fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවර වායු දූෂණය වැඩියි

    මහනුවර වායු දූෂණය වැඩියි

    අධික වාහන ධාවනය හේතුවෙන් මහනුවර නගරයේ වායුගෝලය ඉතාම දූෂිත තත්ත්වයකට පත්ව තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ නිසා නාගරික ප්‍රදේශවල වායු ගෝලයේ පවතින කාබන් ප්‍රතිශතය මෙන්ම වාහනවල නළා ශබ්ද නැංවී⁣ම මැනීමේ නව උපකරණ මිල දී ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙන බවද ඔහු සදහන් කළේය.

    පරිසර අමාත්‍යාංශයේ නව ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    වාහන තදබදය පවතින වේලාවන්හිදී කොළඹ නගරයේ වාහනයක වේගය පැයට කිලෝමීටර් 06 දක්වා අවම අගයක් ගන්නවා.

    එමෙන්ම කොළඹ නගරය හැරුණු විට ගාල්ල, කුරුණෑගල හා මහනුවර ඇතුළු ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල දිවාකාලයේ විශාල වාහන තදබදයක් පවතිනවා.

    මේ වනවිට රජය වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. යම් විදියකින් තවත් වාහන ආනයනය කළහොත් සමහර විට වාහනය එක තැන පැය ගණනක් නතර කර සිටීමට සිදුවේවි.

    වාහනවලින් වැඩිපුරම කාබන් විමෝචනය සිදුවන්නේ වේගයෙන් ධාවනය වීමේ දී නොව එක තැන වාහන නතර කර සිටීම මතයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.