එළැඹෙන ජනාධිපතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවට තීරණය කර තිබු ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා මහතා, තමන් ඒ සඳහා ඉදිරිපත් නොවන බව එම පක්ෂයේ මහලේකම්වරයාට අද(06) ලිපියක් යවමින් දැනුම් දී තිබේ.
ඒ අනුව ධම්මික පෙරේරා මහතා හෙට දින නැකතට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කිරීමට තිබූ හැකියාව මගහැරී යන අතර, ඒ වෙනුවට පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂක වශයෙන් ඇප මුදල් තැන්පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ධම්මික පෙරේරා මහතා අවසන් මොහොතේ මෙලෙස වෙනස්වීම හේතුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ඉතිරිව සිටින මන්ත්රීවරුන් රැසක් සිය අප්රසාදය පළ කර තිබෙන බවද නිව්ස්වේව් වෙත වාර්තා වේ.
ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ තුළ තවත් අර්බුදයක් ඇතිව තිබේ.
ධම්මික පෙරේරා මහතා පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට යවා තිබෙන ලිපිය මෙසේය.