රස්නායකපුර පොලිස් වසමේ අඹගම්මන පිහිටි ආරාමයක වැඩ විසූ දසසිල් මාතාවක් ඇය සිටි ආරාමයේ කාමරය ගිනි ගැනීමෙන් පිළිස්සී මියගොස් ඇත.
මෙම ගින්න ඊයේ රාත්රී කාලයේ හටගෙන ඇති අතර ගින්නට හේතුවක් අනාවරණය නොවන බව රස්නායකපුර පොලීසිය සඳහන් කරයි.
පිළිස්සී මියගිය දසසිල් මාතාව අවුරුදු 70ක් වයසැති බවද පොලීසිය සඳහන් කළේය.