රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල
දෙවන පාසල් වාරය අවසන් කිරීම අනිද්දා (16) සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ඒ අනුව 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බව එම නිවේදනයේ සඳහන් වේ.