තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආයුර්වේදයේ ගිණුමට රිංගා මිලියන 270ක් ඉස්සූ පවුලක්ම අල්ලයි

    ආයුර්වේදයේ ගිණුමට රිංගා මිලියන 270ක් ඉස්සූ පවුලක්ම අල්ලයි

    ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ මුදල් රුපියල් දෙකෝටි හැත්තෑලක්ෂයකට අධික මුදලක් චෙක්පත් මගින් වංචා කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ් සම්බන්ධයෙන් එහි ගිණුම් අංශයේ කළමනාකාර සහකාරවරයෙක් ඔහුගේ බිරිඳ හා නැගණිය සමඟ ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

    ගිණුම් අංශයේ කළමනාකාර සහකාරවරයා මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් ද බිරිඳ හා නැගණිය ඊට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ මුදල් 27,031,024.15ක මුදලක් චෙක්පත් මගින් ලබාගනිමින් මෙම වංචාව සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සැකකරුවන් තිදෙනා කැලණිය ගල් බොරැල්ලේ පදිංචිකරුවන්ය. සැකකරු අවුරුදු 35ක් වයසැති අයෙක් වන අතර සැකකාරියන් අවුරුදු 32 හා 25 වයස්වල පසුවන්නනියන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img