fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්LGBT ලිංගික පරිවර්තන ප්‍රතිකාරය කැනඩාවේ තහනම් වෙයි

    LGBT ලිංගික පරිවර්තන ප්‍රතිකාරය කැනඩාවේ තහනම් වෙයි

    පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය වෙනස් කිරීමට උත්සාහ කරන සහ වෛද්‍ය වෘත්තිකයන් විසින් හෙළා දැක ඇති සමලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකයින් (LGBT) සඳහා වන පරිවර්තන ප්‍රතිකාරය තහනම් කිරීමට කැනඩාවේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඊයේ ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    නව නීතිය මගින් දරුවෙකු මෙම පුරුද්දට ලක් කිරීම හෝ අකමැත්තෙන් කිසිවකු එයට යටත් කර ගැනීම නීති විරෝධී කරයි.

    අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ ලිබරල්වාදීන් මෙම පියවර යෝජනා කළද,
    එහි තීරණයට ආණ්ඩු සහ විපක්ෂ සැමගේ සවේදීභාවයත් අත්පොළසන් දීමටත් හේතු විය.

    පුද්ගලයන්ගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට අදහස් කරන පරිවර්තන ප්‍රතිකාරය පුළුල් ලෙස අපකීර්තියට පත්ව ඇත.

    සභාව ජුනි මාසයේදී පනතේ පෙර අනුවාදයක් සම්මත කළ නමුත් ටෘඩෝ සැප්තැම්බර් මාසයේදී මැතිවරණයක් කැඳවීමට නිසා සෙනෙට් සභාව එය ඉවත් කිරීමට එය අපොහොසත් විය.

    ඊයේ මෙම පනත සම්මත කර ගත් අවස්ථාවේ සභා ගර්භයේ හැඟීම්බර දර්ශන දැකගත හැකි විය.

    ලිබරල් මන්ත්‍රීවරු අනෙක් පසට ගොස් ඔවුන්ගේ කොන්සර්වේටිව් සගයන් සමඟ අතට අත දීමට සහ වැළඳ ගැනීමට කටයුතු කළ බව එරට පුවත් වාර්තා කරයි.

    කොන්සර්වේටිව් නායක එරින් ඕ’ටූල් ඔහුගේ දේශපාලන මණ්ඩලයට මෙම ගැටලුව සම්බන්ධයෙන් නිදහස් ඡන්දයක් ලබා දීමට ඉඩ ලබා දුන්නේය. නමුත් ලිබරල් මන්ත්‍රී සීමස් ඕ’රේගන් පවසන පරිදි පනතට ඒකමතික සහයෝගය ලැබීම පුදුමයට පත් කළ කරුණක් විය.

    LGBT ගැටළු සම්බන්ධයෙන් ටෲඩෝගේ විශේෂ උපදේශකයෙකු වන සංචාරක අමාත්‍ය රැන්ඩි බොයිසොනෝල්ට් මෙසේ පැවසීය: “කිසිවෙකුට වධහිංසා පැමිණවීමට එකඟ විය නොහැක. “එය දිවි ගලවා ගත් අයට හොඳ දවසක්, ඔවුන් අත්විඳින දේ වෙන කිසිවෙකුට සිදු නොවන බව දැන ගැනීමට.”

    මෙම ලිංගික පරිවර්තන චිකිත්සාවට කථන චිකිත්සාව, මෝහනය, විදුලි කම්පන සහ නිරාහාරය ඇතුළත් විය හැකිය.

    ඇමරිකානු වෛද්‍ය සංගමය මෙම ක්‍රමය හානිකර සහ අකාර්යක්ෂම ලෙස හඳුන්වයි.

    ජ්‍යෙෂ්ඨ සමලිංගික ලිබරල්වාදීන්, සමහරු කඳුළු සලමින් කියා සිටියේ ඡන්දයෙන් අදහස් කළේ LGBT ප්‍රජාවේ සාමාජිකයින්ට නැවත කිසි දිනෙක හිරිහැරවලට මුහුණ දීමට සිදු නොවන බවයි.

    පනත දැන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව විසින් අනුමත කළ යුතුය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.