මෙරට සංචාරයක් සඳහා පැමිණ කල්පිටියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින බ්‍රිතාන්‍ය ජාතික 58 හැවිරිදි කාන්තාවකට අතවර කිරීමක් සම්බන්ධයෙන් සැකපිට තරුණයක් දෙදෙනෙක් කල්පිටිය පොලිසිය ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.
කල්පිටියේ පදිංචිකරුවන් වන සැකකරුවන් අවුරුදු 19 හා 20 යන වයස්වල පසුවන්නන්ය.
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව කල්පිටිය නගරයේ සිට ත්‍රීරෝද රථයක් පදවාගෙන ඇය නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලය වෙත ගමන්කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මග හරස්කර ත්‍රීරෝද රථය නතරකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව බියට පත්ව ඇත. එහිදී යතුරුපැදියේ පැමිණි දෙදෙනා ඇය සමඟ ජායාරූපයක් ගැනීමට අවශ්‍ය බව පවසා ඇත. ඊට ඇය එකඟතාවය පළකිරීමෙන් පසු ඒ අතර සිටි අයෙක් මෙම කාන්තාවගේ මුහුණ සිප ගනිමින් ලිංගික අතරවර සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. ඇය එහිදී ඔහුව තල්ලුකර ත්‍රීරෝද රථයේ නැගී පළායමින් සිටියදී සැකකරුවන් ත්‍රීරෝද රථය පස්සේ යතුරුපැදියකින් හඹාවිත් ඇත. එහිදී ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව ඇති බව පොලිසිය කියයි.