ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට හොර රහසේ රැගෙන ආ කේරල ගංජා කිලෝ 400ක් ලොරි රථයක රහසිගත කුටියක සඟවා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් කිලිනොච්චිය පොලිිසියේ නිලධාරීන් විසින් ඊයේ (23) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම ලොරි රථය පොලිසිය විසින් නවතා පරීක්ෂාකර ඇත්තේ පරන්තන් සහ අලිමංකඩ අතර ප්‍රදේශයේදීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 34 හා 40 යන වයස්වල පසුවන කිලිනොච්චියේ පදිංචිකරුවන්ය.
පාර්සල් 182ක් ලෙස මෙම ගංජා තොගය තිබී ඇත්තේ ලොරි රථයේ බඳේ සකස් කළ රහසිගත කුටියකය. මෙම රථය යාපනය වඩුක්කෝට්ටේ සිට පැමිණ ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.