fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිපයේ දයාසිරි පාර්ශ්වයේ සහය සජිත්ට

    ශ්‍රීලනිපයේ දයාසිරි පාර්ශ්වයේ සහය සජිත්ට

    spot_img

    ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ අපේක්ෂක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දයාසිරි පාර්හ්වය තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ අද රැස්වූ එහි සංවිධායකයින් සහ පාර්ශවකරුවන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය විසින් පසුගියදා ප්‍රකාශ කොට තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනි් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බවයි.

    කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතා ද ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටී.

    ඒ වෙනුවෙන් ඔහු දරමින් සිටි අධිකරණ අමාත්‍ය ධුරයෙන් ද පසුගියදා ඉල්ලා අස්විය.

    විජේදාස රාජපක්ෂ මහතා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.

    එසේවුවද පසුගියදා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ දැනුම් දෙමින් විජේදාස රාජපක්ෂ මහතා කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෙන් තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img