තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඇගළුම් සිසුවිය නයාරු වෙරළේ දිය නාමින් සිටියදී මුහුදට බිලි

    ඇගළුම් සිසුවිය නයාරු වෙරළේ දිය නාමින් සිටියදී මුහුදට බිලි

    පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණ නයාරු වෙරළේ දිය නාමින් සිටි ඇගළුම් පාඨමාලාවක් හදාරන සිසුවියක් ඊයේ (31) දහවල් දියේ ගිලී මියගොස් ඇත.

    වයස අවුරුදු 19ක් වන ඇය 16 දෙනෙකුගේ කණ්ඩායමක් සමඟ විනෝද චාරිකාවට එක්ව සිට ඇති බව කෝකිලායි පොලිසිය සඳහන් කළේය. ඒ් අතර ගුරුවරියන්ද සිට ඇත.

    තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන යන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා බේරාගැනීමට ගුරුවරියක් උත්සහ ගත් අවස්ථාවේදී ඇයද දිය පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. මෙහිදී නාවික හමුදාවේ නිලධාරීන් විසින් ගුරුවරියත් ගසාගෙන යමින් සිටි තරුණියකුත් බේරාගෙන ඇත. අනෙත් තරුණිය දියේ ගිලී ඒ් වන විටත් අතුරුදන්ව සිට ඇති බව පොලිසිය සඳහන් කළේය.

    ඒම තරුණිය සොයා නාවික හමුදා නිලධාරීන් සහ ප්‍රදේශයේ ධිවර ජනතාව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව අතුරුදන් වූ තරුණියගේ දේහය හමුවී තිබේ. එම සිරුරු නයාරු නාවික හමුදා කඳවුර පිටුපස වෙරළ තීරයට ගොඩගසා තිබී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img