fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්181 ගිය යානයෙන් දිවි බේරුණේ දෙන්නගෙ ද ?

    181 ගිය යානයෙන් දිවි බේරුණේ දෙන්නගෙ ද ?

    බැංකොක් සිට දකුණු කොරියාව බලා පියාසර කළ 181 දෙනෙකු රැගත් ජෙජු එයාර් සමාගමේ මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 120 දෙනෙක් බව විදෙස් මාධ්‍ය තහවුරු කර තිබේ.

    අයහපත් කාලගුණය සහ කුරුළු රංචු පැටලීම මෙම අනතුරට හේතු වන්නට ඇතැයි දැනට බලධාරින් සැක පහළ කරන අතර යානය මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේ දී අනතුරට ලක්ව තිබේ.

    යානය ගොඩබානවිට ගොඩබෑමේ රෝද දිග හැරී නැති අතර එය නිරූපනයවන  වීඩියෝවක් ද මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ. අනතුරෙන් යානය මුළුමනින්ම පාහේ ගිනිගෙන විනාශ වී තිබේ. බරපතල තුවාල තත්ත්වයෙන් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ගේ පමණක් දිවි බේරී ඇතැයි එම තොරතුරු අනාවරණය කරයි.

    අනතුරෙන් විසිවී ගිය පුද්ගලයන් ඇත්දැයි මේ වනවිටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ. යානයේ කාර් ය මණ්ඩලයට අමතරව මගීන් 175ක් ගමන් කර ඇති අතර, ඉන් මගීන් දෙදෙනෙක් පමණක් තායිලන්ත ජාතිකයන් වේ.

    මූලාශ්‍ර ද ෆෙනින්සුලා වෙතිනි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img