වෙන්නප්පුවේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුව සිදුව හෝටලයකදී ඔහුගේ මිතුරෙකුද සමග පැහැරගෙන ගොස් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු හයදෙනකු සීදුව පොලියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකායේ වාකරේ කඳවුරේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකු සහ ගෝනහේන කඳවුරේ සේවයේ නිරත කොස්තාපල් රියදුරෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සෙසු සැකකරුවන් මහනුවර; කෑගල්ල, දියතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
වාකරෙන් අත්අඩංගුවටගත් පොලිස් සැරයන්වරයා මෙම කොල්ලයේ මහමොලකරු ලෙස හඳුනාගෙන තිබේ. එම සැරයන්වරයා ගම්පහ පදිංචිකරුවෙක් වන අතර කොල්ලකෑ මුදල් බෙදාගෙන ඇත්තේ ඔහුගේ නිවසේදීය.
රතු රසදිය විශාල ප්‍රමාණයක් ඇති බව සඳහන් කරමින් මෙම කොල්ලකල්ලියේ සැලසුමකට අනුව ව්‍යාපාරිකයාව සිදුවේ හෝටලයකට ගෙන්වාගෙන මෙම කොල්ලලය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මෙම කණ්ඩායම පොලිස් විශේෂ කාර්ය බලකා වෙසින් කොල්ලකෑම් රැසක් සිදුකර ඇතැයි විමර්ශන නිලධාරීන් සැකකරයි. කොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ පණහකට අධික මුදලක් ද සොයාගෙන තිබේ. පැහැරගැනීමට යොදාගත් වෑන් රථ දෙකක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිල ඇඳුම් දෙකක්ද අත් විලංගුවක්ද ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා නිල ඇඳුමින් සැරසුණු සිව් දෙනෙක් ඇතුළු අට දෙනෙකුගේ කණ්ඩායමක් මෙම කොල්ලය සිදුකර තිබුණි.