මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 45ක් මේ වනවිට ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ බහුතර පැමිණිලි සංඛ්‍යාවක් රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවයි.
මේ අතර මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් වසර පහෙන් පහට වෙනස් කිරීම වැදගත් කොමිසම සඳහන් කර තිබෙනවා.