ගව සොරකමකට අත්අඩංගුවටගත් සැකකරුවෙක් නිදහස් කිරීමට රුපියල් ලක්ෂයක මුදලක් ලබාගත් බව කියන පොලිස් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට තංගල්ල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.
වැඩ තහනම් වන විට මෙම නිලධාරියා හම්බන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිට ඇති බව තංගල්ල පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළේය.
මෙම මුදල් ලබාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ සුද්දා නමින් ප්‍රසිද්ධ පුද්ගලයෙක් මගිනි. මේ ගැන පොලීසියට හරක් සොරකමට අත්අඩංගුවටගත් සැකකරුගේ බිරිඳ විසින් තංගල්ල පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා වැඩ තහනම් නියෝගය ලබාදී තිබේ.