ජනපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භකර තිබේ.
ඒම පුද්ගලයන් අතර දේශපාලනඥයන් වැඩි දෙනෙක් සිටින බවත් ඒ් අය අතර පසුගිය ආණ්ඩුවල ප්‍රබල චරිත පවා සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් ඒකී මුදල් අවභාවිතයට අදාල ගිණුම් 24ක් සහ අන්තර්ජාලය මගින් සිදුකළ ඔන්ලයින් හුවමාරු 06ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාල නියෝගයක්ද ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.