fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිනකට ගබ්සාවන් 1000ක්?

    දිනකට ගබ්සාවන් 1000ක්?

    spot_img

    මෙරට ගබ්සාවන් 1000 ක් පමණ දිනකට සිදු වන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදු කළ සමාජ සමීක්ෂණයකින් තහවුරුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    කොළඹ ඇතුළු රට පුරා ප්‍රධාන බාලිකා ජාතික පාසල්වල සිසුවියන් ගබ්සා මධ්‍යස්ථානවලට පැමිණ ගබ්සාවන්ට යොමු වන බවට ගබ්සා මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණවලින් වාර්තා වී ඇති බව ඔහු පවසයි. ගුරුවරුන් හා දෙමාපියන්ගේ දැනුවත්භාවයකින් තොරව සිදු කරන මෙම අනීතික ගබ්සාවන් හේතුවෙන් තරුණියන්ගේ ජීවිත අවදානමට ලක් වන බව ද ඔහු කියයි.

    ප්‍රජනක සෞඛ්‍ය, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් තරුණ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබානොදීම නිසා මෙම ගැටලුව ඇති වී තිබෙන බවත් මෙරට ආර්ථික අර්බුදයත් සමග ග්‍රාමීය, අර්ධ නාගරික, වතු, තට්ටු නිවාස ආශ්‍රිත තරුණියන් වැඩි වශයෙන්ම මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් ලෙස ගබ්සාව හැදින්විය හැකි බවත් ඒ මහතා පවසයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img