තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයමහින්ද රනිල් එක්ක එකතු වෙන කතා පට්ටපල් බොරු

    මහින්ද රනිල් එක්ක එකතු වෙන කතා පට්ටපල් බොරු

    සජිත් මහින්ද රනිල් එකතු වෙන බවට විවිධ පුවත්පත්වල පුවත් පළ කරමින් ඇතත් එය සත්‍යයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සමගි ජන බලවේගයට කා එක්කවත් එකතු වෙන්න අවශ්‍ය නොවන බවත් සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයක් ලැබීම වැළක්වීම සඳහා ඇතමෙක් බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදී හෙතම මේ බව සඳහන් කළේය.

    අද වන විට රජය ව්‍යාජ සිරස්තල උපයෝගී කර ගෙන සමගි ජන බලවේගය විවිධ පක්ෂ සමග එකතු වෙන්න උත්සාහ කරන බවට ව්‍යාජ පුවත් මවන්නේ රජය සහ ජනාධිපතිවරයා ලැජ්ඡා නැතිව ඔවුන් දුන් මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කරමින් බව හෙතම කියා සිටියේය.

    ජනාධිපතිවරයා පැය ගාණක් අයවැය කතාව කරලා අයවැය අවසන් වන විටත් තවත් පැය ගාණක කතාවක් කරමින් දේශපාලන බල්ට් ගහන සංස්කෘතිය අවසන් යැයි පැවසුව ද සමගි ජන බලවේගය කවදාවත් බල්ටි ගහන අයට මුදල් වරදාන වරප්‍රසාද පිටරට සංචාර ලබා දී මන්ත්‍රීවරු නැවැත්තුවේ නැති බවත් කියා සිටියේය.

    ඒවා වුණ කාලයක් තිබූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ පවා හොද බල්ටි කාරයෝ සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39ක් ජනතා විමුක්ති පෙරමුණට ඉන්න කාලේ බහුතරයක් බල්ටි ගැසූ නිසා අනික් පක්ෂවලට ඇගිල්ල දික් කරන්න පෙර තමන් දිහාත් බලන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img