අම්පාර ප්‍රාදේශීය පොලිස් රෝහලේ දී බහු කාර්ය නිලධාරිනියකගේ මුහුණ සිපගනිමින් ඇයට ලිංගික අතවරයක් සිදුකළ බව කියන පොලිස් සැරයන්වරයකු අම්පාර පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර පොලිස් ස්ථානයට අනුයුක්තව අම්පාර ප්‍රාදේශීය පොලිස් රෝහලේ හෙද සහයකයෙක් ලෙස මෙම සැරයන්වරයා සේවයේ නිරතවන අතර තුරදී මෙම ලිංගික අතවරය සිදුකර ඇතැයි පැවසෙන්නේ පසුගිය සැත්තැම්බර් 18 වෙනිදාය.
වයස අවුරුදු 46ක් වන බහුකාර්ය නිලධාරිනියට මෙම පොලිස් නිලධාරියා ලිංගිත අතවර කලායැයි කියැවෙන්නේ ඇය දත්ත ශල්‍යාගාරයේ පිරිසිදු කිරීම්වල නිරතව සිටියදී ඇගේ පසුපසින් ගොසින් බව පැමිණිල්ලෙහි සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැරයන්වරයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.