තෑගි වවුචර දෙමින් ජනාධිපතිතුමා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ව කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ව පහත් කණ්ඩායමක් ලෙස පෙන්වා දී ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
මාධ්‍යවේදීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා රට පුරා සිටින ජනමාධ්‍යවේදින් අද කොළඹට කැඳවා තිබිණි.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර ඉතා හොඳ සංවාදයක් පැවති අතර අමාත්‍යවරයා ඊට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියල තිබුණා තෑගි වව්චර් නොයෙකුත් දේවල් ලබාදීලා තවත් පන්දාහක වව්චර් පවා ලබාදීලා ඔබව මෙම අවස්ථාවට ගෙන්වලා තිබෙනවා කියලා.
මේ විදියට එතුමා ඔබතුමන්ලාව පහත්කොට තිබෙනවා යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසිය.