fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයෙන් ලෝකය ගලවාගන්න යුරෝපා සංගමයෙන් අලුත් මෙහෙයුමක්

    චීනයෙන් ලෝකය ගලවාගන්න යුරෝපා සංගමයෙන් අලුත් මෙහෙයුමක්

    යුරෝප සංගමය විසින් චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහනට විකල්පයක් වශයෙන් යුරෝ බිලියන තුන්සියයක ගෝලීය ආයෝජනය වැඩසටහන් අද දින එළිදක්වනු ලැබීය.

    ගෝලීය දොරටවු නමින් හැදින්වෙන මෙම වැඩසටහන මෙම වසරේ සිට 2027 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර එමගින් වඩාත් විනිවිදභාවයකින් යුත් අයෝජන සහ යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩටසහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

    මෙම වැඩසටහන එළිදක්වමින් යුරෝපා කොමිසමේ සභාපතිනී අර්සලා වොන් ඩර් ලෙයන් පවසා සිටියේ යුරෝපා සංගමයේ මෙම වැසටහන සියලුදෙනාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වැඩසටහනක් වියයුතු බවයි.

    යුරෝපා කොමිසමේ ප්‍රධානී එහිදී පෙන්වා දෙනු ලැබුවේ මෙම නව වැඩසටහන යටත් ආයෝජන වලට සම්බන්ධ වන රටවලට ඉහළ විනවිදභාවයකින් සහ යහපාලනයකින් යුතුව ප්‍රයෝගිකව ප්‍රතිඵල අත්පත්කර ගැනීමට හැකි වන ව්‍යාපෘති ක්‍රියාත්මක කළයුතු බවයි.

    ඒ අනුම ඉදිරියේදී මෙම වැඩසටහන් වැඩි අවදානයක් අප්‍රිකානු කලාපයට යොමු වීමටද නියමිත අතර චීනය ගෙන යන එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට විකල්පයක් ලෙස එය ක්‍රියාත්මක වීමට නියමිතය.

    චීනය මේවන විට සිය එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ඉන්දු පැසිපික් කළාපය, අප්‍රිකානු කළාපය මෙන්ම යුරෝපයද ආක්‍රමණය කර තිබේ.

    එම වැඩසටහන් යටතේ අදාල කළාප වල රටවල විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර එමගින් ප්‍රායෝගිකව අදාල රටවලට අත්වන ප්‍රතිලාභය විශාල ගැටලුකාරී වී තිබේ. ඒ අනුව මේවන විටත් අප්‍රිකානු කළාපයේ රටවල් රැසක් චීනයේ ණය උගුලකට හසුවී ඇත.

    මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේද දැක ගැනීමට හැකි අතර මේවන විටත අධික කිසිඳු ආර්ථි ප්‍රතිලාභයක් නොලබන විශාල ණය වාරික ගොවීමට සිදුවන ව්‍යාපෘති රැසක් ඒ අතරවේ.

    මේ අතර චීන මේවන විට යුරෝපා කළාපයේදී එවැනි අයෝජන කර ඇති අතර ග්‍රීසිය මේවන විට එහි විශාලතම ගොදුර බවට පත්ව තිබේ. ඒ අනුව ග්‍රීසියේ පරේයස් වරායෙන් තුනෙක් දෙකක් චීනයේ කොස්කෝ අයාතනය සතුය. එමෙන්ම ක්‍රෙයේෂියාවේද විශාල පාලමක් චීනය විසින් මේවන විටත් ඉදිකර ඇත.

    චීනය ගෙන යන මෙම වැඩපිළිවෙල ඉදිරියේදී ගෝලීය බලතුලනයටද බලපෑමක් ඇති කර හැකි අතර පසුගිය ජුනි මාසයේ පැවති ජී හත සමුළුවේදීද චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන පිළිබඳව වැඩි අවදානයක් යොමුවූ අතර එහිදී ඊට පිළියම් සෙවීමට එකවිය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.