වශයෙන් හෝ රට ලොක්ඩවුන් කරන්නැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (05) දින පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

    වැඩපිළිවෙළක් තියෙනවා නම් පමණක් ආණ්ඩුවට සහයෝගය දෙන්න සූදානම් බව හෙතම පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන කොවිඩ් විවාදයට එක්වෙමින් කියා සිටියේය.

    ආණ්ඩුව තෝරාගන්නෙ ආර්ථිකය ව්‍යවසනය ද සෞඛ්‍ය ව්‍යවසනය දැයි හෙතම විමසා සිටියේය.

    දේශපාලන තීන්දුවලට සහය නොදෙන බව කී කිරිඇල්ල මන්ත්‍රීවරයා, මේ සම්බන්ධව තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් පත්කරන්නැයි ඉල්ලා සිටියේය.

    සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන කාරණාවලට ආණ්ඩුව නිහඬව සිටින බව හෙතම පැවසීය.

    චීනයට මෙරටට බින්න බහින්න දීම නිසා ඉන්දියාව ශ්‍රී ලංකා සමඟ අමනාප වී ඇතැයි මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

    ඉන්දියාව කලාපීය බලවතා බව කී මන්ත්‍රීවරයා, හොඳ හිත වර්ධනය කරගෙන සිටියා නම් ඉන්දියාවෙන් එන්නත් ලබා ගැනීමට හැකියාව තිබූ බව කියා සිටියේය.

    ජනපති පාර්ලිමේන්තුවට

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙයට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. මේ වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැදී සිටී.

    ආසන ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යන බස් රථවලට වැඩ වරදී

    0

    මගී ප්‍රවාහන බස් රථවල ආසන ගණනට වඩා මගීන් ප්‍රවාහනය කරන්නේ නම් වහාම එම බස් රථවල රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නිරෝදායන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා දිවයිනේ සියළුම පොලිස් ස්ථානවලට නියෝගයක් නිකුත්කර තිබේ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කුලී රථයක රැගෙන යාහැකි උපරිම මගීන් ගණන රියදුරු හැරුණු කොට දෙදෙනෙකි. එම සීමාවන්ද උල්ලංඝණය කරමින් කටයුතුකරන කුලී රථවලටද එරෙහිව පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයා එම නියෝගයෙන්ම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.

    ප්‍රජා පොලිසිය ශක්තිමත් කරන්න පොලිස්පති කරන්න යන දේ

    0

    මේ වන විට පවතී. සිය පොලිස් වසමේ පදිංචිව සිටින විශේෂ පුද්ගලයින් ගොඩනැගිලි ව්‍යාපාරික ස්ථාන ආදීය සම්බන්ධයෙන් සියළුම තොරතුරු ඇතුලත් ගොනුවක් පවත්වාගෙන යාම අනිවර්ය බව පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ඊයේ (04) උපදෙස් දුන්නේය.

    ඒ සූම් තාක්ෂණය ඔස්සේ පොලිස් ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය. එහිදී විශේෂ අවධානයකට ලක්ව ඇත්තේ ප්‍රජා පොලිස් නව රාජ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙනි. පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන්ට අවධාරණය කර ඇත්තේ ප්‍රජා පොලිස් ලෙස නව රාජ්‍ය අමාත්‍ය ධූරයක් ඇතිකරන්නේ ජනාධිපතිවරයා එම විෂය කෙරෙහි විශේෂ අවධානයක් දක්වන නිසා බවය. එබැවින් සෑම පොලිස් ස්ථානයකම එම වසමේ පදිංචිකරුවන් ගැන මෙන්ම භූමියේ සෑම තොරතුරක්ම ගොනුගතකර තබාගත යුතු බව සදහන් කර ඇත.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ප්‍රජා පොලිස් සංකල්පය ඉතා හොදින් කරගෙන යන නිලධාරියෙක් බව පෙන්වා දෙමින් ඔහුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද පොලිස්පතිවරයා සියළුම පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. තමා නුගේගොඩ සහ මාතර සේවයේ නිරතව සිටියදී දේශබන්දු තෙන්නකෝන් සමග වැඩකර ඇති බවත් ඔහු දක්ෂ ලෙස ප්‍රජා පොලිස් කටයුතු කරන ආකාරය දුටු බවත් පොලිස්පතිවරයා එහිදී සදහන් කර තිබේ. කෙසේ වෙතත් පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේ මේ වන විට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ප්‍රජා පොලිස් විෂයට වෙන්කර නොමැති බැවින් ඉදිරියේදී ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යංශයේ කටයුතු ශක්තිමත් කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නම්කරනු ඇති බවය. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමේදී ඉගිකරනු ලැබුවේ එසේ නම්කරන නිලධාරියා ගැනදැයි පොලිස් ප්‍රධානීන් අතර කුසුකුසුවක්ද

    පිළියන්දල ලොක්ඩවුන් කරනවාද? නැද්ද?

    0

    මේ වන විට ආන්දෝලනයට තුඩුදී ඇති පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත විශේෂ තාක්ෂණික කණ්ඩායමක් අද (05) පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශ ආශිතව විමර්ශනයක් පැවැත්වීමට නියමිතව ඇත.

    පිළියන්දල පොලිස් වසම හුදෙකලා කරන්නේද? නැද්ද? යන්න පැහැදිලිවම තීරණයක් එම තාක්ෂණික කණ්ඩායම තමාට ලබාදෙන වාර්තාවට අනුව තීරණය කරන බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී බලප්‍රෙද්ශය තුළ මේ වන විට කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සීග්‍රෙයන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව පසුගිය දා පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කළ බව පිළියන්දල සෞඛ්‍ය සේවා බලධාරීන් සදහන් කරයි. එහෙත් පැය කිහිපයක් ඇතුලත පිළියන්දල පොලිස්වසම හුදෙකලා බවින් මුදාහැර ග්‍රාමසේවා වසම් කිහිපයක් පමණක් හුදෙකලා කිරීමේ නිවේදනයක් නිකුත් විය. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දිගින් දිගටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමේදී ඔහු සදහන් කරනු ලැබුවේ පිළියන්දල හුදෙකලා බවින් මුදා හැරීම තමාගේ අනුදැනුමකින් තොරව සිදුවූවක් බවත් එය කළේ කවුරුන්දැයි තමාට නම් වශයෙන් සදහන් කළ නොහැකි බවත්ය.

    පිළියන්දල පොලිස් බල ප්‍රදේශය තුළ කළ අහඹු පී.සී,ආර්. පරීක්ෂණ සදහා යොමු කළ පුද්ගලයින් 95 දෙනෙකුගෙන් 72 දෙදෙනකුට කොව්ඩි ආසාදිත බව අද (05) තහවුරු වන්නේ මෙවන් තත්වයක් පිළියන්දල සම්බන්ධයෙන් පවතින මොහොතකය.

    මෙරට පුද්ගලයන් 140,000කට කොවිඩ් එන්නත සම්පූර්ණයි

    0

    ඔක්ස්ෆර්ඩ්‌ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්‌ එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී මේ වනවිට පුද්ගලයන්‌ 139,286 දෙනෙකුගේ එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.

    ඊයේ දිනය තුළ පමණක්‌ 21,715 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබාදී ඇත.

    පසුගිය ජනවාරි 29 වනදා සිට ඔක්ස්ෆර්ඩ්‌ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්‌ එන්නත මෙරට තුළ එන්තත්කරණය
    ආරම්භ කර තිබුණි.

    ඒ අනුව කොවිෂීල්ඩ්‌ එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන්‌ 925,242කුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන්‌ කළේ ය.


    හදමින් තිබූ ගොඩනැගිල්ලක 10 වැනි මහලෙන් වැටී තරුණයෙක් මරුට

    0
    Hispanic worker falling from ladder inside building

    ඉදිකෙරමින් ඇති මහල් ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණ පෙරේරුවෙක් මියගොස් ඇත.

    කොල්අලුපිටිය මල් පාරේ පිහිටි එම ගොඩනැල්ලෙන් බිමට ඇද වැටී මියගොස් ඇත්තේ රත්මලාන කොතලාවලපුර පදිංචිව සිටියෙකි.

    මෙම අනතුර ඊයේ (04) සවස 5.30ට පමණ සිදුව ඇත.

    මහරගම- පිළියන්දල ගම් 3ක් ඇතුළුව ප්‍රදේශ 12ක් ලොක්ඩවුන්

    0

    කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම සහ පිළියන්දල ප්‍රදේශ 3ක් ඇතුළු දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 12ක් අද (05)  හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණ ගෙන ඇති බවය.

    කොළඹ දිස්ත්‍රික්කය

    මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම

    පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම

    දැල්තර ග්‍රාම නිලධාරී වසම

    ගම්පහ දිස්ත්‍රික්කය

    කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල

    රත්නපුර දිස්ත්‍රික්කය

    ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් පල්ලේගම ග්‍රාම නිලධාරී වසම

    උඩගම ග්‍රාම නිලධාරී වසම

    නවනගරය ග්‍රාම නිලධාරී වසම

    පනාමුර පොලිස් බලප්‍රදේශයට අයත් වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම

    සුදුගල ග්‍රාම නිලධාරී වසම

    පනාමුර ග්‍රාම නිලධාරී වසම

    වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම

    වව්නියාව දිස්ත්‍රික්කය

    පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

    ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 7000ක් ලංකාව ඇණවු ම් කරයි

    0

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන්ට සූදානම් වීම සඳහා ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 7000ක් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඇණවුම් කර තිබේ.

    ඉන් 400ක් මෙම සතියේ දී ලැබෙන අතර අනෙකුත් සිලින්ඩර් කඩිනමින් ලබා දීමට අදාළ සමාගම් පොරොන්දු වී ඇත.

    ශ්‍රී ලංකාවේ රෝහල් තුළ දැනට ඔක්සිජන් හිඟයක් ඇතිවී නොමැත. දැනට රෝහල් තුළ ඔක්සිජන් සාමාන්‍ය සිලින්ඩර් 24000ක් සහ ජම්බෝ සිලින්ඩර් 4000ක් තිබේ.

    අලුතින් තවත් ජම්බෝ සිලින්ඩර් 7000ක් ඇණවුම් කර ඇත්තේ අතිරික්තයක් ලෙසය.

    මේ අතර ඔක්සිජන් ටොන් 25ක් දැනට රෝහල්වල තිබෙන අතර එම ප්‍රමාණය අවශ්‍යතාව අනුව ටොන් 80ක් දක්වා ඉහළ දැමීමේ හැකියාව ඇති බව අදාළ සමාගම් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත.

    කොවිඩ් වැළඳුණු රෝගීන් 58කට අසාධ්‍යයයි

    0
    A medical worker takes notes near a patient at the intensive care unit (ICU) of the Emergencias de Villa El Salvador hospital, during the outbreak of the coronavirus disease (COVID-19), in Lima, Peru, December 22, 2020. REUTERS/Angela Ponce NO RESALES. NO ARCHIVES REFILE - CORRECTING INFORMATION

    කොවිඩ් වැළඳී ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 58 දෙනෙකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    මෙරට අසාධ්‍ය තත්ත්වයට පත්වන කොවිඩ් රෝගීන් වෙනුවෙන් පමණක් දැඩි සත්කාර ඇඳන් 104ක් වෙන්කර තිබෙන අතර එම සංඛ්‍යාව ඉදිරියේ දී තවත් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    අදාළ රෝගීන් සුව කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය සියලු උත්සාහයන් දරමින් සිටින බව සෞඛ්‍ය අමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

    පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබඳ ආණ්ඩු ව නිහඬ වෙයි

    0

    පවතින වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශවලට නොයා සිටීමට ආණ්ඩුව තීරණය කර ඇත.

    ඒ අනුව මාධ්‍යවල පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කරුණු දැක්වීම මෙන්ම කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබූ අදහසින් ආණ්ඩුව ඉවත්වී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    එහෙත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර වශයෙන් පැවැති සාකච්ඡා ඉදිරියටත් පැවැත්වෙනු ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ඉන්දියාවේ මැතිවරණ පැවැත්වීම සහ ඊට සමගාමීව කොවිඩ් ආසාධිතයන් ඉහළ යාම නිසා පළාත් සභා පැවැත්වීම ජනප්‍රිය මාතෘකාවක් නොවන බව ආණ්ඩුව තීරණය කර ඇත.

    NVQ – 4 සාමාන්‍ය පෙළසමත් ලෙස පිළිගන්නැයි ඇමති නාමල්ගෙන් යෝජනාවක්

    0

    වෘත්තිය පුහුණු NVQ – 4 සම්පූර්ණ කර ඇත්නම් එම තරුණයන් හෝ තරුණියන් සාමාන්‍ය පෙළ සමත් ලෙස පිළිගන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මතය අනුව යමින් කැබිනට් අමාත්‍යවරුන් රැසක් මේ වනවිට එම ඉල්ලීම රජයට කර තිබේ.

    දිය යට පෑස්සුම් ශිල්පය වැනි ලොව ගෙවීම් අධික රැකියාවන්ට යොමුවිය හැකි සාමාන්‍ය පෙළ අසමත් NVQ – 4 වෘත්තිය පුහුණුව සම්පූර්ණ කළ මෙරට තරුණයන් සමාන්‍ය පෙළ අසමත් ලෙස සැලකීම නිසා රජයේ රැකියා අහිමිව සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.

    ඒ අනුව මෙම ගැටලුවට විසඳුමක් නොබෝදිනකින් කැබිනට් මණ්ඩලයේ දී තීන්දු කිරීමට නියමිතය.

    පිටරටින් ආවම දින 7 මධ්‍යස්ථානයේ තවත් 7ක්ගෙ දර

    0

    විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවල සතියක කාලයක් තබා පී.සී.ආර් පරීක්ෂණයකින් පසුව නිවෙස්වලට යැවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.

    ඒ අනුව පළමු දින හත නිරෝධායන නීති රීතිවලට අනුව නිරෝධායන මධ්‍යස්ථානවලත් අනෙක් දින හත දැඩි රැකවල් මැද ඔවුන්ගේ නිවෙස්වලත් නිරෝධායනයට යොමු කිරීමට නියමිතය.

    කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ උද්ගතවිය හැකි ඇඳන් හිඟය පියවා ගැනීමේ පියවරක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරනු ඇත.

    මේ වනවිට විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වන පිරිස දස දහසකට ආසන්න බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    ඇපදුන් 400-500ක් පී.සී.ආර් නැතිව හිරවෙයි

    0

    බන්ධනාගාරවලින් ඇප ලබා නිදහස ලැබූ රැදවියන් හාරසියයත් පන්සියයත් අතර සංඛ්‍යාවක් පී.සී.ආර් පරීක්ෂණ නැතිව නිදහස් කිරීමට නොහැකිව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙසේ ඇප ලබා නිදහස්වන රැදවියන්ට ඉක්මනින් පී.සී.ආර් පරීක්ෂණ කර දෙන්නැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සෞඛ්‍ය ඇමතිතුමියගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් අදාළ කටයුතු කඩිනම් කිරීමට අද හෙටම පියවර ගන්නා බව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනටමත් දන්වා ඇත.

    මෙයට සමගාමීව අගුණුකොළපැලැස්ස ඇතුළු රැදවුම් මධ්‍යස්ථාන කිහිපයක ඇතිවීමට ගිය කලහකාරී තත්ත්වයන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මැදිහත්වී සමතයකට පත්කර තිබිණි.

    ජනපතිගේ රසායන පොහොර තහනම අගය නොකරන ඇමතිව රු!

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාබනික පොහොර භාවිතය දිරිමත් කරමින් රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කිරීමට ගෙන ඇති තීන්දුව ආණ්ඩුවේම ඇතැම් ඇමතිවරුන් විවේචනය කර ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන කාරණයට එකඟ බව පවසමින් වුවද ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පසුගියදා රසායනික පොහොර භාවිතයෙන් ඉවත් කිරීමට අදාළ සිය විවේචනයන් ඉදිරිපත් කර තිබේ.

    ප්‍රමාණවත් තරම් කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වුවහොත් ගොවීන් නගන චෝදනාවන් ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වා දී ඇත.

    අස්වැන්න අඩුවීම, බලාපොරොත්තුවන විදේශ විනිමය අහිමිවීම, දිගු කාලීන වැඩපිළිවෙලක් ඉදිරිපත් නොවීම ඇතුළු කරුණු කිහිපයක් ඔස්සේ අමාත්‍යවරුන්ගේ මෙම අදහස් ඉදිරිපත්වී තිබේ.

    එහෙත් ආහාර පරිභෝජනයේ දී මහජනතාවට සෞඛ්‍ය සම්පන්න වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ක්‍රමය බවද මෙම අමාත්‍යවරුන් පිළිගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    2020 උසස් පෙළ ප්‍රථමයෝ මෙන්න

    0

    2020 අපොස උසස් පෙළ විභාගයේ අද නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන් සිසුවා සමත්වී ඇත.

    වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක සිසුවිය සමත් වූවාය.

    කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණිට හිමිව තිබේ.

    2020 උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 301,771ක් මුහුණ දුනි.

    ඉන් 194,297ක් විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට වරම් හිමිකරගෙන තිබේ. එම ප්‍රතිශතය 64.39%කි.

    සිසුන් 89 දෙනකුගේ ප්‍රතිඵල අත් හිටුවා තිබේ.

    විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පහසුකම් සපයන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

    වාණිජ අංශයේ දිවයිනේ පළමු තැන ගාල්ල සංඝමිත්තයට

    0

    වාණිජ අංශයේ දිවයිනේ පළමු තැනට ගාල්ල සංඝමිත්තයේ අමන්දි ඉමාෂා මදනායක දියණිය පත්ව තිබේ.

    ඉදිරි සති දෙකේදී කොවිඩ් රෝගීන්ට තවත් ඇඳන් 10,000ක්

    0

    Covid -19 ආසාදිත රෝගීන් වෙනුවෙන් ඉදිරි සති 2 තුළ ඇඳන් 10,000ක් වෙන්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    මෙම වසර අවසානයට පෙර මෙරට ජනගහනයෙන් 63% කට වැඩි පිරිසකට කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සම්පූර්ණ කිරීමට හැකියාව පවතින බව ද අමාත්‍යවරිය අවධාරණය කළාය.

    අද (04) පාර්ලිමේන්තුවේ දී පැවති කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳ විශේෂ කල්තැබීමේ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    “අද දිනයේ සිට අපි පටන් ගන්නා ස්පුට්නික් එන්නත මගින්, මෙම සතිය තුළ ආරම්භ කරන එන්නත් ක්‍රියාවලිය බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට අපට හැකියාව ලැබෙනවා. දැනට කොවිඩ් රෝගීන් සඳහා දල වශයෙන් ඇඳන් 13,800ක් රෝහල් තුළ අපි වෙන්කර තිබෙනවා. ඉදිරි සති 2 තුළ තවත් ඇඳන් 10,000ක් අපි වෙන් කරනවා. දැනට අපේ රටේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ටොන් 25යි. එහෙත් ඔක්සිජන් ටොන් 80කට ධාරිතාව වැඩි කිරීමේ හැකියාව අප සතුයි.”

    රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,”ඉන්දියාවේ වසංගතයත් සමග අවශ්‍ය එන්නත් ටික දෙන්න බැරි වෙනවා. ඒ නිසා අපිට ලක්ෂ 6ක එන්නත්වල ගැටලුවක් තියෙනවා. අපි ඒක හංගන්න දෙයක් නෑ. ඒක රජයේ වරදක් නෙමෙයි.” යනුවෙන් සඳහන් කළාය

    රාජ්‍ය අංශයේ නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය අසාර්ථකයි – මහබැංකුව

    0

    ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයට ගොදුරු වීමෙන් පසු රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක කරන ලද නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් සාර්ථක නොවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් හා සාක්ෂරතාව සම්බන්ධ ගැටළු ඊට හේතු වූ බව මහබැංකුව සිය නවතම වාර්ෂික වාර්තාවෙන් අවධාරණය කරයි.

    COVID-19 අගුළු දැමීමේ හා ඇඳිරි නීතිය යටතේ රාජ්‍ය අංශයේ ඊමේල් සන්නිවේදනය විධිමත් කෙරිණි.

    එහෙත් රාජ්‍ය අංශයේ බොහෝ රැකියා නිවසේ සිට ඉටු කිරීමට නුසුදුසු බැවින් උත්සාහය බලාපොරොත්තු වූ පරිදි සිදු නොවූ බව මහබැංකුව පෙන්වා දෙයි.

    ඩිජිටල්කරණයේ වර්තමාන තත්ත්වය අනුව සාමාන්‍ය ජනතාවට සපයනු ලබන මහජන සේවාවන්ගෙන් බහුතරයක් පුද්ගලිකව ඉටු කිරීම වෙනුවෙන් සකසා තිබීම ඊට හේතුවයි.

    රාජ්‍ය අංශය තුළ තවමත් ලේඛන කටයුතු හා ක්‍රියා පටිපාටිවලින් වැඩි ප්‍රමාණයක් ඩිජිටල්කරණය කර නොමැත.

    මේ හේතුවෙන් දුරස්ථ වැඩ කිරීම හෝ සේවා ස්ථානයෙන් බැහැරව අදාළ කාර්යයන් ඉටු කිරීමේදී අතපසු වීම් හා අකාර්යක්ෂමතාවයන් ඇතිවිය හැකි බව මහ බැංකුව පවසයි.

    “එවැනි තත්වයන්ට අදාළ නියමයන් හා කොන්දේසි සම්බන්ධයෙන් නිසි නීති සම්පාදනය කරමින් නිවසේ සිට වැඩ කළහැකි කර්මාන්ත, සමාගම්, රැකියා වර්ග සහ රැකියා කාර්යයන් පිළිබඳ පැහැදිලි හඳුනා ගැනීමක් සහ ඒ ගැන තක්සේරුවක් තිබිය යුතුය” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතා මට්ටම ඉහළ නැංවීම සඳහා සම්බන්ධීකරණ පියවර ගණනාවක් ඉටුකිරීම අත්‍යවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ.

    අවශ්‍ය අධීක්ෂණ මට්ටම, ප්‍රමාණවත් ලබා ගැනීමේ හැකියාව, භෞතික හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ උපකරණවල ගුණාත්මකභාවය සහ සේවකයින්ගේ ජීවන තත්ත්වයන් අනුව එක් එක් සේවා සැපයීම් තක්සේරු කිරීම අවශ්‍ය වේ.

    ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව (2020) ශ්‍රී ලංකාවේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාව සියයට 30.8 ක් සහ සියයට 46.0 ක් වේ.

    දිගුකාලීනව නිවසේ සිට වැඩ කිරීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, පුළුල් ජාල ආවරණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

    මෙහිදී පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කළ යුතු බවද වාර්තාවේ දැක්වේ.

    රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ දී දත්ත හා දත්තවල ආරක්ෂාව උල්ලංඝනය වීම් හා ඒ සම්බන්ධ තර්ජන වැඩිවන බව ද පිළිගත යුතු යැයි මහ බැංකුව අනතුරු අඟවයි.

    ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මිත්‍රත්ව පාලමට ගම්මන්පිල තෝරා ගනී

    0

    ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස අමාත්‍ය උදය ගම්මන්පිල තේරී පත් විය.

    රණවිරු සැමරුම් මාසය අද සිට ඇරඹේ

    0

    රණවිරු සැමරුම් මාසය අද(04) සිට ආරම්භ වේ.

    රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැළඳවිණි.

    අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය පැළඳවීම සිදු කරනු ලැබිණි.

    මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ද එක්ව සිටියේ ය.

    දශක 3 කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සමරනු ලැබේ.

    බොරැල්ලෙ දේවි බාලිකාවේ කොටසක් නුගේගොඩට ගෙනයාමේ සුදානමක්

    0

    අංජනා මල්ලවආරච්චි

    කොළඹ දේවි බාලිකා විද්‍යාලය සංවර්ධනය කිරීමේ මුවාවෙන් එම විද්‍යාලයේ කොටසක් වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට විදුහල්පතිනිය ඇතුළු පිරිසක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට දේවි බාලිකාව සුරැකීමේ සංවිධානයේ ලේකම් මිලෝචනා ශිමාලි මහත්මිය චෝදනා කළාය.

    දේවි බාලිකා විද්‍යාලයට මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු රුපියල් බිලියන 100ක මුදලක් ලබා දෙන බවක් විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා, ගණිත අංශය නුගේගොඩ විජයරාම විද්‍යාලයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට මෙම පිරිස සැලසුම් කරන බවටත් ලේකම්වරිය චෝදනා කළාය.

    දෙවි බාලිකාවේ කොටසක් බොරැල්ලේ තිබියදී නුගේගොඩට අනෙක් කොටස රැගෙන යාම සහ එම වැඩපිළිවෙළ දේශපාලන සහාය ලැබීමත් රහසිගතව ක්‍රියාත්මක වීමත් හරහා සැක සංකා මතු වන බවද දේවි බාලිකාව සුරැකීමේ සංවිධානයේ ලේකම්වරිය පැවසුවාය.

    දේවි බාලිකා විද්‍යාලය අඩසියවසකට ආසන්න කාලයක් තිස්සේ රටට කීර්තිමත් ශිෂ්‍යාවන් බිහි කළ විද්‍යාලයක් වන අතර වත්මන් විදුහල්පතිනියගේ නව වැඩපිළිවෙළ හේතුවෙන් පාසල පිරිහී යාමේ අවදානමක් තිබෙන බවද ලේකම්වරිය කීවාය.

    රාජ්‍ය සේවකයන්ට සේවා මුර දෙන්නැයි දුම්රිය බලධාරීන් ඉල්ලයි

    0

    පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ දුම්රිය මගීන්ට පහසුකම් සලසාදීම සඳහා රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල වේලාවන් සංශෝධනය කරදෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව ඊට අදාළ ලිපිය අද (04) දිනයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිත බව වාර්තාවේ.

    දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මගින් පමණක් දුම්රියෙන් ගමන් කරන පිරිස් 65,000කට ආසන්න වේ.

    නමුත් වත්මන් තත්වය හමුවේ දුම්රිය ආසන ලබාදිය හැක්කේ 26,000 වැනි සංඛ්‍යාවකට පමණි.

    එබැවින් රාජ්‍ය සේවකයින්ගේ සේවයට පැමිණීමේ වේලාව සහ සේවා අවසන් කිරීමේ වෙලාව කොටස් දෙකකට වෙන්කර මේ කටයුතු පහසු කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටී.