fbpx
තවත්
    මුල් පිටුවspecialජපාන ඇගමැති ඉල්ලා අස්වෙයි

    ජපාන ඇගමැති ඉල්ලා අස්වෙයි

    spot_img

    ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා විසින් තමන් අගැමති ධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව ඉදිරියේදී ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයෙ ලබන මාසයේ පැවැත්වෙන පක්ෂ නායකත්ව මැතිවරණයේදී තමන් තරඟ නොකරන බවත් නව නායකයෙකු තේරී පත් වූ පසු තමන් අගමැති භූමිකාවෙන් ඉල්ලා අස්වන බවද ජපාන අගමැතිවරයා සඳහන් කරයි.

    ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාවය කිෂිඩා අවධාරණය කළේය. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය වෙනසකට භාජනය වෙමින් පවතින බව පෙන්වීමට ඇති පැහැදිලිම මූලික ක්‍රියාමාර්ගය වන්නේ තමන් පසෙකට වීම බවත හෙතෙම පෙන්වා දී ඇත.
    ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට නායකත්ව තරඟයෙන් ජයග්‍රාහනය කරනු ලබන තැනැත්තා ජපාන පාර්ලිමේන්තුවේ පක්ෂයට ඇති බහුතරය හේතුවෙන් ස්වයංක්‍රීයව ජපානයේ මීළඟ අගමැති බවට පත්වනු ඇත.

    කිෂිඩාගේ තුන් අවුරුදු ධුර කාලය ඉතා යහපත් තත්ත්වයක නොතිබුණි. ඔහු ධුරය දැරූ කාල සීමාවේදී ජපානයේ ජීවන වියදම් ඉහළ යාම සහ ආරක්ෂක වියදම් වැඩි කිරීම මගින් දැඩි බලපෑමකට ලක්ව ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img