fbpx
තවත්
    මුල් පිටුවspecialසිය ප්‍රාණ ඇපකරුවන් ඝාතනයෙන් ඊශ්‍රයාලය රත්වෙයි

    සිය ප්‍රාණ ඇපකරුවන් ඝාතනයෙන් ඊශ්‍රයාලය රත්වෙයි

    spot_img

    හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු ඊශ්‍රායල හමුදා සාමාජිකයින් විසින් සොයා ගැනීමෙන් පසු දස දහස් ගණන් ජනතාව ඊශ්‍රායලය විරෝධතාවයක නිතරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ රජය විසින් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට නිසි ලෙස ක්‍රියා නොකළ බවට සඳහන් කරමින් මෙලෙස රට පුරා විරෝධතා පැවැත්වීමට එරට වැසියන් පියවර ගෙන තිබේ.
    විරෝධතාකරුවන් ඊශ්‍රායල ධජය රැගෙන සාමාකාමීව විරෝධතා වල නිරත වුවද ඇතැමුන් පොලිස් බාධක පෙරලා දමමින් සිය අප්‍රසාදය රජය වෙත පළකර තිබේ. මේ අතර එරට වෘත්තීය සමිති විසින් රට පුරා වැඩ වර්ජන මාලාවක් පවත්වන ලෙසට ඉල්ලීමක් කර ඇත.
    ඊශ්‍රායල ආරක්ෂක අංශය සඳහන් කර සිටියේ ආරක්ෂක අංශ සමාජිකයින් ලඟාවීමට සුළු මොහොතකට පෙර ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කර තිබූ බවයි.
    ආරක්ෂක අංශ ප්‍රාණ ඇපකරුවන් මරණයට පත්ව ඇති බවට නිවේදනය කිරීමත් සමඟම රජයට එරෙහිව විරෝධතා ආරම්භ වූ අතර මේවන විට එම විරෝධතා වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    කෙසේවතත් ඇතැම් විරෝධතාකරුවන් විසින් මාර්ග වල ගිණි තැබීම් සිදුකරමින් සිය අප්‍රසාදය පළකර ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img