fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසර 400 කට පසු නිදහසේ හුස්මගත් බාබොඩෝස්

    වසර 400 කට පසු නිදහසේ හුස්මගත් බාබොඩෝස්

    වසර හාරසියයකට පසුව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස්ව බාබොඩෝස් රාජ්‍ය ජනරජයක් බවට ඊයේ පත්විය.

    ඒ අනුව මින් ඉදිරියට ස්වාධීන පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ බාබෙඩෝස් කටයුතු කරනු ඇති අතර එහි නව රාජ්‍ය ප්‍රධානියා ලෙස මීට පෙර එහි ආණ්ඩුකාරධුරය හෙබවූ සැන්ඩ්‍රා මේසන් පත් කරගනු ලැබීය.

    මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් චාල්ස් කුමරු එක්ව සිටි අතර එහිදී බාබෙඩෝස් රාජ්‍ය වහල්භාවයේ බිහිසුණු කෲරත්වයෙන් පීඩා විදීම පිළිබඳවද සිහිපත් කළේය.

    බාබෙඩෝස් ජනරජයක් බවට පත්වීම සිහිපත් කරමින් සිය ජාතික ධජය එසවූ අතර ඊට පෙර අවසන් වරට කිරීට නියෝජනය කරමින් ආචාර දැක්වීමක් සිදු කරනු ලැබීය.

    මෙම උත්සවය එරට වීරයින්ගේ චතුරශ්‍රයේදී පැවැත්වුනු අතර එය සාම්ප්‍රදායික ගැයුම් වැයුම්වලින්ද හැඩගැන්වී තිබීණි.

    බාබොඩෝස් රාජ්‍ය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 55ක් පිරීමට එම දිනයේදීම යෙදී තිබීම විශේෂත්වයක් වන අතර එහිදී ලෝව ප්‍රකට ගායිකාවක් වන බාබොඩෝස් හී උපත ලැබූ රියානා එරට ජාතික වීරවරියක් වශයෙන්ද නම් කරනු ලැබීය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.