තවත්

    LGBT ලිංගික පරිවර්තන ප්‍රතිකාරය කැනඩාවේ තහනම් වෙයි

    0

    පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය වෙනස් කිරීමට උත්සාහ කරන සහ වෛද්‍ය වෘත්තිකයන් විසින් හෙළා දැක ඇති සමලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකයින් (LGBT) සඳහා වන පරිවර්තන ප්‍රතිකාරය තහනම් කිරීමට කැනඩාවේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඊයේ ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    නව නීතිය මගින් දරුවෙකු මෙම පුරුද්දට ලක් කිරීම හෝ අකමැත්තෙන් කිසිවකු එයට යටත් කර ගැනීම නීති විරෝධී කරයි.

    අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ ලිබරල්වාදීන් මෙම පියවර යෝජනා කළද,
    එහි තීරණයට ආණ්ඩු සහ විපක්ෂ සැමගේ සවේදීභාවයත් අත්පොළසන් දීමටත් හේතු විය.

    පුද්ගලයන්ගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට අදහස් කරන පරිවර්තන ප්‍රතිකාරය පුළුල් ලෙස අපකීර්තියට පත්ව ඇත.

    සභාව ජුනි මාසයේදී පනතේ පෙර අනුවාදයක් සම්මත කළ නමුත් ටෘඩෝ සැප්තැම්බර් මාසයේදී මැතිවරණයක් කැඳවීමට නිසා සෙනෙට් සභාව එය ඉවත් කිරීමට එය අපොහොසත් විය.

    ඊයේ මෙම පනත සම්මත කර ගත් අවස්ථාවේ සභා ගර්භයේ හැඟීම්බර දර්ශන දැකගත හැකි විය.

    ලිබරල් මන්ත්‍රීවරු අනෙක් පසට ගොස් ඔවුන්ගේ කොන්සර්වේටිව් සගයන් සමඟ අතට අත දීමට සහ වැළඳ ගැනීමට කටයුතු කළ බව එරට පුවත් වාර්තා කරයි.

    කොන්සර්වේටිව් නායක එරින් ඕ’ටූල් ඔහුගේ දේශපාලන මණ්ඩලයට මෙම ගැටලුව සම්බන්ධයෙන් නිදහස් ඡන්දයක් ලබා දීමට ඉඩ ලබා දුන්නේය. නමුත් ලිබරල් මන්ත්‍රී සීමස් ඕ’රේගන් පවසන පරිදි පනතට ඒකමතික සහයෝගය ලැබීම පුදුමයට පත් කළ කරුණක් විය.

    LGBT ගැටළු සම්බන්ධයෙන් ටෲඩෝගේ විශේෂ උපදේශකයෙකු වන සංචාරක අමාත්‍ය රැන්ඩි බොයිසොනෝල්ට් මෙසේ පැවසීය: “කිසිවෙකුට වධහිංසා පැමිණවීමට එකඟ විය නොහැක. “එය දිවි ගලවා ගත් අයට හොඳ දවසක්, ඔවුන් අත්විඳින දේ වෙන කිසිවෙකුට සිදු නොවන බව දැන ගැනීමට.”

    මෙම ලිංගික පරිවර්තන චිකිත්සාවට කථන චිකිත්සාව, මෝහනය, විදුලි කම්පන සහ නිරාහාරය ඇතුළත් විය හැකිය.

    ඇමරිකානු වෛද්‍ය සංගමය මෙම ක්‍රමය හානිකර සහ අකාර්යක්ෂම ලෙස හඳුන්වයි.

    ජ්‍යෙෂ්ඨ සමලිංගික ලිබරල්වාදීන්, සමහරු කඳුළු සලමින් කියා සිටියේ ඡන්දයෙන් අදහස් කළේ LGBT ප්‍රජාවේ සාමාජිකයින්ට නැවත කිසි දිනෙක හිරිහැරවලට මුහුණ දීමට සිදු නොවන බවයි.

    පනත දැන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව විසින් අනුමත කළ යුතුය.

    අද එන්නත් මධ්‍යස්ථාන 137ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 137කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 02.12.2021

    දමිළ ප්‍රගතිශීලී සන්ධානය ‘විදුලි පන්දමෙන්’ එළිය දෙන්න සූදානම්

    0

    දමිළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබේ.

    “විදුලි පන්දම” ලාංඡනය සමඟ එම නීත්‍යානුකූල පිළිගැනීම ලබා ඇති බව එහි නායක මනෝ ගනේෂන් මහතා පවසයි.

    “අපේ ජනතාව කිව්වේ එකට හිටගන්න කියලා, අපි කළා..!” යැයි මනෝ ගනේෂන් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.

    දමිළ ප්‍රගතිශීලී සන්ධානය 2015 දී ආරම්භ කරන ලද්දකි.

    රට ඉඳන් වැරදි පාරෙන් මුදල් එව්වොත් ගිණුම් අත්හිටුවයි

    0

    නීතිවිරෝධී මුදල් සම්පේ‍්‍රෂණ ක‍්‍රම මගින් මුදල් බෙදා හරින සහ ලබන අයගේ බැංකු ගිණුම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවන බව මහබැංකු අධිපත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    එබැවින් විදේශගතව සිටින ලාංකිකයන් මෙරටට මුදල් එවීමේදී නීත්‍යනුකූල ක්‍රම භාවිත කිරීමට පමණක් කටයුතු කරන ලෙස මහබැංකු අධිපතිවරයා අවධාරණය කර සිටී.

    අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමාකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ගත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

    ජනවාරි සිට බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලයි

    0

    ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසයි.

    ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතු බවට සිය සංගමයේ යෝජනා කරන වන බව ද විජේරත්න මහතා සඳහන් කළේය.

    ඒ සඳහා වන යෝජනාව ලබන සතියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් යොමුකරන බව ද ඔහු පැවසීය.

    චීනයෙන් ලෝකය ගලවාගන්න යුරෝපා සංගමයෙන් අලුත් මෙහෙයුමක්

    0

    යුරෝප සංගමය විසින් චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහනට විකල්පයක් වශයෙන් යුරෝ බිලියන තුන්සියයක ගෝලීය ආයෝජනය වැඩසටහන් අද දින එළිදක්වනු ලැබීය.

    ගෝලීය දොරටවු නමින් හැදින්වෙන මෙම වැඩසටහන මෙම වසරේ සිට 2027 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර එමගින් වඩාත් විනිවිදභාවයකින් යුත් අයෝජන සහ යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩටසහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

    මෙම වැඩසටහන එළිදක්වමින් යුරෝපා කොමිසමේ සභාපතිනී අර්සලා වොන් ඩර් ලෙයන් පවසා සිටියේ යුරෝපා සංගමයේ මෙම වැසටහන සියලුදෙනාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වැඩසටහනක් වියයුතු බවයි.

    යුරෝපා කොමිසමේ ප්‍රධානී එහිදී පෙන්වා දෙනු ලැබුවේ මෙම නව වැඩසටහන යටත් ආයෝජන වලට සම්බන්ධ වන රටවලට ඉහළ විනවිදභාවයකින් සහ යහපාලනයකින් යුතුව ප්‍රයෝගිකව ප්‍රතිඵල අත්පත්කර ගැනීමට හැකි වන ව්‍යාපෘති ක්‍රියාත්මක කළයුතු බවයි.

    ඒ අනුම ඉදිරියේදී මෙම වැඩසටහන් වැඩි අවදානයක් අප්‍රිකානු කලාපයට යොමු වීමටද නියමිත අතර චීනය ගෙන යන එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට විකල්පයක් ලෙස එය ක්‍රියාත්මක වීමට නියමිතය.

    චීනය මේවන විට සිය එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ඉන්දු පැසිපික් කළාපය, අප්‍රිකානු කළාපය මෙන්ම යුරෝපයද ආක්‍රමණය කර තිබේ.

    එම වැඩසටහන් යටතේ අදාල කළාප වල රටවල විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර එමගින් ප්‍රායෝගිකව අදාල රටවලට අත්වන ප්‍රතිලාභය විශාල ගැටලුකාරී වී තිබේ. ඒ අනුව මේවන විටත් අප්‍රිකානු කළාපයේ රටවල් රැසක් චීනයේ ණය උගුලකට හසුවී ඇත.

    මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේද දැක ගැනීමට හැකි අතර මේවන විටත අධික කිසිඳු ආර්ථි ප්‍රතිලාභයක් නොලබන විශාල ණය වාරික ගොවීමට සිදුවන ව්‍යාපෘති රැසක් ඒ අතරවේ.

    මේ අතර චීන මේවන විට යුරෝපා කළාපයේදී එවැනි අයෝජන කර ඇති අතර ග්‍රීසිය මේවන විට එහි විශාලතම ගොදුර බවට පත්ව තිබේ. ඒ අනුව ග්‍රීසියේ පරේයස් වරායෙන් තුනෙක් දෙකක් චීනයේ කොස්කෝ අයාතනය සතුය. එමෙන්ම ක්‍රෙයේෂියාවේද විශාල පාලමක් චීනය විසින් මේවන විටත් ඉදිකර ඇත.

    චීනය ගෙන යන මෙම වැඩපිළිවෙල ඉදිරියේදී ගෝලීය බලතුලනයටද බලපෑමක් ඇති කර හැකි අතර පසුගිය ජුනි මාසයේ පැවති ජී හත සමුළුවේදීද චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන පිළිබඳව වැඩි අවදානයක් යොමුවූ අතර එහිදී ඊට පිළියම් සෙවීමට එකවිය.

    රටවිරුවන් එවන සල්ලි හරියට මාරු කළොත් මහබැංකුවෙන් දිරි දීමනාවක්

    0

    විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවන මුදල් බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කර, අද (01) සිට ලබන 31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා එ.ජ. ඩොලරයකට රුපියල් 8.00ක අමතර දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන අමෙරිකානු ඩොලරයක් සදහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව මෙය ක්‍රියාත්මක ය.

    ඒ අනුව, 2021 දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා ලැබෙන මුළු දිරි දීමනාව එ.ජ. ඩොලරයකට රු. 10.00කි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන අතිරේක දිරිගැන්වීම් හේතුවෙන් විධිමත් බැංකුකරණ මාර්ග ඔස්සේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය වනු ඇතැයි ද, එමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

    ඒ අතරම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් පියවර ගනිමින් සිටි.

    එමගින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇත.

    ජනපති ප්‍රධානත්වයෙන් හෙට සිට ජනමාධ්‍යවේදීන්ට නොමිලේ පිදෙන රක්ෂණාවරණය

    0

    ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හඳුන්වා දුන් ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට Softlogic Life රක්ෂණ ඔප්පු ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පෙ.ව.10.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් හඳුන්වා දුන් මෙම ඇසිදිසි ජනමාධ්‍යවේදී රක්ෂණාවරණ ව්‍යාපෘතියේ පළමු වටය සඳහා මාධ්‍යවේදීන් 3000ක් මේ සඳහා තෝරාගෙන ඇත.

    සියළු මාධ්‍ය ආයතන නියෝජනය වන පරිදි මාධ්‍යවේදීන් 98 දෙනකුට හෙට රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරේ.

    “රට හදන සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය පිණිස ඉදිරිපත් කළ සුවිශේෂ යෝජනාවක් වන ජනමාධ්‍යවේදීන් උදෙසා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් “ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය” නමින් සැලසුම් කරන ලදී.

    අගති විරහිත හා සදාචාර සම්පන්න මාධ්‍ය භාවිතයේ වගකීම ඇතිව, ජනතාව වෙත නිවැරදි තොරතුරු සම්ප්‍රේෂණය කිරීමෙහිලා සුවිශාල කාර්යභාරයක් ඉටුකරන ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කැපවීම අගයමින් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව තහවුරු කිරීම ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘතියේ අරමුණයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පතක් හිමි,මාධ්‍ය ආයතනයකින් රක්ෂණාවරණයක් නොලබන මාධ්‍යවේදීන්ට මේ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව ලැබිණ.

    ඇසිදිසි රක්ෂණාවරණය යටතේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර, බාහිර ප්‍රතිකාර, අසාධ්‍ය රෝග සඳහා ප්‍රතිකාර, ශ්‍රවණාධාර හා ඇස් කණ්ණාඩි මිලදී ගැනීම වැනි අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සැලසේ.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ඇසිදිසි රක්ෂණාවරණ වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදනය රුපියල් මිලියන 100 ක් වන අතර මේ සඳහා ජනමාධ්‍යවේදීන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.

    අද සිට ගෑස් නිකුත්වෙන්නෙ ගඳ සුවඳ බලලයි

    0

    ගෑස් සිලින්ඩරයේ ගඳ සුවඳ පරික්ෂා කිරීමෙන් පසුව අද (01) පටන් වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

    එසේම ගෑස් සිලින්ඩර මෙරටට රැගෙන ඒමට පෙර නැව්වලදීම ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද එම සාකච්ජාවේදී එකඟත්වයට පැමිණ තිබේ.

    වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මෙලෙස රැස්වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවය.

    ඒ අනුව එම උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) පෙරවරුවේ මෙම හමුව පැවැත්විණි.

    එහි අරමුණවූයේ හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීම සහ ඊට විසදුම් විමසීමය.

    පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය.

    පාර්ලිමේන්තුවේදී විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳවද අදාළ පාර්ශව සම්බන්ධ කරගෙන මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇත.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතු කරමින් ඒවාට හැකි ඉක්මනින් ලිඛිතව හෝ පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

    මෙම සාකච්ඡාවට පැමිණ සිටි සියලු පාර්ශව වලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෑස් ටැංකි පිපිරීම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් ලබා ගැනිණ.

    මෙම සාකච්ඡාවට වෙළෙඳ අමාත්‍යාංශය, සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිමයුම් රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ලිට්රෝ ගෑස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීහුද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හිටපු මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ සහ ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥ නිමල්ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

    මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ, නිමල් සිරිපාලද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ යන ඇමැතිවරුන්ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙයට සහභාගි වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

    ඉන්දු-ලංකා මුදල් ඇමතිවරු අතර සාකච්ඡා

    0

    ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර අද (01) නවදිල්ලියේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

    එහිදී ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ ක්‍රම පිළිබඳ සොයාබැලුණු අතර ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගය පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ස්තුතිය පුද කළේය.

    වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥවරියක් වන නිර්මලා සීතාරාමන් මහත්මිය 2019 මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත.

    ඊට පෙර ඇය 2017 සිට 2019 දක්වා එරට ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. සීතාරාමන් මහත්මිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ස්වාධීන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කර ඇත.

    භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල ආටිගල මහතා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඇතුළු නිලධාරීහු ද සාකච්ඡාවට සහභාගි වූහ.

    ගෑස් අවුල ගැන ප්‍රමිති ආයතනය දැන් කියන දේ

    0

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය සදහන් කරන්නීය.

    ඒ සම්බන්ධයෙන් ඇගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    පැය 8 සේවයෙන් පසු බිඳ වැටීම් හදන්න එන්නෙ නෑ

    0

    තමන් සේවය කරනු ලබන පැය 8 ක සේවා කාලයෙන් පසුව සිදුවන හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.

    ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වනවිට අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතර අද (01) සිට අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක වේ.

    නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් 05 ක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 වැනිදා දහවල් 12 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවේ.

    ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය මේ බව සදහන් කළේ, අද පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    විදුලි සේවක වර්ජනය 08 දා

    0

    මෙරට බලශක්ති කේෂ්ත්‍රය ඇමරිකා එක්සත් ජනපද සමාගමකට පවරාදීමට එරෙහිව විදුලිබල මණ්ඩලයේ සේවකයන් (8) වැනිදා විරෝධතාවයක නිරතවන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

    ඒ අනුව එදිනට යම් හෙයකින් විදුලිය බිඳවැටීමක් සිදුවුවහොත් එය යථා තත්ත්වයට පත්කිරීමට පැය (24) ක කාලයක් ගතවනු ඇතැයිද ඔහු සදහන් කළේය.

    මෙය රට ගැන සිතමින් ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ගයක් බවද ඔහු සඳහන් කළේය.

    ගෑස් ගැන සොයන්න පත්කල ජනපති කමිටුව රැස්වේ

    0

    ගෑස් කාන්දුවීම්, ගිනි ගැනීම් හා පිපිරීම් පිළිබඳ විමර්ශනයට හා ඊට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (01) රැස්වී තිබේ.

    ඒ අතර ගෑස් සම්බන්ධයෙන් මේ වන විට මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන කරුණු සොයා බැලීමට වෙළද අමාත්‍යාංශයේ හදිසි උපදේශක කාරක සභාව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී ඇත.

    රිය අනතුරුවලින් දිනකට 8ක් මරුට – වින්දිතයන්ට වන්දිය වැඩි කෙරේ

    0

    හඳුනානොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දක්වාත් ,බරපතල තුවාල ලබන වින්දිතයින්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වාත් වැඩි කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇතිබව ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරයි .

    ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබාදුන් උපදෙස් මත මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වේ.

    අපරික්ෂාකාරි රිය ධාවනය, මත්පැන් ,මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය, ජංගම දුරකථන භාවිතය, අනාරක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කිරිම, ප්‍රමිතියකින් නොමැති හිස් ආවරණ පැලඳීම ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු බහුල වීමට හේතුවී ඇත.

    මාරක රිය අනතුරු වලට වගකිවයුතු වාහන අතර 42%ක් යතුරුපැදි වන අතර, 12% ක් ලොරි සහ ටිපර් රථ වේ.

    එමෙන්ම දිනකදී මියයන පුද්ගලයින්ගෙන් 40% ක් යතුරුපැදි කරුවන් වන අතර 30% ක් පදිකයන් හා 9%ක් පාපැදි කරුවන් බව දත්තවලින් හෙලිවී ඇත.

    මේ අතර අනතුරුවලින් 47%ක් සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ සිදුව ඇත.

    මෙම කරුණු හෙලිවූයේ මාර්ග අනතුරුවලට ලක්වූ වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයකදීය.

    ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 01(අද) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවති මෙම සැමරුම් උත්සවයේදී මාර්ග ආරක්ෂාව, රිය අනතුරු අවම කරගැනීම හා පදිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කටයුතු කල ක්‍රියාකාරී පුද්ගලයින්ට සමරු සහ මුල්‍ය සහන ලබාදීම සිදුකරන ලද අතර ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු 50% කින් අඩු කිරිම සඳහා මාර්ග ආරක්ෂාව පිලිබඳව ජාතික සභාව විසින් සකසන ලද ක්‍රියාකාරී සැලැස්ම එලි දැක්වීමද සිදුකරන ලදී.

    එමෙන්ම හඳුනානොගත් රියඅනතුරුවලින් මියගිය පුද්ගලයින්ගෙන් යැපෙන්නන් වෙනුවෙන් සහ බරපතල ලෙස අනතුරුවලට පත්වූවන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

    මෙම උත්සවයේදී කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, “මෝටර් සයිකල්වල තියෙන අනතුරු සංඛ්‍යාව තමයි වැඩිම. මේ රටේ රියඅනතුරුවලින් දවසකට අටදෙනෙකු මිය යනවා. මේ සඳහා ජාතික වශයෙන් වැඩපිලිවෙලක් සැකසිය යුතුයි”

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, මාර්ග ආරක්ෂාව පිලිබඳව ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    කොටි වළ දැමූ රත්තරන් සොයා ගිය ඇමති සම්බන්ධිකරණ ලේකම් තනතුරින් පහකරයි

    0

    එල්.ටි.ටී.ඊ. ය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු හී වලදමා ඇති රත්තරන් තොගයක් නීති විරෝධි ලෙස ගොඩ ගැනීමකට උත්සහ දැරූබවට චෝදනා එල්ලවන මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්ගේ සේවය අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් වහාම ක්‍රියාත්මකවන ලෙස අත්එිටුවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    “මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සම්බන්ධව විවිධ මාධ්‍යයන්හි පුවත් වාර්ථා පළවිය.
    එම වාර්ථාවන් හා සිද්ධීන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ගරු අමාත්‍යතුමා විසින් අදාළ අංශ වෙත ඉල්ලීමක් කර ඇත.
    තවද,මේ සම්බන්ධයෙන් සඳහන් වන සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය ගරු අමාත්‍යතුමා විසින් වහාම අත්හිටුවා ඇති බවද සඳහන් කරමි.“

    ඇමති බැසිල් සුලාබ් ජාත්‍යන්තර සංවිධානයේ සංචාරයක

    0

    ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ එරට සුලබ් ග්‍රම්, මහාවීර් එන්ක්ලේව්, පාලම් ඩබ්රි හි පිහිටි සුලාබ් ජත්‍යන්තර සමාජ සේවා සංවිධානයේ සංචාරයක නිරත වී තිබේ.

    බැසිල් රාජපක්ෂ මහතා එහි නිර්මාතෘ ආචාර්ය බින්දේෂ්වර් පතාක් හමුවිය.

    සුලාබ් ජාත්‍යන්තර සංවිධානය යනු ඉන්දියාවේ මානව හිමිකම්, පුනර්ජනනීය බලශක්ති යැපීම්, අපද්‍රව්‍ය කළමනාකරණය සහ අධ්‍යාපනය තුළින් සමාජ ප්‍රතිසංස්කරණ ආමන්ත්‍රණය කරන 50,000 ක ශක්තිමත් ස්වේච්ඡා බළකායක් පදනම් වූ සමාජ සේවා සංවිධානයකි.

    හිටපු මන්ත්‍රීගේ නරක් වූ සිරුර චාවකච්චේරි නිවසක

    0

    වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු යාපනය චාවකච්චේරි පොලිස් වසම් පිහිටි තනංකිලිප්පු අරුක්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකද මියගොස් සිටියදී අද (01) පෙරවරුවේදී සොයාගෙන තිබේ.

    පනස් හයවියැති සුබ්‍රමිණියම් සිවපාලන් නැමති අය මෙසේ මියගොස් ඇති අතර දින කිහිපයකට පෙර ඔහු මියගොස් ඇති බව පොලීසිය සැකකරයි.

    සිරුර නරක් වී ඇති මළ සිරුරෙන් වහනය වූ දැඩි දුගන්දය හේතුවෙන් ඒ ගැන ප්‍රදේශවාසියෙක් විසින් පොලීසියට කළ දැනුම් දීමකට අනුව කළ සොයා බැලීමේදී මෙම මළ සිරුර හමුවී ඇති බව යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා පැවැසීය.

    අක්කර 05 ක් පමණ පොල් ඉඩමක පිහිටි නිවසක් තුළ මෙම මරණය සිදුව සිදුව ඇති අතර හිටපු මන්ත්‍රීවරයා එම පොල්වත්ත සහ ඉඩමේ මුරකරු ලෙස කටයුතුකර තිබේ. ඉඩම හිමිව ඇත්තේ කාන්තාවකට බවත් ඇය විදෙස්ගතව සිටින බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    මෙම මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ දියණියද විදෙස්ගතව සිටින බව පොලීසිය සදහන් කරයි.

    මරණයට හේතුව අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.

    කොටි වළදැමූ රත්තරන් ගොඩගන්න ඇමති ලේකම්වරු දෙදෙනෙකුගේ උත්සහයක්

    0

    එල්.ටී.ටී.ඊ.ය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇතැයි කියනු ලබන රත්‍රන් තොගයක් අධිකරණ නියෝගයක් මත ගොඩ ගැනීමට සූදානම් වන විට පොලීසියටද බලපෑම්කර හොර රහසේ එම රත්තරන් තොගය ගොඩගැනීමට තැත්කළ ඇමැතිවරුන් දෙදෙනෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පිළිහක්කාර මහතා පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    එම පැමිණිල්ල ඊයේ අමාත්‍යා ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර ඒ මොහොතේම ලේකම්වරයා ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන පැවැත්වීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

    ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තුවේ දිවුරයි

    0

    ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුවරයකු ලෙස වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා පාර්ලිමේන්තු මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

    පසුගියදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද සමරසිංහ මහතාගෙන් හිස්වූ අසුන සඳහා මංජු ලලිත් වර්ණ කුමාර මහතා මෙලෙස දිවුරුම් දී ඇත.

    මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් මෙලෙස ඉල්ලා අස්විය.

    මෙම වසරේ පැමිණි සංචාරකයින් ගණන ලක්ෂය ඉක්ම වයි

    0

    මෙම වසරේ මෙතෙක් ගතවූ කාලය තුළ මෙරට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂය ඉක්මවා තිබේ.

    නොවැම්බර් මාසය අවසන් වන විට සංචාරකයින් 41,177 ක් පැමිණීමත් සමඟ මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට නොවැම්බර් 30 දක්වා පැමිණි සංචාරකයින් ගණන 101,872 ක් වන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    ඉන්දියාව, එංගලන්තය, රුසියාව, පාකිස්තානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, ඇමරිකාව, කැනඩාව, ඕස්ටේලියාව යන රටවලින් මෙම සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ජනවාරි මාසයේදී 1,682 දෙදෙනෙක්ද, පෙබරවාරි මාසයේදී 3,366 දෙදෙනෙක්ද, මාර්තු මාසයේදී 4,581 දෙදෙනෙක්ද, අප්‍රේල් මාසයේදී 4168 දෙදෙනෙක්ද, මැයි මාසයේදී 1497 දෙනෙක්ද, ජුනි මාසයේදී 1,614 දෙදෙනෙක්ද, ජූලි මාසයේදී 2,429 දෙදෙනෙක්ද, අගෝස්තු මාසයේදී 5,040 දෙදෙනෙක්ද, සැත්තැම්බර් මාසයේදී 13,547 දෙදෙනෙක්ද, ඔක්තෝබර් මාසයේදී 22,771 දෙදෙනෙක්ද වශයෙන් මෙම වසරේ සංචාරකයින්ගේ පැමිණීම වාර්තා වී තිබේ.

    චීනයේ යෝධ ගිනි බෝලය

    0
    A view of skyscrapers Shanghai Jin Mao Tower and Shanghai World Financial Center during a sunset in Shanghai, China November 23, 2021. REUTERS/Aly Song TPX IMAGES OF THE DAY

    2021 නොවැම්බර් 23 වැනි දින චීනයේ ෂැංහයි නගරයට හිරු බැස යෑමකදී දුටු අහස්-උස් ගොඩනැගිලිවල දසුනක්

    Photo by: Aly Song

    වැලිගම නිවසක ගින්නක් – දැරියක් මරුට

    0

    වැලිගම ප්‍රදේශයේ සිදු නිවසක සිදුවූ පිළිගැනීමක් හේතුවෙන් 8 හැවිරිදි දැරියක මියගොස් ඇතැයි වාර්තා වේ.

    ඊයේ රාත්‍රියේ නිවසේ එක් කොටසක ගිනිගැනිම සිදුව ඇති අතර ඒ හේතුවෙන් වහල කඩා වැටී ඇත.

    නිදා සිටි දැරිය සමඟ සිටි මිත්තණිය සහ දහතුන් හැවිරිදි වැඩිමහල් සොයුරිය දුවගෙන ගොස් දිවි බේරාගෙන තිබේ.

    මාතර ගිනි නිවීම් අංශය වහා පැමිණ ගින්න නිවීමට කටයුතු කළ ද වහලේ කොටස් වලට යටවී දැරිය මිය ගොස් ඇතැයි වාර්තා වේ.

    අද එන්නත් මධ්‍යස්ථාන 135ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 135කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 01.12.2021

    ගෑස් ගැන ලීට්‍රෝ වෙතින් උපදෙස් මාලාවක් – හදිසි ඇමතුම් අංකයකුත්

    0

    මේ දිනවල රට පුරා සිදුවන ගෑස් කාන්දුවීම් හේතුවෙන් පිපිරීම් වාර්තා වීම සැළකිල්ලට ගෙන ලීට්‍රෝ සමාගම විසින් පාරිභෝගිකයන් වෙත ආරක්ෂිතව ගෑස් භාවිතය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

    හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත 1311 හදිසි දුරකථන අංකය ද හඳුන්වා දී ඇත.

    ලීට්‍රෝ සමාගම විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.

    මහනුවර වායු දූෂණය වැඩියි

    0

    අධික වාහන ධාවනය හේතුවෙන් මහනුවර නගරයේ වායුගෝලය ඉතාම දූෂිත තත්ත්වයකට පත්ව තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ නිසා නාගරික ප්‍රදේශවල වායු ගෝලයේ පවතින කාබන් ප්‍රතිශතය මෙන්ම වාහනවල නළා ශබ්ද නැංවී⁣ම මැනීමේ නව උපකරණ මිල දී ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙන බවද ඔහු සදහන් කළේය.

    පරිසර අමාත්‍යාංශයේ නව ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    වාහන තදබදය පවතින වේලාවන්හිදී කොළඹ නගරයේ වාහනයක වේගය පැයට කිලෝමීටර් 06 දක්වා අවම අගයක් ගන්නවා.

    එමෙන්ම කොළඹ නගරය හැරුණු විට ගාල්ල, කුරුණෑගල හා මහනුවර ඇතුළු ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල දිවාකාලයේ විශාල වාහන තදබදයක් පවතිනවා.

    මේ වනවිට රජය වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. යම් විදියකින් තවත් වාහන ආනයනය කළහොත් සමහර විට වාහනය එක තැන පැය ගණනක් නතර කර සිටීමට සිදුවේවි.

    වාහනවලින් වැඩිපුරම කාබන් විමෝචනය සිදුවන්නේ වේගයෙන් ධාවනය වීමේ දී නොව එක තැන වාහන නතර කර සිටීම මතයි.

    හෙට සිට පැනවෙන කොවිඩ් සීමා මෙන්න..

    0

    හෙට (01) සිට ලබන 15 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

    නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙන් එකක පිරිසකට පමණක් වන අතර එම පිරිස 200 නොඉක්මවිය යුතු වේ.

    එළිමහන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 250ක් ලෙස ද සීමා කර තිබේ.

    අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින්.

    ඇමති බැසිල් දිල්ලියේ

    0

    දෙදින නිල සංචාරයකට අද (30) දින ඉන්දියාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි නුවරට ළඟා විය.

    මෙම සංචාරයේ දී මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

    ඉන්දීය ආයෝජන වැඩිවශයෙන් මෙරටට ලබාගැනීම කෙරෙහි එම සාකච්ඡාවලදී වැඩි අවධානය යොමුවනු ඇතැයිද වාර්තාවේ.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර්.ආටිගල මහතා ද මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇත.

    වසර 400 කට පසු නිදහසේ හුස්මගත් බාබොඩෝස්

    0

    වසර හාරසියයකට පසුව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස්ව බාබොඩෝස් රාජ්‍ය ජනරජයක් බවට ඊයේ පත්විය.

    ඒ අනුව මින් ඉදිරියට ස්වාධීන පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ බාබෙඩෝස් කටයුතු කරනු ඇති අතර එහි නව රාජ්‍ය ප්‍රධානියා ලෙස මීට පෙර එහි ආණ්ඩුකාරධුරය හෙබවූ සැන්ඩ්‍රා මේසන් පත් කරගනු ලැබීය.

    මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් චාල්ස් කුමරු එක්ව සිටි අතර එහිදී බාබෙඩෝස් රාජ්‍ය වහල්භාවයේ බිහිසුණු කෲරත්වයෙන් පීඩා විදීම පිළිබඳවද සිහිපත් කළේය.

    බාබෙඩෝස් ජනරජයක් බවට පත්වීම සිහිපත් කරමින් සිය ජාතික ධජය එසවූ අතර ඊට පෙර අවසන් වරට කිරීට නියෝජනය කරමින් ආචාර දැක්වීමක් සිදු කරනු ලැබීය.

    මෙම උත්සවය එරට වීරයින්ගේ චතුරශ්‍රයේදී පැවැත්වුනු අතර එය සාම්ප්‍රදායික ගැයුම් වැයුම්වලින්ද හැඩගැන්වී තිබීණි.

    බාබොඩෝස් රාජ්‍ය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 55ක් පිරීමට එම දිනයේදීම යෙදී තිබීම විශේෂත්වයක් වන අතර එහිදී ලෝව ප්‍රකට ගායිකාවක් වන බාබොඩෝස් හී උපත ලැබූ රියානා එරට ජාතික වීරවරියක් වශයෙන්ද නම් කරනු ලැබීය.

    පුපුරන ගෑස් ගැන සොයා විසඳුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක්

    0

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

    මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

    අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී තිබේ.