දේශීය වෙළඳ පොළ සඳහා ආනයනය කරන ලද දෙවන වාහන තොගය පසුගිය සතියේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය.
ග්ලෝවිස්සෙන්චරි නමැති නෞකාවෙන් රැගෙන ආ වාහන තොගයේ, ශ්‍රීලංකාවෙළඳපොළසඳහා BYD වාහන 462ක් ඇතුළත්වූ අතර වාහන 669 ක් ප්‍රති නැව්ගතකර ඇත. ග්ලෝවිස්සෙන්චරි නෞකාව සඳහා HIP විසින් හසුරුවනලද මුළු වාහන ගණන 1,159 කි.
‘’කලාපයේ මෝටර්රථ සැපයුම් දාමයතුළ, විශේෂයෙන්ම වේගයෙන් වර්ධනයවන විද්‍යුත්වාහන (EV) වෙළෙඳ පොළතුළ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රසිද්ධවෙමින් සිටිනවා. එයට විශේෂ හේතුව, අපගේ මනා සංවිධනාත්මක භාවය මෙන්ම විද්‍යුත් වාහනවල අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂඥ ලෙස සකස්කරඇති නවීනතම සහ ආරක්ෂිත යටිතල පහසුකම්. විද්‍යුත් වාහන සඳහා උසස් තත්ත්වයේ පහසුකම් සැපයීමෙන් කලාපයේ මෝටර්රථ කර්මාන්තයේ වර්ධනය උදෙසා අපගේ කැපවීම සනාථ කරනවා,” යි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතුපිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සුඕ මහතා ප්‍රකාශකරයි.
සිංගප්පූරුවේසිටපැමිණි, කොරියානු ධජය යටතේ යාත්‍රාකරන ග්ලෝවිස්සෙන්චරි නෞකාව, HIP හි සිය මෙහෙයුම් සාර්ථකව නිමවා, ඕමානයේ සොහාර් වරාය වෙත ගමන් ආරම්භ කළේය.