තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැපැල් දුම්රියේ ගැටුමින් හමුදාවේ 8ක් පොලිස් කූඩුවේ

    තැපැල් දුම්රියේ ගැටුමින් හමුදාවේ 8ක් පොලිස් කූඩුවේ

    බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කළහාකාරී ලෙස හැසුරුණු දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ හමුදා සෙබලු 08 දෙනෙක් බණ්ඩාරවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දූම්රියේ ගමන් කළ මෙම හමුදා සාමාජිකයන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී හා දුම්රිය තුළදී කළහාකාරී ලෙස හැසිරෙමින් පුද්ගලයකුට පහරදීමක් මුල්කරගෙන ඊයේ අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

    ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරකට අනුව වහාම බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ගොස් විමර්ශන පවත්වා සෙබලු 08 දෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    මෙම හමුදා සෙබලු ගලේවෙල, අත්තනකඩවල, තලංකැටිය, බිබිල, ආඬිගම, කඹුරුපිටිය, කහටගස්දිගිලිය, පොල්ගහවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 33ත් 25ත් අතර වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.

    දුම්රිය තුළදී ඇතිවුණු බහින්බස් වීමක් දුරදිග යමින් මගියෙකුට කළ පහරදීමක් සිදුව ඇති බවත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී එය පාලනය කිරීමට යාමේදී දුම්රිය සේවකයන්ට පවා ඔවුන් තර්ජනය කරමින් නොසන්සුන්ව හැසිරී ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img