දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සේවය කරමින් සිටියදී අතුරුදන් වූ සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක තිබී අද සොයාගෙන තිබේ.
සේවකයා ළිඳට වැටුණු ආකාරය පිළිබඳ තවමත් අපැහැදිලි ය.
දින දෙකක කාලයක සිට ඔහු අතුරුදන් බවට වාර්තා විය.
මෙම සේවකයා 49 හැවිරිදි අයෙකි.
සිය සගයාගේ අතුරුදන්වීමට බලධාරීන් නිසි පියවර නොගත්තේ යැයි විරෝධය පළකරමින් දුම්රිය සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ අද උදෑසන දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.