fbpx
තවත්
    මුල් පිටුවCOVIDඩෙන්මාර්කය කොරෝනා වැටකඩුලු බිඳදමයි

    ඩෙන්මාර්කය කොරෝනා වැටකඩුලු බිඳදමයි

    ඩෙන්මාර්කය විසින් එරට තුල පනවා තිබූ සියලුම කොරෝනා මර්ධන සීමා පැනවීම් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව තව දුරටත් කොරෝනා වෛරසය සමාජමය වශයෙන් අවදානම්කාරී රෝගයක් නොවන බවටත් ඩෙන්මාර්ක රජය විසින් තීරණය කර ඇත.

    මෙම නවතම තීරණයත් සමඟ ඩෙන්මාර්ක වැසියන්ට තවදුරටත් මුඛ ආවරණ පැළඳීම, එන්නත්  කාඩ්පත් ලඟ තබා ගැනීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සහ නිරෝධායනය වීම යන කාරණා පිළිපැදීමට අවශ්‍ය නොවනු ඇත.

    යුරෝපා කලාපය තුල කොරෝනා පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත් කළ පළමු රට බවට ඩෙන්මාර්කය පත්වන අතර ඉදිරියේදී එරට වැසියන් දැඩි ලෙස කොරෝනා පරීක්ෂා කිරීමකදට භාජනය නොකිරීමටද රජය තීරණය කර තිබේ.

    ඔමික්‍රෝන් ප්‍රභේදය අසාදනය වූවන් විශල වශයෙන් වාර්තාවන තත්ත්වයක් පවතින විටත ඩෙන්මාර්කය මෙලෙස කොරෝනා වෛසරය නොසලමින් කටයුතු කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

    කෙසේ වෙතත් එරට රජය පවසන පරිදි මිලියන හයකට ආසාන්න ජනතාවක් වෙසෙන ඩෙන්මාර්කයේ මේවන විට කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබනුයේ පුද්ගලයින් 30කු පමණක් බවත් එබැවින් එරට ආසාදිතයින් ඉහළ ගියද රෝගයේ දරුනු බව පහව ගොස් ඇති බවද රජය වැඩිදුරටත් පෙන්වාදෙයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.