fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විජේදාස රාජපක්ෂත් ජනපතිවරණයට

    විජේදාස රාජපක්ෂත් ජනපතිවරණයට

    spot_img

    ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

    ඒ අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

    “දැහැමි රටක්, නිවහල් හෙටක්, හරිත දේශයක්, නවමු මාවතක් අපි සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කරගත යුතුව ඇත. එය මෙහෙයවීමෙහිලා මම පෙර ගමන්කරුවෙක් වීමට සුදානම්ය. භාරතයේ අශෝක අධිරාජ්‍යා විසින් ස්ථාපනය කරන ලද ටැම් ලිපියක සඳහන් වන ‘සවේ මුනිසා ප්‍රජා’ යන පාලි පාඨයෙන් කියැවෙන පරිදි රටක පාලකයා සිය රට වැසියන් දරුවන් සේ රැකබලා ගත යුතුය යන උතුම් ආදර්ශ පාඨයට ගරු කරමින් එය යථාර්ථයක් කිරීමට මා දරණ උත්සාහයට ඔබගේ පුර්ණ ආශිර්වාදය බලාපොරොත්තු වෙමි. 2024 ජනාධිපතිවරණය යනු අප සැමගේ අනාගත ඉරණම තීන්දු කරන හැරවුම් ලක්ෂය වනු ඇත. ඔබගේ ඡන්දය මාතෘ භූමියේ පැවැත්ම හෝ වැනසීම තීරණය කරනු ලබන සාධකය වනු ඇත. ඔබේ ඉරණම විසඳීමට ඇති අයිතිය දේශපාලකයින්ට භාරදී ඔබ බලාසිටීම නිසා අද අප සැමට දුක්ඛිත තත්ත්වයක් උදාවී ඇත. මේ ලෝකය වෙනස් වෙනවා දැකීමට ඔබ කැමති නම් එම වෙනස කළ හැක්කේ අන් කවරෙකුටත් නොව ඔබටමය. මා මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ, ශ්‍රී ලංකා රාජ්‍යයේත් ශ්‍රී ලංකා ජාතියේත් විජයග්‍රහණය උදෙසාමය.” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img