බම්බලපිටිය බෙතස්මා පෙදෙසේ පදිංචිව සිටින නීතීඥවරියගේ නිවසේ සිදුව ඇති රුපියල් ලක්ෂ 16ක රන් භාණ්ඩ සොරකමකට මෙහෙකාරිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර ඇත.
නීතීඥවරිය බම්බලපිටිය පොලීසියට ඊයේ පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ කාමරයේ අල්මාරියේ තිබුණු රන් භාණ්ඩ සමග මුදල් සොරාගැනීමට ලක්ව ඇති බවය.
ස්ටාලිං පවුම් 400ක් පවුම් 08ක් බර රන් අත්පළදනා 03ක්, මාලයක්, පෙන්ඩනයක්, කරාඹු ජෝඩු 02ක් සහ මුදු 02ක් සොරාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.