fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පකිස්තානුවන් 07 ක් සමඟ මෙරටට මත්කුඩු රැගෙන පැමිණි යාත්‍රාවක් අල්ලයි

    පකිස්තානුවන් 07 ක් සමඟ මෙරටට මත්කුඩු රැගෙන පැමිණි යාත්‍රාවක් අල්ලයි

    පකිස්තානයේ සිට මෙරටට හෙරෙයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගෙන පැමිණෙමින් තිබූ ඉරානයට අයත් බහුදින යාත්‍රාවක් සමඟ ඉරාන් ජාතිකයන් 07 දෙනෙක් කොටුකර ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

    සති කිහිපයක් තිස්සේ ගැඹුරු මුහුදේ රැකවල් යොදා කළ මෙහෙයුමකින් පසු ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම වැටලීම කර ඇත්තේ ඉකුත් 06 වෙනිදාය.

    එහිදී නාවික හමුදාවේ ප්‍රහාර යාත්‍රා එම බහුදින යාත්‍රාවට ආසන්න වනවාත් සමඟ එහි සිටි ජාවාරම්කරුවන් යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොග මුහුදට හලා ඇති බව සඳහන්ය. එම මත්ද්‍රව්‍ය තොග මුහුදට දමන අයුරු ඡායාරූප සහ වීඩියෝගත කිරීමට නිලධාරීන්ට හැකිවී තිබේ.

    කෙසේ වෙතත් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී සිටි එම ජාවාරම්කරුවන් සහ යාත්‍රාව නාවික හමුදාව විසින් අද කොළඹ වරාය වෙත රැගෙන විත් ඇත.

    මෙම මෙහෙයුම දියත්කර ඇතේ මඩකලපුව කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මඩකලපුව කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ මෙහෙයැවීමෙනි.

    මෙයට පෙරද අවස්ථා දෙකකදී ගැඹුරු මුහුදේදී මෙම පොලිස් කණ්ඩායමේ තොරතුරු මත කළ වැටලීම් වලින් පකිස්තානුවන් 16 දෙනෙක් සමඟ හොරොයින් කිලෝ 506 ක සොයාගෙන තිබුණි.
    විමර්ශන වලින් හෙළිවී ඇති අතර මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ මේ වන විට ඩුබායි හී රැදී සිටින මෙරට ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් විසිනි. මේ වන විට වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන්වන්නේ ඔහු විසින් බවට තොරතුරුද විමර්ශන වලින් හෙළිවී තිබේ. එම ජාවාරමේ මෙරට නියෝජිතයන් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිවී ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන මේ වන විට සිදුකරමින් ඇත්තේ ජාත්‍යන්තරයේද සහය ඇතිවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.