fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එළවළු මිල තවත් ඉහළට

    එළවළු මිල තවත් ඉහළට

    අංජනා මල්ලවාරච්චි

    වෙළඳපොලේ එළවළු මිල ගණන් තවමත් අධික ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් දිවයිනේ පිටපළාත්වල එළවළු මිල ගණන් ඉහළ යාම නිසා පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

    සෑම එළවළුවක්ම මිල රුපියල් 200 ඉක්මවා ඇති බව ද වාර්තා වේ.

    බෝංචි කිලෝවක් රුපියල් 190-220ක් අතර අලෙවි වන අතර කැරට් කිලෝවක මිල රුපියල් 230 ඉක්මවා තිබේ.

    බීට් රූට් කිලෝවක් රුපියල් 220 ඉක්මවා තිබෙන අතර ලීක්ස් කිලෝවක මිල රුපියල් 260 ඉක්මවා තිබේ .

    වම්බටු කිලෝවක් රුපියල් 200 දක්වා මිලකට අලෙවි කෙරේ.

    කොළඹ සහ තදාසන්න නගරවලත් දිවයිනේ පිටපළාත්වල සෑම එළවළු එකම මිල ඉහළ ගොස් ඇතැයි ද පාරිභෝගිකයෝ කියති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.