රුපියල් ලක්ෂ 325ක් වටිනා පොහොර අවස්ථා තුනකදී ලබාගෙන ඒ වෙනුවෙන් අගරු චෙත්පත් ලබාදෙමින් වංචාවක් සිදුකළ අම්පාර මධ්‍යම කඳුවරේ පදිංචි ව්‍යාපාරිකයකු පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 39ක් වන ව්‍යාපාරිකයා පළමු අවස්ථාවේදී එක්කෝටි පනස්තුන් ලකෂ හැත්තෑහය දහසක පොහොරද, දෙවැනි අවස්ථාවේදී රුපියල් තිස්තුන් ලක්ෂයක් වටිනා පොහොරද, තුන්වැනි අවස්ථාවේදී රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ හැත්තෑදහසක් වටිනා පොහොරද මිලදී ගෙන අගරු චෙක්පත් ලබාදී ඇති බව පොලිසිය සඳහන් කරයි.