fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාලබේ ගෙදරක අයිස් මත්ද්‍රව්‍ය හදලා -වැඩේ වැරදී 2ක් මරුට

    මාලබේ ගෙදරක අයිස් මත්ද්‍රව්‍ය හදලා -වැඩේ වැරදී 2ක් මරුට

    spot_img

    මාලබේ කහන්තොට පාර ප්‍රදේශයේ ජයන්ති මාවත නිවසක් තුළ දී විෂ ධූමයක් හේතුවෙන් දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එම නිවස තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් සිටියදී ඇතිවූ රසායනික ක්‍රියාවලියකින් පිටවූ විෂ දුමාරයකින් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවය.

    මේ බව අනාවරණය වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශයත් රස පරීක්ෂණ දෙපාර්තමේතුවත්, ශ්‍රී ලංකා පරිමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරිනුත් එක්ව කළ විමර්ශනයේදීය.

    මෙම නිවස තුළ රැදී සිටි දෙදෙනෙක් විෂ දුමාරයක් හේතුවෙන් අභිරහස් ලෙස මියගොස් ඇත්තේ ඊයේ දිනයේදීය.

    මෙම මරණවලට හේතු සොයා නිවස පරීක්ෂාකිරීමේදී එහි ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී මෙහි අයිස් නිෂ්පාදනය කර ඇති බව පෙනී ගොස් ඇත. තිබී ඇති රසායනික ද්‍රව්‍ය අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා ඒවා බව හෙළිවී තිබේ.

    අයිස් නිෂ්පාදනය කිරීමේදී ඇතිවූ රසායනික ක්‍රියාවලියක් හේතුවෙන් ඇතිවූ විෂ දුමාරයෙන් මියගොස් ඇත්තේ මාලබේ ජයන්ති මාවත ග්‍රීන් ටෙලිස් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු වන එම නිවසේ හිමිකරු වූ ජෝසප් මරියො නැටෙනියෝ (63) සහ මොනරාගල බකිනිගහවෙල බිබිල පාර 17 කණුව පදිංචිකරුවකු වන දිසානායක මුදියන්සේලාගේ සමන්ත පුෂ්පකුමාර (45) නමැති රියදුරෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img