fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්Hard Disk අස්සේ හංගා ඩුබායි හරහා ගුවනින් එවූ අයිස්

    Hard Disk අස්සේ හංගා ඩුබායි හරහා ගුවනින් එවූ අයිස්

    spot_img

    පරිගණක දෘඩංග ( Hard Disk ) 63ක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා පකිස්තනයේ සිට ඩුබායි හරහා ගුවන් තැපෑල හරහා ඩුබායි නිපුන නැමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් එවන ලද රුපියල් කෝටි 05කට අධික වටිනාකමක් ඇති අයිස් කිලෝ 05යි ග්‍රෑම් 112ක් ඊයේ (07) ගුවන්තොටුපොල පෞද්ගලික බන්ධිත ගුදමකින් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් සමත්විය.

    පකිස්තානයේ සිට මත්කුඩු ජාවාරම්කරුවන් විසින් මෙම Hard Disk වල සැඟවූ මත්කුඩු තොගය පාර්සල් දෙකක් ලෙස ඩුබායි වෙත යවා එහි සිට මෙරටට එවා ඇත්තේ ඩුබායි සිට ගෙන එන පාර්ස්වල මත්ද්‍රව්‍ය ඇතැයි සැකයක් ඇති නොවන නිසා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම මත්ද්‍රව්‍ය සැඟවූ Hard Disk තැටි තොගය සහිත පාර්සල් දෙක පකිස්තානයෙන් ඩුබායි වෙත යවා ඇත්තේ පසුගිය මැයි 04 වෙනිදාය. ඩුබායි සිට එම පාර්සල් දෙක මෙරටට එවා ඇත්තේ මැයි 18 වෙනිදාය.

    මෙම පාර්සල් දෙක පුද්ගලයින් දෙදෙනකුගේ නම් සහ ලිපින දෙකකින් මෙරටට එවා ඇති අතර ඒ ගැන කල්තියා තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබී තිබී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා දැනුත් කිරීමෙන් අනතුරුව විමර්ශනයක් ආරම්භකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුවේද සහය අතිවය.

    මෙහිදී මුලින්ම මෙම පාර්සල් දෙක මෙරටට එවා ඇති ලිපින දෙක පරීක්ෂාකර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ කඩුවෙල සහ මීගමුව කුරණ ප්‍රදේශයේ ලිපිනයන් දෙකක පුද්ගල නම් දෙකකට මෙම පර්සල් දෙක එවා ඇති බවය. එවැනි ලිපියන් එම ස්ථානයන්වල නොමැති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම පාර්සල් දෙක රැගෙන යාමට පුද්ගලයින් පැමිණෙන තුරු පරීක්ෂාකාරීව සිට ඇත. කාලයක් තිස්සේ බලා සිටියද එම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙක රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ විශේෂඥයින්ගේද සහය ඇතිව ඊයේ (07) එම පාර්සල් දෙක විවෘතකර ඇත.

    මුලින්ම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිල සුනඛ රෙක්සිට ඉව කිරීමට ඉඩදී ඇති බවත් එහිදී රෙක්සි එහි මත්ද්‍රව්‍ය ඇති බවට සංඥාව ලබාදී ඇත්තේ බිම පෙරලෙමින් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ අණදෙන නිලධාරී ජේ.ආර්. සේනාධිර, සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ මහතාගේ උපදෙසින් පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමට නායකත්වය ලබාදී ඇත.

    මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අද (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කරති .

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img