මුහුණු පොතින් දැන හදුනාගෙන විවහා පෙරොන්දු ලබාදෙමින් තරුණියක් මුණ ගැසීමට උඩුගම මධ්‍යම සමඟිගම පිහිටි නිවසකට නිතර ආගිය පුද්ගලයකු තරුණියගේ නිවසේ තිබුණු රන් භාණ්ඩ මුදල් හා ඒ.ටී.එම්. කාඩ්පක් සොරාගෙන ඇතැයි උඩුගම පොලීසිය සඳහන් කරයි.
විවහා පොරොන්දු දෙමින් උඩුගම තරුණිය මුණ ගැසීමට පැමිණි පුද්ගලයා හෝමාගම පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා විසින් පවුම් 05ක රන් මාලයක්, රුපියල් 22,000ක මුදලක්, ඒ.ටී.එම්. කාඩ්පත සමඟමෙසේ සොරාගෙන ඇති බව තරුණිය පොලීසියට කළ පැමිණිල්ලෙහි සඳහන් ය.