රත්මලානේ පිහිටි ගුවන් ගමන් පාලක ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ Air Traffic Management (ATM) පද්ධතිය අද (14) උදෑසන සිට මුළුමනින්ම බිඳ වැටීම හේතුවෙන් අදාළ ගුවන් ගමන් සියල්ල දැනට කටුනායක මෙහෙයුම් මධ්‍යස්ථානය ඔස්සේ පාලනය වන බව වාර්තා වේ.
මෙම සංකීර්ණය තත්ත්වය හමුවේ සියලුම ගුවන් ගමන් පාලකවරුන් අදාළ තත්ත්වය යථා තත්ත්වයට පත්වනතුරු දැනට ක්‍රියාත්මකවන පද්ධතිය ඔස්සේ ආරක්ෂිත ගමනාන්තයක් කරා ගුවන් යානා මෙහෙයවීමේ කටයුතු ඉටු කරමින් සිටින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
රත්මලානේ Air Traffic Management (ATM) පද්ධතිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා දැනට කටයුතු කරමින් සිටින බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා පැවැසීය.
ඒ අනුව විදේශ රටකට සැබැඳි මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා අදාළ සන්නිවේදන කටයුතු ඉටු කර ඇති අතර මෙරට ඉංජිනේරුවන් ද Air Traffic Management (ATM) පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මේ දක්වා වෙහෙසෙමින් සිටිති.
ඉතා ඉක්මනින් අදාළ පත්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවනු ඇතැයි ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා විශ්වාසය පළ කළේය.
කෙසේ වෙතත් රත්මලාන ගුවන් ගමන් පාලකවරු ද මේ වනවිට ගුවන් ගමන් පාලනයට අදාළ රටවල් අතර සම්බන්ධීකරණය ඉටු කරමින් කටුනායක ගුවන් ගමන් පාලකවරුන්ට සහය වෙමින් සිටිති.