ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම මාධ්‍ය ලේකම්වරයකු බොහෝ කලක් කටයුතු කළ ප්‍රදීප් අනුර කුමාර මහතා ඊයේ රාත්‍රි යේ (14) අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වනවිට 53 වැනි වියේ පසුවූ ඒ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
දේශපාලන මතය හැසිරවීමෙහිලා දක්ෂයකු වූ ප්‍රදීප් අනුර කුමාර මහතා, සති අග දේශපාලන රහස් කොළම් සඳහා තොරතුරු සම්පාදකයෙක් ලෙස ප්‍රසිද්ධව සිටියේය.
මිනුවන්ගොඩ,නාලන්දා විදුහලේ ආදි සිසුවකු වූ ඒ මහතා මාධ්‍ය කේෂ්ත්‍රයට පිවිසියේ දිවයින පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමිනි. අනතුරුව ජාතික රූපවාහිනීය, හිරු fm, හා දිනකර පුවත්පත්හි හෙතම සේවය කරනු ලැබීය.
ප්‍රදීප් අනුර කුමාර මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.
අභාවප්‍රාප්ත ප්‍රදීප් අනුර කුමාර මහතාගේ දේහය අංක 239/3, අරලිය උයන, මිනුවන්ගොඩ පාර, කොටුගොඩ ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.