“අපි කරන්න ඕන දේ හරියටම කළා. ඒ නිසා අපි දෙන්නටම බැහැලා යන්න කිසිම දුකක් නෑ” යැයි හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දුන් තීන්දුවකින් අනතුරුව අමාත්‍ය ධුර සහ පාර්ලිමේන්තු ධුර අහිමි වූ මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඒ පිළිබඳ දැන් පැවැත්වූ විශේෂ හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ඊට සහභාගි වූ මනූෂ නානායක්කාර මහතා පැවසුවේ ජනතාව චෝදනා කළ වසර 76ටම හරියන්නට රටේ වැඩියෙන්ම වැඩකරපු අවුරුදු දෙක තුළදී සිය වගකීම් අකුරටම ඉටුකර සමුගන්නා බවයි.
ඔවුන්ගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.