2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කාලසීමාව අද මධ්‍යහ්න 12න් අවසන් වීමත් සමඟ තරග කිරීමේ අපේක්ෂාවෙන් ඇපමුදල් තැන්පත් කළ මුළු අපේක්ෂකයන් ගණන 40 ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කෙසේවෙතත් පසුගියදා රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව පවසා තිබුණේ රජයේ මුද්‍රණාලය සතු මුද්‍රණ යන්ත්‍රවලින් මුද්‍රණය කළ හැක්කේ උපරිම අඟල් 26 කින් යුක්ත ඡන්ද පත්‍රිකා බවත් එහි සඳහන් කළ හැක්කේ අපේක්ෂකයන් 36 දෙනෙකුගේ නම් පමණක් බවත් ය.
මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂයන් ගණන 36 ට වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව දිග වැඩිවීමෙන් මුද්‍රණ වියදම් තවත් ඉහළ යාහැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.
මෙම කරුණට අමතරව අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා මුද්‍රණය කරනු ලබන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම හේතුකොටගෙන පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණි.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කරන ලද සම්පූර්ණ ලැයිස්තුව පහතින්.
(Photo – File Photo)