පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මැණික් ව්‍යාපාරිකයකු පැහැරගෙන රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට සීදූව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.
මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය 29 වෙනිදා දහවල් කාලයේදී බව සීදූව පොලීසිය සඳහන් කරයි.
වෙන්නප්පුවේ පදිංචිකරුවෙක් වන මැණික් ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් ඇත්තේ සීදූව ලියනගේමුල්ලේ පිහිටි හෝටලයකදී මැණික් ගණුදෙනුවක් සිදුවෙමින් පැවතියදීය.
විශේෂ කාර්ය බලකායේ නිල ඇදුමට සමාන ඇදුම් හැදි සිව් දෙනෙක් ඇතුළු 08 දෙනෙකුගේ කණ්ඩායමක් මැණික් ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් නයිවලදී ඔහු සතුව තිබුණු රුපියල් කෝටි 02ක කොල්ලකා ඔහුව මහ මග දමා පළාගොස් ඇති බව පොලීසිය කියයි.