තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කලපුවක ගිල්වා තිබූ කිලෝ ගණනක රත්රන් නාවික හමුදාව සොයාගනී

    කලපුවක ගිල්වා තිබූ කිලෝ ගණනක රත්රන් නාවික හමුදාව සොයාගනී

    කල්පිටිය තොරයඩි කලපුවේ නාවික හමුදාව විසින් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක් අඩංගු ඇසුරුමක් පසුගියදා(06) සොයාගෙන තිබේ.

    එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද (01) තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

    මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීතිවිරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරයි.

    ඒ අනුව, වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය තොරයඩි කලපුවේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම කර ඇත.

    නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව, ජාවාරම්කරුවන් විසින් මෙම රත්‍රං අඩංගු ඇසුරුම පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස තොරයඩි කලපුවේ ගිල්වා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

    තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගය සහ ඩිංගි යාත්‍රාව (01), ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img