රොටඹ අමිල නැමැති පාතාලයේ ප්‍රබලයා රුසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ් සම්බන්ධයෙන් නිල දැනුම්දීම් රුසියාව විසින් ජාත්‍යන්තර පොලිසිය මගින් ඉකුත් සතියේදී මෙරටට දැනුම්දී ඇත.
රුසියාවේදී රොටඹ අමිල කොටුවී ඇත්තේ ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කළ රතු නිවේදනයකට අනුවය. ඔහුව කොටුවන විට තවත් කිහිප දෙනෙක් සිට ඇතත් ඔවුන් ගැන කිසිදු දැනුම්දීමක් මෙරටට මෙතෙකන් සිදුකර නැත.
රොටඹ අමිල මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භකර ඇ.ති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාව විසින් අදාල ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයද ඇතිවය.
රොටඹ අමිල මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී ඔහු සම්බන්ධයෙන් මෙරට අධිකරණ විසින් ලබාදී ඇති තීන්දු ඔහුට එරෙහිව ඇති අපරාධ සම්බන්ධ වාර්තා ආදී තොරතුරු රැසක් ජාත්‍යන්තර පොලිස් ශාඛාව මගින් රුසියාවට යොමුකළ යුතුව ඇත. මෙම ක්‍රියාවලිය මාස දින 60ක් තුළ සම්පූර්ණ විය යුතුය. එසේ නොවුණහොත් රොටඹ අමිල මෙරටට නොලැබෙනු ඇත. පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසුවේ නිසි ක්‍රියාපිළිවෙත් අනුගමනය නොකිරීම හේතුවෙන් මෙරටට අවශ්‍යම පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් රැසක් ඒසේ නිදහස ලැබුවද දැන් එසේ සිදු නොවන බවය. රොටඹ අමිල කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද ඒම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
රොටඹ අමිල සමඟ කංජිපානි ඉම්රාන්, ලොකු පැටී යන පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම් කරුවන් 2024 වසරේ අගොස්තු මාසයේදී බෙලරූස් වලදී අත්අඩංගුවට ගත් බවට තොරතුරු මෙරටට වාර්තා වී තිබුණි. ඒ් බව නිල දැනුවත් කිරීම් සිදුනොවීය. බෙලරූස් රාජ්‍ය සමග නිසි ලෙස සම්බන්ධිකරණයක් සිදු නොවීම හේතුවෙන් මෙම පාතාලයේ අපරාධකරුවන් තිදෙනාට නිදහස ලැබුණු බවට තොරතුරු පසුව අනාවරණය විය.