fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති සටනට 39ක් -මැකො නාමයෝජනා පිළිගනී

    ජනපති සටනට 39ක් -මැකො නාමයෝජනා පිළිගනී

    spot_img

    2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනාගේම නාමයෝජනා පිළිගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    විරෝධතා තුනක් ඉදිරිපත් කළද අදාළ විධිවිධානවලට අනුකූල නොවීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප විය.

    ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනාගෙන් 39 දෙනෙකු රාජගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද නාමයෝජනා භාරදුනි.

    නාමයෝජනා ක්‍රියාවලිය පෙරවරු 11.00 ට අවසන් විය.

    නාමයෝජනා වෙනුවෙන් විරෝධතා 03 ක් ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

    බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් නිෂ්චිත අපේක්ෂකයෙක් නම් කර නොමැත.

    ජානක ප්‍රියන්ත රත්නායක හට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් ඕෂල හේරත් සහ නිසංසලා කුමාරි යන අය විරෝධතා ඉදිරිපත් කර තිබුණි.

    නාමයෝජනාවට අද‍ාල විරෝධතා ප්‍රතික්ෂේප කර ඇති බව සභාපති එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේය.

    අද දින අපේක්ෂකයින්ට පෙරවරු 9.00 සිට 11.00 දක්වා මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාරදීමට ලබාදී තිබුණි.

    නාමයෝජනා භාරගත් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක විය.

    එහි දී විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබුණි.

    මෙවර ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාරගැනීමේ කාලය ඊයේ (14) දහවල් 12.00න් අවසන් විය.

    ඒ අනුව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ සඳහන් කළේය.

    නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සළකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කළේය.

    එහි දී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකෙරිණි.

    ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙවර ඡන්ද සලකුණ වන්නේ ගෑස් සිලින්ඩරය ලකුණ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img