මාලිගාකන්ද අධිකරණ සංකීර්ණය අසලදී අධිකරණයේ සිට ගමන්කරමින් සිටි පුද්ගලයකු ඉලක්කර පසුගිය 14 වෙනිදා සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට 19 හැවිරිදි තරුණයකු කෙසෙල්වත්ත මිරානියා වීදියේදී කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොටහේන කොලේජ් විදීයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු මාලිගාකන්ද අධිකරණය අසල සිදුවූ වෙඩි තැබීමට ආධාර හා අනුබල දුන්නෙක් බව පොලීසිය සදහන් කරයි.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් ගමන් කළ බවට සැකකරන යතුරු පැදියක්ද පොලීසිය සොයාගත්තද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදිය වෙඩික්කරුවන් විසින් භාවිතා කර නැති බවය.
මෙම වෙඩි තැබීමෙන් කාන්තාවකට තුවාල සිදුවිය. එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
විදේශගතව සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.