පෙම් සම්බන්ධයක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් විභාගකරමින් සිටියදී පෙම්වතිය සමඟ පැමිණි පිරිසක් ඊයේ පෙරියනිලාවනී පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළදී කලහාකාරී ලෙස හැසිරෙමින් පැමිණිල්ල විභාගකරමින් සිටි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාටද පහරදී තියුණු ආයුධයකින් කපා යකා නටා ඇත. මේ සම්බන්ධයෙන් පෙම්වතියත්, ඇගේ මවත්, මිත්තනියත්, ඥාති නැන්දනියකුත්, සහෝදරයන් දෙදෙනෙකුත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට තුවාල කල තියුණු තලයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම සිදුවීමට සම්බන්ධ බව කියන අත්අඩංගුවේ සිටින එක් සහෝදරයෙකුගේ බිරිඳක් ඇතුළු තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවටගත් සැකකරුවන් පිරිස පාණ්ඩිරිප්පුවේ පදිංචිකරුවන්ය. කැපුම් තුවාල ලැබූ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මරදමුණේ රෝහලට ඇතුලත්කර ඇති අතර ඔහුගේ මුහුණේද කැපුම් තුවාල ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. පෙම්වතිය 21 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර පෙම්වතා 22 හැවිරිදි වියේ පසුවන්නෙකි. දෙදෙනාම එකම ගමේ පදිංචිකරුවන්ය. පෙම්වතා මෙම සම්බන්ධය අතහැර දෙමාපියන්ගේ පෙරැත්ත මත විවාහයක් කරගෙන මඩකලපුවේ පදිංචියට ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. පෙම්වතා විවහායක්කරගෙන ගිය පසු ඔහු තමාගේ පස්සෙන් පැමිණෙන බවත් මුහුණු පෙතෙන් තමාට අපහාසකරන බවත් සඳහන් කරමින් පෙම්වතිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබී ඇත. මෙම පැමිණිල්ල විභාග කිරීමට දෙපාර්ශවයටම ඊයේ උදෑසන පොලීසියට පැමිණෙන ලෙස දැනුම්දී තිබී ඇත. පෙම්වතා සිය මව සහ බිරිඳ සමඟ උදෑසන නියමිත වේලාවට පොලිස් ස්ථානයට පැමිණ ඇතත් පැමිණිලිකාර පෙම්වතිය පැමිණ ඇත්තේ සවස් කාලයේදීය. එතෙක් පෙම්වතා පොලිස් ස්ථානයට වී රැදී සිට ඇත්තේ පෙම්වතිය පොලීසියට පැමිණෙන බව පොලීසියට දැනුම්දී තිබීම හේතුවෙනි. සවස ඇය විවිධ පැමිණිලි අංශයට පැමිණ ඇත්තේද සිය මව, මිත්තනිය, නැන්දා, සහෝදරයාගේ බිරිඳ සහ සහෝදරයන් දෙදෙනෙක් සමගිනි. ඊට අමතරව පොලිස් ස්ථානයට පිටතින් තවත් පිරිසක් ඇගේ සහයට පැමිණ රැදී සිට ඇති බවද පොලීසිය කියයි. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා පැමිණිල්ල විභාග කිරීමට සිය කාර්යාලයට දෙපාර්ශවයම කැදවා කටයුතු කරන අවස්ථාවේදී පෙම්වතිය ඇගේ පාදයේ දමාගෙන තිබුණු සෙරප්පුවක් රැගෙන පෙම්වතාට දිගට හරහාට පහරදීමට පටන්ගෙන ඇත. පෙම්තාගේ සහෝදරයාගේ බිරිඳ එම පහරදීම සිය ජංගම දුරකථනයෙන් පටිගතකරමින් සිට ඇත. පහරදීම වලක්වන්නට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා උත්සහගන්නා විට පෙම්වතිය සමග පැමිණ සිටි පිරිස ස්ථානාධිපතිවරයාටද පහරදීමට පටන්ගෙන ඇත්තේ පොලිස් ස්ථානයේ තිබුණු බඩු භාණ්ඩවලටද හානිකරමිනි. මෙහිදී පෙම්වතිය රැගෙනවිත් තිබුණු තියුණු තලයකින් පොලිස් ස්ථානාධිපතිවරයාව කපා තුවාල සිදුකර ඇත. මෙහිදී පොලිස් ස්ථානයේ රැදී සිටි සෙසු නිලධාරීන් එම ස්ථානයට දිවවිත් තත්ත්වය පාලනයකර කිහිප දෙනෙකු අත්අඩංගුවට නොගන්නට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේත් පෙම්වතිගේත් ජීවිතයට අනතුරක් වීමට තිබුණු ඉඩකල බොහෝ බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
පෙම් පලහිලව්වක් ගැන පැමිණිල්ල විභාගකරමි න් සිටියදී පෙරියනිලාවනී පොලීසියට මැර ප්‍රහා රයක් – විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති කැපු ම් තුවාල සහිතව රෝහලේ
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.