fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අපරාධ මට්ටුකරන්න එන අලුත් කාර්යාංශය

    අපරාධ මට්ටුකරන්න එන අලුත් කාර්යාංශය

    සංවිධානාත්මක අපරාධ කඩිනමින් විමර්ශන පවත්වා සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත්කර කිරීමට “ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය“ නමින් විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

    දැනට කිසිදු මෙහෙයුම් බලයක් නොමැතිව පොලිස් මූලස්ථානයට අනුයුක්තව ඇති “අපරාධ කොට්ඨාශය“ මෙසේ “මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය“ ලෙස පරිවර්ථනය කෙරන බව වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධික්ෂණයෙන් මෙම කාර්යාංශය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img