පුරප්පාඩු වී තිබෙන අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම අමාත්‍ය ධුරය තමා යටතේ තබාගැනීමට ජනාධිපතිවරයා අදහස් කළ බව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර සිටී.
අධිකරණ අමාත්‍ය ධුරය දැරූ විජේදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම නිසා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපෙප්ක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටී.
අදාළ ගැසට් නිවේදනය පහතින්.